(විනීතා එම් ගමගේ)
ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඔසුසල් සඳහා බලපත‍්‍ර ලබා දීමේ ප‍්‍රමාදයක් පවතින බව ඔසුසල් හිමියෝ කියති.
අලූතින් අරඹන ඔසුසල් සඳහා බලපත‍්‍ර ලබාදීමේ සහ දැනට නිකුත් කර ඇති බලපත‍්‍ර අලූත් කිරීමේ දී මෙම ප‍්‍රමාදයක් පවතින බව වාර්තාවේ.
මේ වනවිට අලූත් ඔසුසල් හා පවතින ඔසුසල්වල බලපත‍්‍ර අලූත් කිරීම සඳහා ලැබුණු අයදුම්පත් 3500 කට ආසන්න ප‍්‍රමාණයක් අධිකාරියේ සිරවී ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
සමහර අවස්ථාවල බලපත‍්‍රයක් ඉල්ලා මාස අටකට අධික කාලයක් ඒ වෙනුවෙන් බලා සිටිය යුතු බවත් බලපත‍්‍ර නොමැතිව ඔසුසල් පවත්වාගෙන යාම නීති විරෝධී බැවින් තමන්ට බලපත‍්‍රය ලැබෙන තෙක් ඔසුසල වසා දැමීමට සිදුවන බවත් ඔසුසල් හිමියෝ පවසති.
මෙසේ බලපත් නිකුත් කිරීමේ ප‍්‍රමාදයක් පවතින්නේ මන්දැයි ලංකාදීප කළ විමසුමක දී, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරියෙක් සඳහන් කළේ කාර්ය මණ්ඩලයේ යතුරු ලේඛිකාවන් හිඟය නිසා මෙසේ බලපත‍්‍ර නිකුත් කිරීම ප‍්‍රමාදවන බවය.
එබැවින් මෙම බලපත‍්‍ර ලබාදීමේ කටයුතු ඉක්මන් කිරීමට යම් වැඩ පිළිවෙලක් සකස් කරන්නැයි ඔසුසල් හිමියෝ සෞඛ්‍ය බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.
COMMENTS
මේ කේතුමතී රාජධානියේ රැකියා විරහිත තරුණ තරුණියන් නැති නිසා සිංගප්පුරුවෙන් හෝ ගෙන්වා ගනිමු.
ඉන්න යතුරු ලියන්නියන්ට අතිකාල දීලා මේ වැඩය කරවා ගන්න පුළුවන්. දවසකට නිශ්චිත ප්‍රමාණයක් කරන්න කියලා ඒ සදහා අතිකාල ලබා දීමෙන් මේ ප්‍රශ්ණය මාසයකින් දෙකකින් නිමා කරන්න පුළුවන් ඒ සදහා පරීපාළකයන්ට බුද්ධිය තමයි අවශ්‍ය.
ඔය මෑන් පවර් ආයතනයක් හරහා යතුරු ලියන්නියකගේ සේවය ලබාගන්න බැරිද ?
ඔය යටිගිරියෙන් විශ්වවිද්‍යාල වල කෑගගහ ඉදලා ඊටපස්සේත් පාර දිගේ රස්සාවල් ඉල්ලලා කෑගහලා ආණ්ඩුවේ රස්සාවලට ගිහිල්ල පුටුවල වාඩි වුනාට මෙලෝ පරිපාලනයක් ගැන දන්නේ නැහැ. මේවගේ දෙයක් විසඳගන්න බැරි අය එලවන්න ඕන ඔය ආයතන වලින්.. මේ අය බාගයක් ඇත්තේ ගෙවල් වල උදේ 9 ට වැඩට එනවා 3.30 ට එලියට බහිනවා උදේ තේ , දවල් කෑම , හවස තේ වලට කාලය ගියහම වැඩ කරන්න වෙලාවක් නැහැ.. ලංකාව නැතිකරලා තියෙන්නේ කම්මැලි රාජ්‍ය නිලදාරීන්...
පොඩි ගානක් වියදම් කරානම් වැඩේට දවස් 3.
ඔය වැඩේට වෙනම ඇමති කෙනෙක් පත් කරමු. ජනතා සේවයනේ.
ලාංකිකයෙකුට තමන්ගේ රටේ ව්‍යාපාරයක් ආරම්භ කර ගැනීමට බලපත‍්‍රයක් ලබාගන්නට වසරකට අසන්න කාලයක් බලා සිටින්නට වෙන රටකට, විදේශ ආයෝජකයින් එයිද?
කටහැකර අය පිරිලා ඉන්න ඔය අමාත්‍යංශයේ පරිගණක යන්ත්‍ර ඇත්තෙම නැද්ද? හරියට කරනවා නම් එක්කෙනෙකුට ඔය වැඩේ කරන්න යන්නේ සති දෙකයි. මාස අටක් යනවා නම් (අමාත්‍යාංශය කිට්ටුව තියන), තව මාසයකට පස්සේ "ද සොයිසා ආර්යා රෝහලට යැව්වා නම් බබා හම්බවෙයි.