IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


යාපනයේ සුබ සාධන මධ්‍යස්ථාන වසා නැවත පදිංචි කිරීම කඩිනම් කරන්නැයි උපදෙස්

යාපනය දිස්ත්‍රික්කයේ පවතින සුභසාධන මධ්‍යස්ථාන කඩිනමින් වසා දමා ඔවුන්ගේ කැමැත්ත පරිදි නැවත පදිංචි කිරීම් කඩිනම් කිරීමට වැඩපිළිවෙලක්  සකස් කර ඉදිරි දින කිහිපයේදී  වාර්තාවක් ලබා  දෙන්නැයි  ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා  ලබා දී තිබේ.

 ප්‍රජා  සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති නැවත පදිංචි කිරීමේ අංශයේ නිලධාරීන් සමඟ අද(09)  පැවති විශේෂ සාකච්ජාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

 අවතැන්වූවන්  සඳහා අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම, අවතැන්වූ සාමාන්‍ය ජනතාව නැවත පදිංචි කිරීම සදහා වූ වැඩසටහන් හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ඇතුළු උතුරු නැගෙනහිර අවතැන්වූ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම වැනි කරුණු ගැන මෙහිදී වැඩිදුර සාකච්ඡා  කෙරිණි.
දීර්ඝ කාලීනව අභ්‍යන්තරව අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති කලමණාකාර ඒකකය විසින් සිදුකරන ලද කාර්යයන් පිළිබදව නැවත සමාලෝචනයක් සිදුකර සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන මෙන්ද අදාළ නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා  දුන්නේය.

 උතුරු නැගෙනහිර සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිමේදී විශේෂයෙන් එම ජනතාවගේ අවශ්‍යතා හදුනාගෙන ඔවුන් අපේක්ෂා කරන වැඩසටහන් කෙරෙහි ප්‍රමුඛතාවය ලබා දීමට කටයුතු කරල ඒ සදහා වන නව ව්‍යාපෘති සැලසුම් කර ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
 
 ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ, මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.විලේන්ද්‍රන්, වවුනියාව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන්, ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ආර්.විජයලෙච්චමි මහත්මිය ඇතුළු නිලධාරිහූ රැසක් මෙම අවස්ථාවට එක් වූහ.



අදහස් (4)

යාපනයේ සුබ සාධන මධ්‍යස්ථාන වසා නැවත පදිංචි කිරීම කඩිනම් කරන්නැයි උපදෙස්

පිටිගල මිලානෝ Thursday, 09 January 2020 09:46 AM

වියත්මඟ දේශනාවේ හැටියටම පත් කෙරුණු උගත්, කිසිම වංචාවක් හෝ අකටයුතු ව්‍යාපාරයක් නොකරන ලාංකික බුද්ධිමත් ජනතාවගේ පිනටම පත්වුණු ඇමති කෙනෙක්.

:       0       0

Nalaka Thursday, 09 January 2020 10:21 AM

ගිය කලක්..................

:       2       39

GuneThursday, 09 January 2020 10:55 AM

කියල වැඩක් නෑ, එක ලොක්කෙක් මන්ත්‍රීවරයෙකුව බදා ගත්තහම බදාගත්තු දෙන්නම අමාරුවේ. තව ලොක්කෙක් මන්ත්‍රීවරයෙකුව බදා ගත්තහම බදාගත්තු දෙන්නම රජවෙනවා.

:       0       0

isuru Monday, 13 January 2020 09:35 AM

යාපනය දිස්ත්‍රික්කයේ පවතින සුභසාධන මධ්‍යස්ථාන කඩිනමින් වසා දමා විදෝ මන්දා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 554 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site