IMG-LOGO

2025 මාර්තු මස 17 වන සඳුදා


‘මා කිසිවක් දන්නේ නැහැ’ - රවී

(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

කොල්ලූපිටියේ ‘මොනෑක් එපාර්ට්මන්ට්‘හි නිවස මුලින් බදු ගැනීම හා පසුව මිලට ගැනීම පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවත් එම නිවස මිලට ගැනීමට කටයුතු කර ඇත්තේ තම බිරිඳ හා වැඩිමහල් දියණිය අධ්‍යක්‍ෂධුර දරන සමාගමෙන් යැයි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා බැඳුම්කර කොමිසම හමුවේ අද (02) පැවසීය.

එම නිවස ගැන තමා මුලින්ම දැනගත්තේ බද්දට ගත් එම නිවසේ පදිංචියට ගිය දිනයේ දී යැයිද කී  කරුණානායක මහතා තමා බිරිඳ හා දියණියන් තිදෙනා සමඟ හොඳ පවුල් ජීවීතයක් ගත කළත් සෑම තොරතුරක්ම තමන්ට දැනුම් දෙන්නේ නැතැයිද වැඩිදුරටත් කීය.

කොමිසමෙන් දැනුම් දීම් කළ තුන්වැනි දිනයේදී කොමිසම හමුවේ පෙනී සිටි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් පැය 4 1/2 ක පමණ කාලයක් පුරා ඔහුගෙන් සාක්කි විමසීය.

 කොමිසමේ සාක්කි කූඩුවට ගොඩ වු විගස කොමසාරිස්වරුන්ට ‘සුභ උදෑසනක්’ ප්‍රාර්ථනා කළ  කරුණානායක මහතා මීට පෙර කොමිසමෙන් කළ දැනුම් දීමට අනුව කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි වීම සම්බන්ධයෙන් කොමිසමෙන් සමාව ඇයැද සිටියේය.

ඒ අවස්ථාවේදී කරුණානායක මහතා ඇමතූ කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත‍්‍රසිරි මහතා ඔබගේ නීතීඥවරයා කොමිසම හමුවේ පෙනී සිටිමින් ඔබට ඇති අපහසුතාවය දැනුම් දුන්නේ යැයි කීය.

අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකථනයට අදාළව ලබාගත් ඩිජිටල් වෝහාරික පරීක්‍ෂණ වාර්තාවේ රවී කරුණානායක මහතාට අදාළ කොටස කොමිසමට ඉදිරිපත් කරමින් ‘ගරු රවී’ සහ ‘ආර්.කේ.’ යනුවෙන් සඳහන් කරමින් යවනු ලැබු එස්.එම්.එස්. පණිවුඩ ගැන කරුණානායක මහතාගේ අවධානය යොමු කරනු ලැබුවත් ඒ පිළිබඳ කිසිවක් තමා නොදන්නේ යැයි පැවසීය.

අර්ජුන් ඇලෝසියස් සහ අර්ජුන් ඇලෝසියස් එක හා සමාන කාල පරාසයක් තුළ අවස්ථා 13කදී සිංගප්පුරූ ගිය බවටද එක් අවස්ථාවකදී අමාත්‍ය රවී කරුණානායක මහතා සහ අර්ජුන් ඇලෝසියස් එකම දින එකම ගුවන් යානයකින් සිංගප්පුරූ ගිය බවටද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා වාර්තා පෙන්නුවේය.

තමාගේ මතකයට අනුව අර්ජුන් ඇලෝසියස් සිංගප්පුරූවේදී හමුවුයේ එක් අවස්ථාවකදී පමණක් යැයි කී කරුණානායක මහතා අර්ජුන් ඇලෝසියස්ගේ සීයාගේ කාලයේ සිට ඔහුගේ පරම්පරාවේ අය දන්නා නමුත් අර්ජුන් ඇලෝසියස් සමඟ පෞද්ගලික හෝ ව්‍යාපාරික සම්බන්ධතා පවත්වන්නේ නැතැයි වැඩිදුරටත් කොමිසම හමුවේ පැවසීය.

