අනුරාධපුර දයාරත්න ඇඹෝගම
ලබන මස 06 වැනි දින හබරණ තරු හෝටලයක පැවැත්වීමට නියමිත ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සමුළුව සදහා පැමිණෙන මහ ඇමතිවරුන් 08 දෙනා ඇතුලූ අනෙකුත් නිලධාරින් සදහා තැගි දිමට එක් තැගි පාර්සලයකට රුපියල් 30,000 වැය කර තිබේ. එවැනි පාර්සල් 50 ක් මේවන විට සුදානම් කර ඇත. මී පැණි බෝතලයක්, එළඟි තෙල් බෝතලයක් එකක් අත් යන්ත්‍ර සරම් එකක් අත් යන්ත්‍ර සාරියක් දේශිය සහල් වර්ග කිහිපයක්ද මෙම තැගි පාර්සලයට ඇතුළත්ව තිබේ.
දිවයිනේ සිටින මහ ඇමතිවරු පිරිස අට දෙනෙකි. එසේ වුවද තැගි පාර්සල් 50 ක් මේවන විට සුදානම් කොට තිබේ. කාන්තා මහ ඇමතිවරියන් නොසිටියද මෙම තැගි පාර්සලයට සාරියක්ද ඇතුළත් කර තිබේ.
උතුරු මැද පළාතේ ගොවි ජනතාවගේ වි වගාවන් ඇතුලූ භෝග කන්න දෙකක් විනාශවි තිබේ. වගා හානි සදහා මාසිකව රුපියල් 10,000 ක් දෙන බවට රජය පොරොන්දු වුවද ගොවින් බොහෝ පිරිසකට එම මුදල් මෙතෙක් ලැබි නොමැති බව ගොවිහු පවසති.
උතුරු මැද පළාතේ ගොවි ජනතාව ඇතුලූ බොහෝ දෙනා මෙවර අවුරුදු සැමරුවේ මහත් අසිරුවෙන් සොයාගත් සොච්චම් මුදලකිනි. එසේ තිබියදි උතුරු මැද පළාත් සභාව මෙම උත්සව දෙක සදහා රුපියල් ලක්ෂ 150 ක් වැය කිරිම ජාතික අපරාධයක් බව පළාත් සභාවේ උසස් නිලධාරිහු පවසති.
මේ සම්බන්ධයෙන් අප උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයා ගෙන් කළ විමසුමේදි ඔහු මෙසේ පැවසිය.
“රුපියල් ලක්ෂ ගානක් වියදම් කරනවා කියලා බොරුවටයි ප්‍රචාරය කරන්නේ. අපි ඉතින් සිංහල මිනිස්සුනේ. අපි ගාවට එන අමුත්තෙකුට සැලකිම චාරිත්‍රයක් නේ“
“තැගි පාර්සලේ මුතු මැණික් නෑ. අපේ පළාතේ මී පැනි බෝතලයක් වස විෂ නැති හාල් ටිකක්නේ දෙන්නේ. ලංකාවේ හැම පළාතකම තියෙන මහ ඇමති රුස්විම් වලත් ඔය විදියටම තමයි කටයුතු කරන්නේ“ යැයි ප්‍රධාන ලේකම්වරයා පැවසිය.
COMMENTS
ඔය පාර්සල් ටික මීතොටමුල්ලේ අසරණයන්ට බෙදලා දෙන්න.
මෙයාලට කන්න ඕනේ වෙනකොට "කබරගොයත් තලගොයා කරගන්නවා"
ඔය ටිකට තිස්දාහක් ....මේ නිලධාරින් හොදට සල්ලි ගහනවා වගේ.
දේශපාලුවනේ බැහැපල්ලා පොලොවට, තවත් කුණු නොවී පොලොවේ ඇවිදපල්ලා, ඔය සල්ලි අර අහිංසක මිනිස්සුන්ට දීපල්ලා....
අපේ රටේ මිනිස්සු කවද මේක තේරුම් ගනීවිද මන්ද. අපේ දේශපාලකයෝ හොරු. ඒගොල්ල මිනිස්සුන්ව මරල හරි සල්ලි ගන්න පුළුවන් සෙට් එකක්. එහෙම නැති කෙනෙකුට ඔතනට යන්න බැහැ මොකද මේ හොරු හොඳ කෙනෙකුට උඩට එන්න දෙන්නේ නැහැ. බැරිම නම් මරල හරි දානවා.
දිකිරට බළල්ලුත් සාක්කි කිව්වලු. අමුත්තන්ට සැලකීම ඉතාම හොද දෙයක් තමයි ලේකම් තුමෝ. ඒත් පළාතේ තමන්ගේම ජනතාව කුසගින්නේ ඉන්නකොට කොහොමද අමුත්තන්ට ඇත දිගහැරලා තෑගිදෙන්න හිතෙන්නේ? අනික 8ක් වන මහා ඇමති ගණනට පාර්සල් 50ක් මොකටද. ඒ අතරේ තමන්ට සහ තම තමන්ගේ හෙන්චයියලාටත් බෙදාගන්නද කල්පනාව.
කියන්න නැ වචන නැහැ.. සේරම කරන්නේ මහජන මුදල් නාස්තිකිරීමයි. කොටසක් වාහන ගන්නවා. සමහරු බෙදාගන්නවා..මහ ජනතාව ගැන හොයන්න එකෙක් නැ..මහ මොළ කාරයොත් කියාගෙන අවේ ඕකටද? අපි බදු ගෙවනවා උන් සැප විදිනවා..කගේ කාගේත් අම්මල හොදින් ඉන්නවා ඇතිනේ..
තෑග්ගට දෙන හාල් ටික, මී පැණි ටික ඒ පැත්තේ ගොවීන්ගෙන් ගන්නවා නම් , අත් යන්ත්‍ර රෙදිත් ඒ පැත්තෙම රෙදි වියන සුළු පරිමාණ කර්මාන්තකරුවෙක්ගෙන් ගන්නවා නම් ගැටළුවක් නෑ.
අපායට යන්න ඕනෑනම් නුඹට කරපන් මහ ඇමතිකම එක දවසකට කියල පරණ කියමනක් මම අහල තියෙනවා
අනේ දෙන්න. අපේ සරල ජනදිපතිතුමාටත් දෙන්න! සුබ අලුත් අවුරුද්දක් වේවා! අපි බදු බර උහුලගන්නම්!
එහෙනම් රත්නපුරේ තියෙන සමුළුවේදී මැණික් පාර්සලයක් ලැබෙයි.
මේ ගොල්ලෝ කරන වැඩවල මෙලෝ රහක් නැහැ... හරි නම් දෙන්න ඕනේ පුන්නක්කු පාර්සල්...
කුණු පාර්සලයක් දෙන්න ඕනේ කන්න...
ඇත්තනේ. කෝටි හතරක, පහක වාහනයක් දීල තියෙන කෙනෙකුට ලැජ්ජා නැතුව පොඩි තෑග්ගක් දෙන්නද කියන්නේ? හොඳයි කියමු බලන්න, වස විස නැති හාල් කිලෝ එකක් රුපියල් දාහක් දෙදාහක් නෙමෙයිද? ප්‍රධාන ලේකම් කියන්නේ ඇත්ත....