යාපනය බන්ධනාගාරයේ රඳවා සිටි ඉන්දීය ජාතිකයකු යාපනය රෝහලේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිදී පළාගොස් ඇතැයි යාපනය රෝහල් පොලීසිය පවසයි.

වීසා නොමැතිව නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටිමින් යාපනයේ වෙළෙදාමේ නිරතව සිටියදී අදාළ ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරනු ලැබ සිටියේය.