(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

බැඳුම්කර නිකුතුවට අදාළව මහ බැංකුව තමාට වැරදි තොරතුරු ලබාදී ඇති බවත් එම දත්ත පදනම් කරගනිමින් විගණකාධිපති වාර්තාව සකස් කර ඇතැයිද බැඳුම්කර කොමිසම හමුවේ හත්වැනි දිනටත් සාක්කි දෙමින් රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පැවසීය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතාගේ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් විජේසිංහ මහතා මෙසේද පැවසීය.

‘මෙම බැඳුම්කර නිකුතුවට අදාළව මහා බැංකුව මට ලබාදුන් දත්ත පදනම් කරගනිමින් මෙම විගණකාධිපති වාර්තාව මා සකස් කළා. මහ බැංකුව තමයි මට වැරදි තොරතුරු ලබාදී තියෙන්නේ ඒ හැර මාගේ වාර්තාවේ කිසිම වැරැද්දක් නැහැ.“

“මුදල් ඇමතිවරයාගේ ඉල්ලීම අනුව වාර්තාවක් සකස් කිරීමට මහා බැංකුවෙන් යළිත් වරක් තොරතුරු ලබා ගත්තා. ඒ අනුව මා විසින් සකස් කළ වාර්තාවේ අතපසුවීම් නිසා යම් යම් දුර්වලතා තිබුණත් ඒවායින් මාගේ වාර්තාවට කිසිඳු බලපෑමක් වී නැහැ.“