(දිල්රුක්ෂි ග්‍රේරු )
මහවැලි ගංගාවේ වැලි ගොඩදැමීම සඳහා ලබන මස 06 වැනිදා සිට යළි අවසර ලබා දෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා පැවසීය.
දැනට මහවැලි ගංගාවේ වැලි ගොඩ දැමීමේ කටයුතු ගැටලු සහගත බව පරීක්ෂණ වලින් තහවුරුවීම හේතුවෙන් ඒ සඳහා විධිමත් පියවර ගැනීමටද අවධානය යොමුව ඇතැයි සභාපතිවරයා සඳහන් කළේය.
පරිසරයට හානිවන අයුරින් වැලි මංකඩවල් පවත්වාගෙන යන පුද්ගලයින්ට වැලි බලපත්‍ර ලබා දිම් සිදු නොකරන බවත් දැනට පවත්වාගෙන යන ඇතැම් වැලි මංකඩවල් වසා දැමීමට තීරණය කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
පරීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දී ඇති පරිදි වැලි කියුබ් දෙලක්ෂ තිස්දාහක් පමණ විධිමත් අයුරින් කැණිම් කර ලබා ගත හැකි බවත් ඒ අනුව ග්‍රාමීය අර්ථිකයනගා සිටුවීම සඳහා නව වැලි නිධි ගම්මානයන්හි වැසියන්ට ලබා දීමට තීරණය කර ඇතැයිද පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයක් මත වැලි කැණිම් කටයුතු නිසි පරිදි සිදු වනවාද යන්න පිළීබඳව සොයා බැලීම සඳහා නාවික හමුදාවේ විශේෂ අනු කණ්ඩයක් යොදවන බවත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය මේ පිළිබදව නිරන්තර අධික්ෂණය කරන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
COMMENTS
සමහරු පොහොසත් වුණේ මහවැලිය හාරන්න ලැබුණු චාන්ස් එකෙන් නේද?
මිනිස්සුන්ගේ ලේ මස් හුරලා ගන්න බදු ගහන්නේ නැතිව මේකත් ව්‍යාපෘතියක් විදියට හමුදාවටම බාර දුන්නනම් රජයට අදායමකුත් ලැබෙනවා, පාරිභෝගිකයාටත් සහනයක් ලැබෙනවා, ගංගා ටිකත් ආරක්ෂා වෙනවා. ජාවාරම්කාරයෝ පරිසරය විනාස කරලා දමන එක වලක්වා ගන්න පුළුවන් ලංකාවේ විනයක් තියෙන මිනිස්සු ත්‍රිවිද හමුදාව හා එස්.ටී.එෆ්. ටිකට විතරයි.