ලබන සිකුරාදා වන විට දේපොළ අලාභ හානි තක්සේරු කර හැකි ඉක්මනින් වන්දි ලබා දීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (10) පැවසීය.
අගමැතිවරයා මේ බව පැවසුවේ මහනුවර කළහයෙන් අලාභ හානි වූ ප්‍රදේශවල කළ සංචාරයකින් පසු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය.
අගමැතිවරයා - දැනට ලැබිල තියෙන ලිපි ලේඛන අනුව සම්පුර්ණයෙන් විනාශ වූ නිවාස , ආගමික ස්ථාන සහ වාහන පිළිබඳ තක්සේරුවක් කරන්න තියෙනවා. පුර්ණ හානි 87ක් සහ අර්ධ හානි 196ක් තිබෙනවා. සතියකින් තක්සේරුව කරන්න පුලුවන්ද?
නිලධාරීන් - ලබන සිකුරාදා වෙනකොට පළුවන්.
අගමැති - කරන්න පුළුවන් ඔක්කොම සිකුරාදා වෙනකොට ඉවර කරන්න. මියගිය පවුල් 3ක් තියෙනවා. සඳුදා වෙනකොට වන්දි ගෙවන්න. මියගිය අයගේ පවුලක් සඳහා මුලින් ලක්ෂයක් දෙන්න. එන සුමානේ කැබිනට් මණ්ඩලය හමුවෙලා ඊට පස්සේ අපි වැඩිපුර ලක්ෂ 4ක් දෙන්න හදන්නම්.
අගමැති - විශේෂයෙන් අර රියදුරුගේ ළමයා ගැන බලන්න.
නිලධාරීන් - දැනටමත් අපි අබාධිත දීමනාවක් දෙන්න කටයුතු කරගෙන යනවා.
අගමැති - මේ අයට යම් කිසි ආදායමක් දෙන්න වෙයි. මුස්ලිම් පල්ලි 14 කට හානි වෙලා තියෙනවා . ඒ හානි අනුව ගෙවන්න . විශේෂයෙන් කෙන්ගල්ල තමයි විශාලම හානිය වෙලා තියෙන්නේ. විහාරස්ථානයක් තියෙනවා සුලු හානි ඒකටත් ගෙවීමක් කරන්න. ව්‍යාපාරික ස්ථාන වලට මූලිකව ලක්ෂයක් දීලා ඊළඟට ඉතුරු ටික කරාම අපි ඉතුරු ටික දෙන්නම්.
හානි වූ නිවාස වලට මුලික වශයෙන් රුපියල් පනස්දාහක් දෙන්නම්. මේ හැම ව්‍යාපාරයක්ම බැංකුවලට ණය වෙලා තියෙනවනම් බැංකු වලට කියන්නම් ආපහු ගෙවීම නවත්තන්න කියලා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉති ගෑස් වැඩිකරය් මේ පවු ගෙවන්න.
සිරි ලංකාව යනු අමුතුම රටකි. එහි පුරවැසියෝ සියල්ල දත් කට්ටියය. මුළු ලෝකයටම පාඩම් උවත් කියාදීමට සුදානම්ය. නමුත් මොනයම් හෝ පුරස්නයක් ඔවුනට පැමිණිවිට සියල්ල දත්තෝ හොල්මන්විති. සියල්ල අනාගනිති. පසුගිය කාලවකවානුවල ඇතිවූ සිදුවීම් ගැඹුරින් අද්‍යනය කරද්දී එය හොදින් පැහැදිලිවේ. ලෝකයේ ප්‍රබල රටවල ඇත්තේ එකම එක නීතියකි. තිබෙන නීතියෙන් අකුරට වැඩ ගනිති. ලොක්කටද සොක්කටද කියා නීතියේ වෙනසක් නැත. නීතිය නවන්නට කිසිවකු උත්සහ දරන්නේ ද නැත. නීතිය ක්‍රියාත්මක කරනවා මිස කයිවාරු ගසන්නේ නැත. ලංකාවේ එසේ නොවේ. තව විශේෂ යමක් කීමට ඇත. මෙය සිදුවන්නේත් සිරි ලංකාවේ පමණක් නිසාමය . වැරදි කරුවන් විසින් වංචාවට හෝ හදිසි අනතුරකට පත්වූ තැනැත්තන් බිය ගන්නවා හෝ මුදල්දී, වැරදි කරුවන් කළවරද යටපත්කර බේරියාම රටේ නීතියට කරන නිගාවකි. වරද සහ නීතිය මුදලට යටපත් කොට පැනයාම තවත් විසාල වරදකි. මෙය ලංකාවේ තිබෙන වෙනත් රටවල නොමැති දුෂ්ට ක්‍රියාවලියකි. මේ ක්‍රියාවලිය රජය විසින් වහාම නතර කලයුතුය. නීතියට නිගා නොකළ යුතුය. නීතිය තදින් ක්රියාත්මකකර රටක විනක් ඇති කල යුතුය.
සාලාව අවි ගබඩාවෙන් විනාස වෙච්ච මිනිස්සුන්ට තාම හරි හැටි වන්දි ගෙවල නැහැ. මේකට කඩිනමින් වන්දි ගෙවන්නලු.
වන්දි ගෙවන එක නොවෙය් මේ වගේ විනාශයන් නොකරන්න වග බලාගන්න එකය්. ඔබ හරිම දුර්වල අගමැති කෙනෙක්.
අගමැතිතුමාගේ මැදිහත්විම අගය කරමි. වන්දි කඩිනම් කිරීමට වඩා වැදගත්වන්නේ මෙවැනි දුර්දාන්ත සිදුවීම් වලක්වා ගැනීමට නිසි ක්‍රමවේද සකස් කිරීමය.
හොදයි .කලින් සිද්දි වලටත් කඩිනමින් වන්දි ගෙවනවානම් තවත් හොදයි