‘රනිල්ගේ බෙදුම්වාදී ව්‍යවස්ථා පැකේජය’ හෙවත් ‘ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා කෙටුම්පත’ ගැඹුරින් අධ්‍යයනය කර බලා මල්වතු - අස්ගිරි මහනාහිමිවරුන්ගේ අනුමැතියෙන් එම උභය විහාරයීය කාරක සංඝ සභා එම අතුරු වාර්තාව අනුව සැකසෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හෝ සංශෝධන අනවශ්‍ය බවට ඒකමතිකව ගත් තීන්දුව මේ රටේ භික්‍ෂු සම්ප‍්‍රදාය, බෞද්ධ සම්ප‍්‍රදාය හා මහා විහාරයීය සම්ප‍්‍රදාය නොදත් රනිල් වික‍්‍රමසිංහගේ මොළයට නොතේරීම පුදුමයට කරුණක් නොවන බව ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.
අද (20) පිටකෝට්ටේ පිහිටි එම පක්‍ෂයේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී එහි නියෝජ්‍ය ලේකම්, මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී නිමල් පේ‍්‍රමවංශ මහතා එසේ කීවේය.
‘‘ජනතාවට කොලේ වහලා ‘තවම අකුරක්වත් ලියලා නැහැ’ කියමින් මේ ආණ්ඩුව රනිල් වික‍්‍රමසිංහගේ මූලිකත්වයෙන් ෆෙඩරල්, අනාගමික රාජ්‍යයක් බිහි කරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත හැදුවා. ඒ කෙටුම්පත වචන හරඹ කරලා, සැබෑ වුවමනාව නොපෙනෙන ලෙස ‘ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා කෙටුම්පත’ නමින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. බෞද්ධයාගේ මුදුන්මල්කඩ වූ දළදා මාලිගාවට වැඩම කළ, එහි පැවිදි භාරකාරත්වය දරන මේ නායක හිමිවරු මේ ගත්තු තීන්දුව උත්තරීතර තීන්දුවක්. ඒ බව මේ රටේ භික්‍ෂු සම්ප‍්‍රදාය, මහා විහාර සම්ප‍්‍රදාය හා බෞද්ධ සම්ප‍්‍රදාය දන්නා සැබෑ බෞද්ධයන්ට හොඳින් වටහාගත හැකියි‘‘ යැයි ද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල්වතු මහ නාහිමි දිනේෂ් ට කිව්වේ කුමක්ද? මහ නාහිමි වරු ජාති වාදීන් නොවේ. වචන දෙකේ අයත් නොවේ. මහින්දට කඩේ යන අයත් නොවේ.
එයාට රට බේරගන්න කිසිම වුවමනාවක් නෑ. මොකද දරුවෙක් මල්ලෙක් හිටියා නම් ඒ අයට ජීවත් වෙන්න කියලා හරි රට ගැන හිතාවි. එහෙම කෙනෙක් නැති නිසා එයාට කිසි අවුලක් නෑ. මේ රට නැති භංගස්ථාන කරලා දැම්මට.
මල්වතු මහා නාහිමියන් පවසා සිටියා ලංකාවට පැමිණි පසු තම අදහස් ප්‍රකාශ කරන බව. මෙය ජාතික නිදහස් පෙරමුණට තේරුම් ගැනීමට දැනීමක් නොමැතිකම අගමැතිතුමාගේ දුර්වල කමක් නොවේ.
ලෝකයේ " පාවාදීම" පිළිබඳව පශ්චාත් උපාධිය ඉහලින්ම සමත් මෙවැනි මිනිසුන්ට ස්වභාවයෙන්ම වෙන කිසිඳු දෙයක් නොතේරේ.
දේශපාලන තීන්දු තීරණ වලට ආගමික නායකයින් හරස්වීම ඔවුන් රට පාලය කිරීමට කරන උත්සාහයක්, එය නතර කල යුතුයි.
රනිල් කියන්නේ සිංහල බෞද්ධයින්ට හිතවත් පුද්ගලයෙක් නොවේ.
ජාතික නිදහස් පෙරමුණට මහනායක ස්වාමීන් වහන්සේලා පිළිබඳව මෙච්චර ගරුත්වයක් තියෙනවා නම්... උන්වහන්සේලා එපැයි කියද්දී දළදා මාලිගාව ඉදිරිපිට රාජපක්ෂලා කාර් රේස් තියනකොට ඔබලා කොහෙද සිටියේ?
රනිල් කියන්නේ කවුද කියලා දැන ගන්න ඉතිහාසය පිළිබඳ හොඳ දැනීමක් තියෙන්න ඕනෑ
සිංහල බෞද්ධ ජනතාවගෙන් මා වැඳ නමස්කාරකර ඉල්ලන එකම දෙය නම් රනිල්ගේ නායකත්වය යටතේ රජයක් පිහිටුවන්න අවස්ථාව, බලය ලබාදෙන්න එපා.