මේ අතර කොමිසමේ සාමාජික විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා අමාත්‍ය රවී කරුණානායක මහතා අමතමින් මේ සියල්ලටම තමන්ගේ පිළිතුර වන්නේ ‘මා කිසිවක් දන්නේ නැහැ’ නේදැයි විමසු විට ඊට ‘ඔව්’ යනුවෙන් අමාත්‍ය රවී කරුණානායක මහතා පිළිතුරු දුන්නේය.



අදහස් (53)

‘මා කිසිවක් දන්නේ නැහැ’ - රවී

lalith Wednesday, 02 August 2017 12:55 PM

මේ වගේ තමගේ පවුලයි, ළමයයි, කරන දේ වත් නොදන්නා කෙනෙකුට අමාත්‍යංශයක් දීල කොටි දෙකක් ජනතාවට වෙන දේ මොකක්ද කියල තේරෙන්නේ නැතිද? මොකද ඔය කලිසමේ පැල්ලමක් කියල ඇහුවම කියයි එකත් මම දන්නේ නැහැ කියල.

:       108       1659

raveendraWednesday, 02 August 2017 01:58 PM

මෙවන් " නුමිනිසුන් " මෙපින්බිමේ සිටීමත් පාපයකි.

:       65       497

kamalWednesday, 02 August 2017 03:46 PM

මොන පින්බිමේද? මේක පින් බිමක් වෙලා තියෙන්නේ දේශපාලකයන්ට....

:       0       58

raveendra Wednesday, 02 August 2017 12:56 PM

අනේ මේ අහිංසක රවී " මහත්තයට " මේ මඩ ගහනවා නොවැ. බලන්නකෝ තොත්ත බබා වගේ සතර ගැනගන්න බැරි විදියට ඉන්න විදිය.

:       76       430

Kumara Wednesday, 02 August 2017 01:03 PM

තොත්ත බබා

:       31       363

නාඝ Wednesday, 02 August 2017 01:06 PM

අපි තොත්ත බබාලා........දුමින්ද සිල්වා මගේ මස්සිනා වගේ.........

:       14       251

Jayantha Wednesday, 02 August 2017 01:10 PM

මෙවන් මිනිසුන් රටට මහත් විපත් ගෙනෙයි. හොර තක්කඩි ගති උපතින්ම ගෙනා බව මනාවට පෙනෙයි.

:       105       526

raveendraWednesday, 02 August 2017 01:54 PM

ඔබගේ අදහස සියයට ලක්ෂවාරයක් නිවැරදිය.

:       21       240

MPThursday, 03 August 2017 02:29 AM

මේ වගේ ආණ්ඩුවක් මේ රටේ ඉතිහාසයේ තිබිලා නැහැ. ලෑජ්ජ නෑතිකමට තාමත් ඉන්නවා.

:       159       183

indra Wednesday, 02 August 2017 01:11 PM

රටේ වගකීමක් දරන ඔබතුමාගේ මතක ශක්තිය හීන වෙමින් යන බව පෙනෙනවා ,විශ්‍රාම ගැනීමට කාලය ඇවිල්ලා ?ඔබලා බලයට ගෙනා අපි හදවතින් වැළපෙමු

:       21       506

පිටිගල මිලානෝ Wednesday, 02 August 2017 01:14 PM

මෙයාවත් අර මට මතක නැහැ කියපු කෙනා ඉන්න බෝඩිමටම යවන්න වටිනවා.

:       138       340

upali Wednesday, 02 August 2017 01:16 PM

බබෙක් කතා කරයි...

:       8       224

aravinda Wednesday, 02 August 2017 01:21 PM

ප්‍රශ්නයක් ඇතිවූවිට, දැන් අලුත්ම විදිය තමයි, "මේ කිසි දෙයක් මා දන්නේ නෑ, මේවා මට අය්ති දේවල් නොවේ" යයි කීම. පහුගිය ආණ්ඩුවේ කීපදෙනෙකුත් මේ කතාවම කිව්වා නේද?

:       76       270

ravi Wednesday, 02 August 2017 01:22 PM

අනේ මම බබා.

