(හර්ෂණ තුෂාර සිල්වා)

අධික වර්ෂාව නිසා ඇතිවී තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් ගංවතුරට කොටු වී සිටින ජනතාව මුදා ගැනීම සදහා අවශ්‍ය  යාත්‍රා සැපයීමට සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය මෙහෙයුම් කමිටුවක් පත්කර තිබේ.  

අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද (26) පැවැති හදිසි ආපදා කළමණාකරණ රැස්වීමේ දී ගන්නා ලද තීරණයකට අනුව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම මෙහෙයුම් කමිටුව පත් කර ඇත.

ඒ අනුව අධික වර්ෂාව නිසා හදිසි ආපදා තත්ත්වලට ලක්ව සිටින පිරිස් මුදා ගැනීම අවශ්‍ය යාත්‍රා සැපයීම මෙම මෙහෙයුම් කමිටුවේ කාර්යභාරය වේ. 

යාත්‍රා අවශ්‍ය නම්  අධ්‍යක්ෂ එච්. එම්. පාලිත - (0716453402), එම්. අධ්‍යක්ෂක මාර්කස් (0774-652278) හා අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ කටයුතු සදහා -ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් කපිල ජනක බණ්ඩාර - (0773410575)  යන මහත්වරුන්ගේ දුරකතන අංකවලට දැනුම්දීමෙන් අවශ්‍ය සහයෝගය හා යාත්‍රා ලබාගත හැකි බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.