(අංජුල මහික වීරරත්න)
ජාතිවාදී ස්වරූපයෙන් මහනුවරදී ඇතිවූ ගැටුම් හේතුවෙන් ඇතිවූ දේපොළ හානිවලට වන්දි ගෙවීමට අමාත්‍යංශ හතරක් යෙදවීමට රජය තීරණය කර තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව මෙසේ වන්දි ගෙවීමේ කටයුතුවල නිරත වන්නේ බුද්ධ ශාසන ,තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු,පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම්, ආපදා කළමනාකරණ යන අමාත්‍යාංශයන්ය.
බෞද්ධ හා මුස්ලිම් සිද්ධස්ථාන වලට වු හානි වෙනුවෙන් පිළියම් දීමට බෞද්ධ හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය හරහාද,සාමාන්‍ය ජනතාවගේ දේපොළ වලට වු හානිය පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය හරහාද අපදා කළමනාකරණ අමාත්‍යාංශය මඟින් පොදුවේ සියලු අලාභ හානි අධීක්ෂණය කර වන්දි ගෙවීමට නියමිතය.
මහනුවර සිද්ධීන්ට අදාලව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව සම්පුර්ණ හානි සිදුවු දේපොළ මාස 4ක් තුළ සම්පුර්ණයෙන් ප්‍රතිසංස්කරණය කළ යුතු වේ.
2025 දෙසැම්බර් මස 18
570
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහනුවර සිදුවූ දේපොළ හානිවලට වන්දි ගෙවීමට අමාත්‍යංශ 4ක්
ලුම්බිණි Friday, 16 March 2018 03:16 AM
අමාත්‍යංශ හතරක් මේක කරනවා කියන්නේ වැඩේ ඉක්මනින් නොකෙරෙන එක.
Mahee Friday, 16 March 2018 06:16 AM
වැඩේ හොඳයි, ඒත් කෝකියො වැඩිවෙලා හොද්ද නරක් කරගනීද කියල බයයි. ඒ කිව්වේ බෝලෙ පාස් කරන ලෙඩේ හැදෙයිද කියල බයයි.