(රොමේෂ් මධුෂංඛ)
යාපනය තෙලිප්පලෙයි පොලිස් වසමේ ඊයේ (10) රාත්‍රියේ යතුරුපැදි කල්ලියකින් පැමිණි පිරිසක් තරුණයකුට තියුණු ආයුධ වලින් පහර දී පලා ගොස් ඇතැයි තෙලිප්පලෙයි පොලීසිය පවසයි.
තෙලිප්පලෙයි කලෙයිවානි පුස්තකාලය අසලදී ඊයේ (10) රාත්‍රී 8 ට පමණ මෙම පහර දීම සිදු කර තිබේ.
පහරදීමෙන් කැපුම් තුවාල ලබා ඇත්තේ තෙලිප්පලෙයිහි පදිංචි 19 හැවිරිදි රවිචන්ද්‍රන් ලක්ෂාණ් නැමැති තරුණයෙකි.
අදාල පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පහර කෑ තරුණයා පොලීසියට පවසා ඇත්තේ යතුරුපැදි කිහිපයකින් පැමිණි පිරිසක් එකවරම තමන්ට පහරදුන් බවත් ඔවුන් නාදුනන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාම කරන්නේ මුට්ටිය දාලා බලන එකයි.
උතුරු පළාතේ තියන හමුදා කදවුරු ඉවත් කරගන්න කට්ටියට උවමනා ඇයි කියලා දැන්වත් වැටහෙනවානම් හොදයි.