IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මේ ආණ්ඩුව බූරුගහන්න පුරුදු වුණ බේබදු තාත්තෙක් වගේ ‘- ලාල්කාන්ත

(මුදිතා දයානන්ද) 


            ඉන්ධන මිල ඉහළ යාම හා බඩු මිල ඉහළ දැමීමට එරෙහිව තම පක්ෂය  දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් රට පුරා පවත්වන බවත් එහි ආරම්භක උද්ඝෝෂණය හා පාගමන මැයි 22 වැනිදා පස්වරු 3.00ට කොළඹ කොටුවෙන් ආරම්භ කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ. ඩ්. ලාල්කාන්ත මහතා අද  (15)  පැවසීය.


            ලාල්කාන්ත මහතා මේ බව සඳහන් කළේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය සාකච්ඡාවකදී වන අතර තවදුරටත් ඔහු මෙසේද පැවසීය.


            ‘ආණ්ඩුව, දේශපාලන පක්ෂ , විවිධ සිවිල් සංවිධාන, මාධ්‍ය ආයතන මේ කවුරු මොන විදිහේ පැහැදිලි කිරීම් කළත් නොකළත් කඩපොළට ගිහින් බඩු ගත්තාම  ඕනම කෙනෙකුගේ පොකට්ටුවට දැනෙනවා මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා කවුරු කොහොම පම්පෝරි ගැහුවත් අපි තමයි ආර්ථිකය හැදුවේ කියලා බදු බරයි, බඩු මිල වැඩිවීමයි ගැන ජනතාවගේ පසුම්බියට බොරු කරන්න ඒ කාටවත් බැහැ. 


            මේ ආණ්ඩුව හරියට බූරුගහන්න පුරුදු වුණ බේබදු තාත්තෙක් වගේ. හම්බ කරන්නෙත් නැහැ. අනෙක් අය හම්බකරන එක ඉතුරු කරන්නෙත් නැහැ. මේක නතර කළ හැක්කේ පාරට බැහැලා උද්ඝෝෂණ කරලා ආණ්ඩුව දණගස්සලා බඩුමිල හා බදුබර අඩුකර ගැනීමකින් පමණයි. එක්කෝ ආණ්ඩුව මේක දාලා යන්න  ඕන. නැත්නම් බදු බර ඉවත් කරන්න  ඕන. මේ දෙකෙන් එකක්වත් කරන්න ආණ්ඩුව සූදානම් නැත්නම් ඔවුන් ගෙදර යවන්න  ඕන. ආණ්ඩුව දාලා යන කල් අපේ විරෝධය විවිධාකාරයෙන් ගෙන එනවා.‘



අදහස් (8)

මේ ආණ්ඩුව බූරුගහන්න පුරුදු වුණ බේබදු තාත්තෙක් වගේ ‘- ලාල්කාන්ත

sam Tuesday, 15 May 2018 09:32 AM

ආණ්ඩුව ගෙදර ඇරියාම බඩු මිල පහල ගිහිල්ලා බදු අඩුවෙලා රට සුඛිත මුදිත වෙනවාද ?

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 15 May 2018 09:40 AM

ඔයගොල්ලෝ ලස්සනට කතා කරනවා. ඒ නිසා මිනිස්සුත් එනවා පිරෙන්න රැස්වීම් වලට හරියට නොමිලේ පෙන්වන නාට්‍යක් බලන්න යනවා වගේ. ඔබලාම කියනවා හරියට සෙනගත් එනවා එත් ඡන්ද නැහැ කියලා. ඒ අය කතා රසවිඳින්න මිසක් ඡන්දෙ දෙන බලාපොරොත්තුවෙන් නෙවෙයි ඒවාට එන්නේ. චන්දෙ අවශ්‍ය නම් වැඩ කරලා පෙන්වන්න.

:       26       88

SanathTuesday, 15 May 2018 11:35 AM

මේ අයට වැඩක් කරලා පෙන්නන්න ජනතාව අවස්ථාවක් නොදෙන එක තමා අපේ රටේ කරුමය. අවුරුදු 70 ක් තිස්සේ නොහැකියාව පෙන්නපු අයටමයි අපේ රටේ මිනිස්සු මාරුවෙන් මාරුවට අවස්ථාව දෙන්නේ.