:       20       180

lanka Wednesday, 02 August 2017 01:51 PM

අනේ තොත්ත බබා මොකුත්ම දන්නේ නැහැ. මේකේ ඉන්න ලෝයර් ලා බාලාංශ පන්තියේ කියල හිතුවද?? මේ මොංගල් කතා පිලි අරන් මෙයාව තවත් තියා ගන්නවද ? කොහොමද මේ අයගේ උප්පරවැට්ටි. විදේශ අමාත්‍යංශයේ වෙබ් සයිට් එක මෙයා බදු අරන් වගේ, ආණ්ඩුවේ දේවල් එළිපිටම මිස් යුස් කරන හැටි එ්කෙම්ම පේනවා. මේ වගේ අය ඉන්න කල් මේ රටට දෙවියන්ගේම පිහිටයි.

:       106       563

Danushka Wednesday, 02 August 2017 01:51 PM

කොටු පැන්නත් දන්නේ නැහැ, වැට් මෑන්

:       18       207

one srilankan Wednesday, 02 August 2017 01:59 PM

මේ බොරුව ගොතන්න තමි දවස් කීපයක් මගහැරියේ ,,,මම මුකුත් දන්නේ නේ ,,,මුකුත් දන්නේ නෙති යෝනිසෝ මනසිකාරයක් නැති පුද්ගලයකුට ඇමතිකමක් තිය කිසිම දෙයක් කළහැකිද,,, මොහුගේ ශ්‍රීක විද්‍යාව හොදින් නිරීක්සනය කල විට මොහු පැහැදිලිවම මෙම වන්චාවට සම්බන්ද බව පැහැදිලිය

:       34       402

sunil Wednesday, 02 August 2017 02:06 PM

මම දන්නේ නැත. මට මතක නැත!! නිමි!!!

:       6       166

සෙනෙවි Wednesday, 02 August 2017 02:11 PM

එන්න පස්ස පැත්තට රෙදි කෑල්ලක් තියල වඩා ගන්න

:       0       388

SL Wednesday, 02 August 2017 02:13 PM

රවී කරුණානායක යහපාලන රජයේ පළමු යවය කියවන්න හිටිය දවසේ ඔහුට විනිමය පනත උල්ලන්ඝනයකලා කියා නඩුවකට පෙනී සිටින්න සිදුවතිබුන. ඔහු නඩුව මගහැරලයි අයවැය කියෙව්වේ. මෙවන්නෙක්ට මෙවැනි තනතුරක් දීපු අය ගැන තමයි ජනතාව සිතිය යුත්තේ.

:       53       907

aravindaWednesday, 02 August 2017 03:48 PM

මේ බොහෝ දෙනා දේශපාලනයට එන්නේ, පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී තමන්ගේ වැරදි වලින් ගැලවීමටයි.

:       0       66

saman-dubai Wednesday, 02 August 2017 02:25 PM

මේ හැමෝම කරන්නේ ජනතාව ගොනාට අන්දන එකයි. අපි හැමෝම රැවටිලා.

:       0       25

ලපයා Wednesday, 02 August 2017 02:30 PM

තමුන්ගෙයි කියන ළමයි තුන් දෙනා කාගේද කියල ඇහුවා නම් කියයි මම දන්නේ නැහැ... එ්ක මගේ බිරිඳගේ වැඩක් කියලා. අනේ අපේ හිටපු මුදල් සහ ඉන්න විදේශ ඇමතිතුමාගේ අතීතය මතක නැති හැටි.

:       0       119

Reks Wednesday, 02 August 2017 02:41 PM

ජනාධිපතිතුමාගේ පිරිසිදු ආණ්ඩුවේ සුපිරිසිදු ඇමැති බබා...

:       0       104

Lakvidu Wednesday, 02 August 2017 02:42 PM

එතකොට වැසිකිළි ගියහම ඒ කටයුත්තත් අමතක වෙනවද දන්නේ නැහැ...

:       0       21

Reks Wednesday, 02 August 2017 02:45 PM

මෙතුමාගේ නෝනා නොකියන තව දේවල් තියෙනවාද මන්දා..?