තවම කාට වත් තේරුනේ නැහැනේ රනිල් පිටු පස්සේ ඉන්න අදෘශ්‍යමාන දැවැන්තයා කවුද කියල. එයා තමයි බෙදුම් වාදයේ නිර්මාතෘවරයා. පුලුවන්නම් කොටු කර ගන්න. ඒ සඳහා "යහපාලන" ධජයේ කොළපාට කොටස දිය කර හරින්න ඕනේ. හැබැයි හිටපු එක්කෙනා ගෙනාවයි කියල ප්‍රශ්නේ විසඳෙන්නේ ත් නැහැ. මොකද මේ ගොල්ලෝ ඔක්කොම එකම බජාර් එකේ "නළුවෝ" හින්ද.
ගයාන්ගේ කතාව ඇත්ත. මේ ආණ්ඩුවේ ඉහළ කීප දෙනෙකුටම දරුවන් නොසිටීම ඔවුන් ගන්නා ඒකමතික තීරණවලට බලපානවා. ඒක කාගේ හිත රිදුනත් පවතින සත්‍යයක්. ඔවුන්ගෙන් පස්සේ මේ රටේ ජීවත් වෙන්න දරුවෝ නැති නිසා රටේ අනාගතයට මොනවා වුණත් ඒ ගැන ඒ අයට පසුතැවීමක් නෑ.
මල්වතු, අස්ගිරි පාර්ශව මහා නා හිමිවරුන් මේ නව ව්‍යවස්ථාව ගැන තම මතය තවමත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නොමැති අවස්ථාවක, රටේ කිසිම ජනතා බලයක් නැති පක්ෂයක, පළාත් සභා මන්ත්‍රී කෙනෙකු වැනි පහළ තනතුරක් දරන ගිහියෙකු මේ කියන හිස් බස් ජාතික පුවත් පතක පලකරන්න තරම් ප්‍රවෘත්තිමය වටිනාකමක් තියනවාද ?
ඔව් ඔව්. රනිල් ගේ මොලේ වගේද නිමල් ප්‍රේමවංශ ගේ මොලේ? නිමල් කොච්චර උගතෙක්ද? කරුමෙට හැම මෝඩයාටම එක වගේ කතා කරන්න පුළුවන් වුණානේ. මේ වගේ මිනිසුන්ටත් සාකච්ඡා කැඳවන්න පුළුවන් එ්කනේ පුදුමේ.
ඔය නිදහස් පෙරමුණ කියන්නේ බිල්ලෝ මවා ජනතා මනස අවුල් කරන කඹ හොරුන්ගේ කණ්ඩායමක්... දේශප්‍රේමී ලේබලය අලවාගෙන කරන තක්කඩි කම් වල නිමක් නැහැ. ඕකේ මහා කෙනාට මෙලෝ දෙයක් තිබුණද? 2005 ට කලින් අද බලන්න ගිහින් හෝකන්දර පාර අයිනේ හදලා තියෙන මාලිගාවට හදලා තියෙන තාප්පයට විතරක් කෝටි කීයක් යන්න ඇතිද? සේරටම කලින් කියන්න මාලිගා හදන්න සල්ලි කොහෙන්ද කියලා. ඔය ව්‍යවස්ථාව කිව්වට තවම ඕක තියෙන්නේ හැමෝගෙම අදහස් අහන මට්ටමේ....
මෙතන අතුල පමණයි කාගේවත් හෙන්චයියෙක් නොවී සමබර අදහසක් දැමු එකම කෙනා. අනිත් අය අන්තවාදීන් බව කිව යුතුයි. තවද සෑම් සහ හෆීල්ගේ අදහස් අගේ කරමි. මට කියන්න තියෙන්නෙත් ඔබලා තුන්දෙනා දැමු අදහසම තමයි.
කවුරු කොහොම උනත් ඔය එක එක විජ්ජාවල් කරන්න ගිහින් රට තවත් අවුල් කරන්න එපා. දැනටමත් ඔය තියෙන පළාත් ආණ්ඩු ක්‍රමේ රටට කොච්චර අනවශ්‍ය බරක්ද? මොනවාද ඔය අලුත් ව්‍යවස්ථාවකින් බෙදන්න හදන බලේ හරියටම මෙන්න මේවා මේවා කියල කියනවද ? කවදාවත් නැහැ. හොඳයි හොඳයි කියල කොලේ වහනවා.
රනිල් කියන්නේ මේ රට විනාශ කරන, රට බෙදන, රටත් ජාතියත්, බුදු සසුනත් විනාශ කරන නිවටයෙක්. බටහිර ගැත්තෙක්. බොරුවෙන්, වංචාවෙන් කටයුතු කරන රනිල්ව ඉවත් කල යුතුය. මේ වගේ ද්‍රෝහීන් වෙනුවෙන් කඩේ යමින් ප්‍රතිචාර දමන එවුන්ද එසේමය.