රොමේෂ් මධුෂංඛ
යාපනය මණියන්තෝට්ටම් ප්‍රදේශයේ කැලෑවක වළ දමා තිබූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 744 ක් ඇතුළු යුද උපකරණ තොගයක් සොයා ගත් බව යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් පවසයි.
යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මණියන්තොට්ටම්හි පිහිටි කැලෑවක පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සිදු කරන ලද කැණීමකින් වළදමා තිබූ අදාළ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 744 ක් සහ සේවානූල් තොගයක් සමඟ ඩෙටනේටර් 3 ක් තිබී හමු වී ඇත.
මෙසේ හමු වූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගය ඇතුළු යුද උපකරණ තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා යාපනය පොලීසියට බාරදීමට යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පියවර ගෙන තිබේ.
යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ වැඩබලන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක එම්.බී.ඉලංගසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් මෙම අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර යාපනය පොලීසිය ඒ පිළිබඳව වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජයකලා කටමැත දෙඩවීම සහ මෙම පුපුරන ද්‍රව්‍ය අතර යම් සම්බන්ධයක් ඇත්දැයි සොයා බැලිය යුතුය.
ඇස් ගෙඩි දෙකට හෙන ගහපු මිනිසුන්ට මේවා පේන්නේ නෑ කිව්වෙ ඒකනේ මං..