:       0       74

Lalin Wednesday, 02 August 2017 02:53 PM

තමන්ගේ බිරිඳ, දරුවන් කරන දේ දන්නේ නැති මනුස්සයෙක් කොහොමද වගකිවයුතු ඇමති කමක් දරන්නේ?

:       0       45

kumara Wednesday, 02 August 2017 03:08 PM

මෙයා නම් කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්...

:       0       19

kumara Wednesday, 02 August 2017 03:08 PM

මෙයා කිසිම දෙයක් දන්නේ නැති කුක්කු පැටියා... පව්...

:       0       4

kamani pieris Wednesday, 02 August 2017 03:08 PM

පොලිසියට ගෙනිහිල්ලා කකුල් දෙකෙන් බාල්කයේ එල්ලලා, ඔළුවට මිරිස්කුඩු බෑග් එකක් දමලා, 2x2 පොල්ලකින් ගැහුවා නම්... හරි හරි මම ඔක්කොම පිලිගන්නවා කියාවී... අපේ රටේ පොලිසිය මේ වැඩේට හරිම දක්ෂයි... හැබැයි දුප්පත්, අහිංසකයින්ට විතරයි... බලපුළුවන්කාර පොහොසත් අය දැක්කාම... බාල්කයේ එල්ලෙන්නේ පොලිසියයි...

:       0       113

nawa Wednesday, 02 August 2017 03:13 PM

"මම දන්නේ නෑ, හඳුනන්නේ නෑ, කාගේද මේ ළමයා.... අහලවත් නෑ. දැකලවත් නෑ. කාගේ කව්ද කියා ... " - එම්. එස් . ප්‍රනාන්දු ගේ පැරණි ගීතයක්...

:       0       11

Rohitha Wednesday, 02 August 2017 03:36 PM

විදේශ ඇමතිතුමාගේ මතකය නම් ඇලේ දාල ගන්න වෙනවා! විදේශ ඇමතිතුමා ඔයාට ලෝක සිතියමේ ලංකාව තියෙන තැන දැන් මතකද?

:       0       13

ජයන්ත මිලානෝ Wednesday, 02 August 2017 03:46 PM

ඇත්තෙන්ම මහත්තයා ,ඔයාලාට ලැජ්ජාවක් එහෙම නැතිද?

:       0       15

ajith nissanka Wednesday, 02 August 2017 03:48 PM

අනේ මම කුලී නිවාසයකට යනකොට මාස්පතා කුලියක් ගෙවන්න ඕනෙද කියලවත් දන්නේ නැහැ?

:       0       14

Appuhami Wednesday, 02 August 2017 05:47 PM

අපි කොන්ඩේ බැඳලා කියල හිතන් ඇති.

:       0       30

සමන්-ඕමානය Wednesday, 02 August 2017 05:56 PM

රට චීනෙට විකුණුවත්, ලංකාවේ ඉන්නේ කොන්ඩේ බැඳපු චීන්නු නම් නෙවෙයි, එයාගේ කතා විශ්වාස කරන්න.

:       0       65

Chinthaka Thursday, 03 August 2017 03:10 AM

මෙයාට මොනවත් වෙන්නේ නෑ .... මොනවා කරත් !!!

:       0       32

vipula Thursday, 03 August 2017 03:35 AM

රටේ ඡන්ද දායකයන් නුගත් මෝඩයින් බව මෙතුමා දන්නවා. මෙවන් නඩුවක් තියෙද්දී තමයි මෙතුමාට පාර්ලිමේන්තුවට යන්න ජනතා ආශීර්වාදය ලැබුනේ. තව ටික කලකින් අපි ගන්න පඩිය කන්න කෙසේවෙතත් බදු ගෙවන්න මදි වේවි

:       0       65

SARA Thursday, 03 August 2017 03:36 AM

මෙයාලා දන්නේ නැහැ. අපි තමයි දන්නේ. දුකයි මේවට මොනවා කරන්නද අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා!

