(සුජිත් හේවාජුලිගේ)
මහාවංශය අධ්‍යයනයට වෙනම ආයතනයක් පිහිටුවන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අද (16) පැවැති මහාවංශයේ හයවැනි වෙළුම එළිදැක්වීමේ උත්සවයේදීය.
විජයදාස රාජපක්ෂ මහතා එහිදි මෙසේද කීය.
‘‘මහාවංශය අධ්‍යයනයට වෙනම කාර්යාලයක් පිහිටුවන්න කියලා යෝජනාවක් ඉදිරිපත් වුණා.ඒ යෝජනාව ඉටුකර දෙනවා.ඒ වගේම මහාවංශයේ හයවැනි වෙළුම සම්පාදනය කළ විද්වතුන්ට එහි හත්වන වෙළුමත් සම්පාදනය කිරීමට අවස්ථාව උදාවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.‘‘
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි





COMMENTS
මහාවංසය විතරක් නොව ..ඊට ඔබ්බට ගිය අපේ එතිහාසය හදාරන්න තැනක් දෙන්න ..මහාචාර්ය ..රාජ් සොමදෙවයන් .... ගෙනයන ඒ පර්යේෂණ ..දිගටම කරගෙන යන්න ...අත්වැලක් වෙන්න .....
වාරියපොළ පරණ යකඩ කඩේක තිබී හම්බ වුන රාවණාගේ දඬු මොනරයේ සුක්කානම ගැන සුරිය ගුණසේකර මහත්තයාගේ පර්යේෂණ වාර්තාව ඉක්මනින් පලකිරීම ජාතික යුතුකමකි.