:       0       0

Bamunuarachchi Tuesday, 15 May 2018 09:43 AM

බීලා බූරු ගසුවානම් සමාව දෙන්න තිබුණා අසිහියෙන් කළා කියලා මේ ආණ්ඩුව බූරු ගහන්නේ සිහියෙන්, ජනතාව ඔට්ටුවටට තියලා

:       0       13

Sapumal. Tuesday, 15 May 2018 10:27 AM

රට භක්ෂණය කරන්නයි මේ හදන්නේ.අරගල කරනවාට වඩා රජයට හැකි සහයෝගයක් දීලා.... විකල්ප ඉදිරිපත් කරලා නේද ප්‍රශ්න විසදන්න ඕනේ.මොකද පාරවල් පුරා ටයර් පුච්චමින් කරන අරගල වලින් බඩු මිල අඩුවෙනවාද ? ආයෝජකයන් අරගල තියෙන රටවලට එන්නේ නැහැ.මේ අය රටට සැමදා දුන්නේ විමුක්තිය නොවෙයි විපත්තියයි.මේ කට්ටිය රටට කරන හා කරපු හානිය කියා නිම කරන්න බැහැ. ඒවා මතක් වෙනවිටත් හද කම්පා වෙනවා.

:       57       228

kapila Tuesday, 15 May 2018 11:02 AM

ආණ්ඩුව බුරු ගහනවානම්, ජේවීපී එක තමයි තෝන් ගන්නෙ.. මටනම් හිතෙන්නෙ ආණ්ඩුව බුරුව ගහන්නෙ නෑ..අපිව බුරුවට අන්දවනවා.

:       0       21

Bamunuarachchi Tuesday, 15 May 2018 11:11 PM

තව මොනවද අපිව අන්දන්න තිබෙන්නේ එහෙම දෙයක් ඉතුරුවෙලා නැත. ඒ 62 විතරක් නොවෙයි තව 57 කුත් පව් ගෙවනවා රටේ වර්ධන වේගය 3.5% බැහැලා කියලා මහා බැංකු වාර්තාව කියනවා. තව මොනවාද කතා.

:       0       0

kalani withanage Wednesday, 16 May 2018 03:28 AM

ජවිපෙ දේශපාලන වේදිකාව රසවත් කතාවලින් පෝෂණය වී ඇතත් මිනිසුන් ඡන්දය නොදෙන බවත්, විරෝධතා නොපවත්වා සහයෝගය පල කර වැඩ පෙන්වන ලෙසත් මෙම සංවාදයට එක්වන අය පවසති. වෙනත් දේශපාලන මත දරන කණ්ඩායම් දෙකක් සමඟ එක්ව කටයුතු කිරීමේ අදිනව යහපාලන ජාතික ආණ්ඩුව රටටම තේරෙන භාෂාවෙන් කියමින් සිටියි. අපේ රටේ මිනිසුන් හැසිරෙන ආකාරය පිළිබඳව මා තුළ විමතියක් හට ගනියි. අපේ දේශපාලන වපසරියේ පෙනෙන සත්‍යයන් පවතිද්දී මිනිස්සු උමතුවකින් මෙන් අසත්‍ය සහ දුෂණය කරවන දුෂිතයින්ට ප්‍රශස්ති ගයති.පුද්ගල විඥානය සහ සමාජ විඥානය හසුරුවන දේශපාලන ආධිපත්‍යය සහිත බලවේගවල පහසු ගොදුරු බවට පත්ව සිටිති. ජවිපෙ සක්‍රිය බුද්ධිමය ක්‍රියාකාරකම් කෝප් කමිටුව සහතික කරයි. සුනාමි කාලයේ ගාලු දුම්රිය මාර්ගය කෙටි කලකින් ප්‍රතිසංස්කරණය කරදීමෙන් ප්‍රායෝගිකව පෙන්නුම් කළේය. සපුමල් නෙලීමට ගොස් කන්නගි කුමරිය කෙකි පටලවා ගත අයුරු සිහිපත් කරමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31173 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13327 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10961 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 62 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 896 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site