(ඉන්දිකා රාමනායක)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා සියලු යුද හමුදා කඳවුරු වල වෙනත් ඡායාරූප වෙනුවට ප්‍රදර්ශන කළ යුත්තේ රාජ්‍ය ලාංඡනය හා යුද හමුදා ලාංඡනය පමණක් බව හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දී ඇත.
රාජ්‍ය අයාතනව වල ඉන් ඉදිරියට ප්‍රදර්ශන කළ හැක්කේ රාජ්‍ය ලාංඡනය පමණක් බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කර තිබු නියෝගයකට අනුව මෙම පියවර ගෙන ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් සුමිත් අතපත්තු මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් සියලු කඳවුරු දැනුවත් කරන ලෙසට හමුදාපතිවරයා යුද හමුදා පිරිස් පාලන අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දී ඇති බවද අතපත්තු මහතා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට එහෙම වෙනත් දේවල් හමුදා කඳවුරුවල ප්‍රදර්ශනය කරලා තියෙනවද?
අනේ හොඳයි ....
අනිවාර්යයෙන්ම... පසුගිය දවස්වල කොටි කොඩි තියෙන්නත් ඇති...
කොහොමත් ආරක්ෂක හමුදාවට දේශපාලනය අදාළ නැහැනේ. බලයේ පවතින රජයට පක්ෂපාතිව ක්‍රියා කිරීම ඒ අයගේ වගකීම සහ යුතුකමනේ...