:       0       202

wedage Thursday, 03 August 2017 03:43 AM

මට මගේ නොවන මගේම මාලිගාවක් තිබුනා මම ශ්‍රී ලංකාවේ මුදල් ඇමතිකම දැරුවා

:       0       68

Vijayabhahu Thursday, 03 August 2017 04:16 AM

මේ ගැන අපි දන්නේ 1990 ඉඳලා... ඒක දැනගෙනත් මුදල් ඇමැතිකම දුන්නේ ඇයි? මට "ශ්‍රී ලන්කන් " ඕනේ..... මට "ලොතරැයි මණ්ඩලය" ඕනේ .......කිව්වේ තවත් හොරා කන්න කියල මුළු ලංකාවම දන්නවා. අපේ රටේ නායකයෝ නිහඬ නම් "දෙයියනේ සුදුසු දඬුවම දෙන්න"

:       0       62

lion Thursday, 03 August 2017 05:26 AM

මහත්තයෝ, ඕක දැන් වහගන්නම බෑ. මහින්දගේ කාලේ මහේම දෙයක් වුණානම් සක්කරයා වත් දන්නේ නෑ. අන්න එතන පොඩි වෙනසක් තියෙනවා. නටපු නැටුම් අපිට මතකයි.

:       20       189

ananda Thursday, 03 August 2017 05:46 AM

මේ වගේ කෙනෙකුව පාර්ලිමේන්තු යවපු අයත් ඉන්නවනේ රටේ...

:       0       3

palitha Thursday, 03 August 2017 06:50 AM

මෙවැනි අය වෙනුවෙන් පෙනී සිටින දේශපාලකයන් ගැනත් ජනතාව තීන්දුවක් ගත යුතුයි.

:       0       2

tony-maharagama Thursday, 03 August 2017 06:54 AM

ලංකාවේ තියෙන නීතියෙන් ලේසියෙන් රිංගල යන්න පුළුවන් නිසයි " මම දන්නේ නැහැ, මට මතක නැහැ " වගේ දේවල් කියන්නේ. ඔය අයගෙන් ප්‍රශ්න අහන්න නම් කපටි සහ බුද්ධිමත් විනිසුරුවන්, නීතිඥයින් අත්‍යාවශ්‍යයි. ඔය කියන පවුලේ උදවිය ගෙනැල්ලා, වෙන වෙනම එකම ප්‍රශ්නේ විවිධ විදිහට ඇහුවා නම් වැඩේ කෝට් වෙනවා ෂුවර් එකටම. පවුලේ හැමෝම එකවගේ කපටි වෙන්නේ නැහැ. මේ වගේ අයම බේරගන්න කියලා.. එයටම නමගිය කළු කෝට්කාරයොත් ඉන්නවනේ රටේ. ඒකත් එක හේතුවක්.. මේ අයට හිතේ හැටියට රටේ සම්පත් කාබාසීනියා කරන්න. මොනවගේ ප්‍රශ්න කරත්.., අගමැතිවරයාගේ සමීපතමයෙක් නිසා කිසි දෙයක් කරන්න වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නෙදී අපිට බලාගන්න පුළුවන් රටේ ජනපතිද, අගමැතිද වඩා බලගතු සහ බුද්ධිමත් කියලා.

:       0       13

vipula Thursday, 03 August 2017 06:59 AM

මුළු ලංකාවම 99 අවුරුදු බදු දුන්නත් පාලනය ගෙනියන්න මුදල් මදි වෙනවා. මේ විදිහට වියදම් කළාම.

:       0       1

Naal Thursday, 03 August 2017 10:28 AM

බිරිඳ ගැන මෙතුමා නොදන්න තව කොපමණ දේවල් ඇත්ද? මිලියන ගණනක ගොඩනැගිල්ලක් ලැබුණේ කොහොමද? එතකොට අර්ජුන් මහත්තයගේත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද? මම හිතන්නේ ඒකත් නොදන්නවා ඇති. පව්...

:       0       0

ramsi Thursday, 03 August 2017 02:42 PM

අම්මපා අපිට නැහැනේ මෙහෙම ගෑණු.....!

