බී. ජී. චතුරංග
කිසිදු ආධාරකයක් නොමැතිව යතුරු පැදිය මත හිටගෙන පැයට කිලෝමීටර් හැටක හැත්තෑවක පමණ වේගයකින් අනුරාධපුරයේ සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 100 ක දුරක් ගමන් කරමින් 23 හැවිරිදි තරුණයකු පසුගිය (16දා ) ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමේ උත්සාහය සම්පුර්ණ කළේය.
ගොකරැල්ල පොල්ගොල්ල ආර්. එම් තරිඳු ඉෂාර අකලංක මැටිකුඹුරෙවිසින් මෙම දස්කම දක්වනු ලැබීය. පසුගිය 16 වන දා පෙරවරු 10.26 ට අනුරාධපුර දෙකේ කණුව හන්දිය ප්‍රදේශයෙන් මෙම ගමන ආරම්භ කළ ඉෂාර කුරුණෑගල, සාරගම වැව අසලින් ගමන නිම කළේය.
මෙම වාර්තාව පිහිටු වීමට ප්‍රථමයෙන් මාධ්‍යට වෙත අදහස් දැක්වූ තරිඳු ඉෂාර අකලංක මැටි කුඹුර,
‘‘ පොඩි කාලේ සිට යතුරු පැදි ධාවනය කිරීම සඳහා මට දැඩි උනන්දුවක් තිබුණා. දවසක් මා යතුරුපැදියේ හිටගෙන ගමන් කරන විට පොලිසියෙන් අල්ලලා එක් දිනක් පොලීස් සිර කූඩුවේ දැම්මා.
කූඩුවේදී මා හිතා ගත්තා මම කවදා හරි පොලිසිය නීතිය කළා වගේ, කවදා හෝ දවසක මගේ හැකියාවෙන් ඉදිරියට ගොස් ජය ගන්නවා කියලා. එදා මාව අත්අඩංගුවට ගත්ත පොලිස් නිලධාරියාට ගොඩාක් ස්තුතියි.
එම නිසා තමයි අද මෙවැනි වාර්තාවක් පිහිටුවීමට මට හැකියාව ලැබුණේ.
කවුරුත් කියල දුන්නේ නෑ. මම තමයි මේ සමබරතාව හොයාගත්තේ. යතුරුපැදි විතරක් නෙමෙයි ඕනෑම යතුරු පැදියක් මේ විදිහට මට ධාවනය කරන්න පුළුවන්.
විශේෂයෙන් මතක් කළ යුතුයි මගේ අම්මා, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ඇතුළු සියලුම ක්‍රීඩා නිලධාරීන්, මගේ යාළුවන් මෙම ගමනට මට ගොඩාක් උදව් කළා.ඉන්දියානු ජාතිකයෙක් 2015 වසරේදී තියපු ලෝක වාර්තාවක් තමයි අද දින මා විසින් බිඳ දමන්න සූදානම් වන්නේ. රන්නේශ් පාන්ඩේ කියන ඉන්දියානු ජාතිකයා කිලෝමීටර් 32 මීටර් 300 ක් පමණ දුර යතුරු පැදියේ හිට ගෙන ගමන් කර මෙම ලෝක වාර්තාව මීට පෙර තබා තිබුනා. ‘‘
අද දින කිලෝ මීටර් 100ක් ගමන් කර එම වාර්තාව මා විසින් බිඳ දමනවා යැයි පැවසීය. මෙම අවශ්‍යතාව සඳහා ක්‍රීඩා නිලධාරීන්, ගොකරැල්ල ප්‍රදේශ වාසින් දිවයින පුරා සිටින යතුරු පැදි ධාවනය සදහා ඇළුම් කරන විශාල පිරිසක් සහ බාගී වී සිටියහ.



COMMENTS
ඔබට ජය වේවා ......
මේ ක්‍රියාව මාර්ග නීතියට අනුකුල නොවේ.මෙය කරන්න ඕනේ පිට්ටනියක.
අනේ මංදා...... කිසිම තේරැමක් ඇති වැඩක් ද ඕක.
ආඩම්බරයි , තෙරුවන්සරනයි. ජයම වේවා....
ඔබ වෙනි පුතුන් ශ්‍රී ලංකාවට ආඩම්බරයක්
ගිනස් වාර්තාව පිහිටුවේ නෙද්ද ?
නියමයි!!!! ආඩම්බරයි ....
ජයෙන් ජයම වේවා
ඔබ දක්ෂ ලංකා මාතාවගේ අඩම්බර පුත්‍ර රත්නයක් ඔබට ජයන් ජයම වේවා පතමි
ලොවෙන් කෙනෙක් එක දෙයකට සමත් කියන්නේ ඒක තමයි. ඔබට ජය.
ගිනස් වාර්තාව තබපු එක ලොකු ආඩම්බරයක්...
ඔබට ජය වෙිවා ෴