(එෆ්.අස්ලම්)
යාපනය අර්ධද්වීපය ආශ්‍රිතව සිදුවන ප්‍රචණ්ඩ හා සමාජ විරෝධී අපරාධ වලට ප්‍රධාන හේතුව ආවා සහ ධනු රොක් නැමති කල්ලි ද්විත්වය අතර පවතින ගැටුම්කාරී තත්වය යැයි පොලිසිය තමන් හා පැවසූ බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පැවසීය.
පළාතේ අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදුකරන විමර්ශන ප්‍රගතිය සම්බන්ධයෙන් සතිවාර්තාවක්ද තමන් වෙත ලබාදෙන ලෙස මෙහිදී පොලිස් ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් සිදුකළ බවද මහ ඇමතිවරයා සදහන් කළේය.
උතුරේ අපරාධ හා ප්‍රචන්ඩ ක්‍රියා ඇතුළු ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් උතුරු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු,යාපනය නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු ඇතුළු උසස් පොලිස් නිලදාරීන් හා සාකච්ඡාවක් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී පැවතිණි.
මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් පලකරමින් විග්නේෂ්වරන් මහතා මේ බව කියා සිටියේය.
එමෙන්ම සාකච්ඡාව සදහා පැමිණි පොලිස් නිලධාරීන් මෙකී කල්ලිවල සාමාජිකයින්ගේ සහ ඔවුන් තියුණු ආයුධ සහිතව සිටින ඡායාරූප මෙන්ම ඔවුන් භාවිතා කරන වාහනවල ඡායාරූප තමා හට පෙන්වමින් එම කල්ලිවල ක්‍රියාකාරීත්වය මේ වනවිට පාලනය කරගෙන තිබෙන බව පොලිසිය තවදුරටත් පෙන්වා දුන් බවද හෙතෙම කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය ප්‍රථමයෙන්ම කළ යුත්තේ මේ ජාතිවාදියාව අත්අඩංගුවට ගැනීමයි. මොහුට අපේ හමුදාව වුවමනා වන්නේ ඔහුගේ ආරක්ෂාව සම්බන්ධව ප්‍රශ්නයක් ඇතිවුනොත් පමණි. මොහු රාජ්‍ය ද්‍රෝහියෙක් ලෙස ක්‍රියා කල වාර අනන්තයි. නමුත් තවම මොහු නිදැල්ලේ සිටියි.
ඔබ මොන කල්ලියේද?