:       0       24

lakvidu Thursday, 03 August 2017 02:44 PM

පිට මිනිහෙක් තමන්ගේ ගෙදර උන්දෑ ගත්ත ගෙට.., ගෙවල් කුලී ගෙවනකොට මොකවත්ම හිතුනේ නැද්ද හැබෑටම....

:       0       17

dasunSaturday, 05 August 2017 06:59 AM

මේ වගේ මතක නැති අයට ඒ අයගේ වැඩ නිසා ගෙවල්වල ඉන්න ගෑනුන්ටත් කතා හැදෙන බවත් මතක නැතිවෙන්න ඇති.

:       0       1

lanka Thursday, 03 August 2017 03:15 PM

ගෙදර මුදල් පාලනය ගැන දන්නේ නැති කෙනා කොහොමද දන්නේ නෑ... රටේ මුදල් පාලනය කලේ? අනේ මෙහෙමත් හතර බීරි කතා.. මෙහෙම කෙනෙක්ට මුදල් පාලනයත් දුන්නනේ. ඕකට ජනාධිපති කොමිසමක් අහවල් එකටද?

:       0       4

maalaka Friday, 04 August 2017 06:46 AM

මේවට කොහෙන් හිනා වෙන්නද කියලයි කල්පනා කරේ.

:       0       9

chandra weerasinghe Monday, 07 August 2017 11:02 PM

මුන්ව හිටුව පස්ගසා රජකාලේ දඬුවම් පැනවිය යුතුයි . දරිද්‍රතාවය ඒ සමග එන ළදරු සහ වැඩිහිටි මරණ දැන් වැඩිවෙලා තියෙන්නේ මුන් රටේ සල්ලි මංකොල්ල කන නිසයි !! චන්ද්‍ර වීරසිංහ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

Recommend

පුටින්ට විශිෂ්ට ජයක්
2024 මාර්තු මස 18 4733 6

රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවි


අග හිඟකම් මැද්දේ කෝටි තිස්දාහක රන් බඩු - වාහන උකස්පොළට ගිහින්
2024 පෙබරවාරි මස 03 109 0

ආර්ථික අමාරුකම් හේතුවෙන් ජනතාව රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනා ස්වර්ණාභරණ හා දේපළ පසුගිය වසර තුනක කාලයේදී විකුණා දමා හෝ උකස් කර ඇතැයි මුදල් අමාත්‍


හිටපු ලොක්කෝ රැසක් ඡන්දෙට
2024 පෙබරවාරි මස 03 113 0

ඉදිරි මැතිවරණ ඉලක්ක කර හිටපු හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, රජයේ හිටපු වෙනත් ප්‍රධාන උසස් නිලධාරීන්, වෘත්තිකයන් හා ප්‍රසිද්ධ ව්‍යාපාරික


තාක්ෂණයේ සිරවීම
2024 ජනවාරි මස 20 167 0

තිඹිරිගෙයි සිට සයිබර් අවකාශය දක්වා පැමිණි ගමන් මග ඉතා වේගවත්ව. ගෝලීයකරණයත් සමග මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති බව අප කවුරුත් දන්නා කරුණකි.


මාලිමාවේ බලය පෙන්වන කාන්තාවෝ
2024 ජනවාරි මස 16 884 0

පසුගිය දෙසැම්බර් 30 වැනිදා ජාතික ජනබලවේගය සිය පළමු දිස්ත්‍රික් කාන්තා සමුළුව පැවැත්වීය. මැතිවරණ වර්ෂයක් ආරම්භයේ දී ජාතික ජනබලවේගය පළමුවෙන්ම කාන්තා බ


සමබර වී ආතතිය අඩු කරමු
2023 ජුනි මස 24 276 0

සුව දිවිය ලිපි පෙළෙන් මෙවර කතාබහ කෙරෙන්නේ මානසික ආතතිය හෙවත් STRESS පිළිබඳවයි. එ්‍ සම්බන්ධව උපදෙස් ලබාදීමට අප සමග එකතු වූයේ විශේෂඥ මනෝ වෛද්‍ය රොෂාන්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 318 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 757 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 293 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site