IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


යතුරුපැදි-වෑන් අනතුරින් තරුණයෙක් මරුට

( කේ බුද්ධික කුමාරසිරි )

හෝමාගම - මොරගහහේන මාර්ගයේ පිටිපන හල්ගහදෙනිය ප‍්‍රදේශයේදී අද (24)  යතුරුපැදියක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදියෙහි ගමන් ගත් තරුණයින් දෙදෙනෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු  එක් තරුනයෙකු මිය ගොස් ඇතැයි හෝමාගම පොලිසිය පවසයි

තුවාල ලබා රෝහලට ඇතුළත් කරන ලද අනෙක් තරුණයාද බරපතල තත්වයෙන් රෝහලේ ප‍්‍රතිකාර ලබන බවත් පොලිසිය පවසයි

මිය ගිය තරුණයා තවත් මිතුරෙකු සමග හෝමාගම ප‍්‍රදේශයට පැමිණ යළි නිවස බලා යාමේදී අනතුර සිදු වූ පිටිපන, හල්ගහදෙනිය ප‍්‍රදේශයේදී එම දෙසටම ගමන් ගත් ති‍්‍ර රෝද රථයකට ඉස්සර කිරීමට යාමේදී තලගල දෙස සිට ඉදිරියෙන් පැමිණි වෑන් රථයේ ගැටී අනතුර සිදුව ඇතැයි කළ මූලික විමර්ශණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

අනතුරට ලක් වූ තරුණයින් සාදයක් පවත්වා ඒ සදහා තවත් අවශ්‍ය වූ ද්‍රව්‍ය කිහිපයක් රැගෙන ඒම සදහා හෝමාගම ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවත් අනතුර සිදුවන අවස්තාවේදී යතුරුපැදියෙහි ගමන් ගත් තරුණයින් දෙදෙනාම ආරක්ෂිත හිස් ආවරණ පැළඳ නොගෙන ගමන් කර ඇති බවත් එම දෙදෙනාම මත්පැන් පානය කර ඇති බවට සැක කල හැකි සාක්ෂි හමු වී ඇති බවද හෝමාගම පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසීය

මෙලෙස මිය ගොස් ඇත්තේ වැළිමඩ, පේරවැල්ල වැරැල්ලන්ද ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන රත්නායක මුදියන්සේලාගේ දර්ශණ නිවන්තක නමැති 30 හැවිරිදි අවිවාහක තරුණයෙකි.

ඔහු මෝටර් කාර්මිකයෙකු ලෙස රැකියාව කරමින් මොරගහහේන බෙරුකැටිය ප‍්‍රදේශයේ ඥාති නිවසක පදිංචිව සිට ඇති බවද පොලිසිය පවසයි.



අදහස් (0)

යතුරුපැදි-වෑන් අනතුරින් තරුණයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 154 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1008 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site