(සනත් ගමගේ)
පොලිතින්,ප්ලාස්ටික් හා අරක්කු අනුග්‍රහය නැති මැයි රැළියක් මෙවර මහනුවරදී පවත්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධිවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවිර මහතා පවසයි.
මැයි රැළියට තමන්ට තරඟයක් නැති බව පැවසූ අමරවීර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් ඉතා සාර්ථක මැයි රැළියක් මෙවර මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සූදානම් කර තිබෙන බවද කියයි.
මැයි රැළියට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයින්ට ද ආරාධනා කර ඇති බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකට වෙලා නැති බවත් ඒ මහතා පවසයි.
“අළුත් පක්ෂ හදනවා.එහෙම හදන්න අයිතිය තියනවා.හැබයි මම දන්න තරමට ඔය අළුත් පක්ෂයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අය තවම සමාජිකත්වය අරගෙන නැහැ.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනටම ලයිට් කණුවල එල්ලිලා ඉන්නවා හැබැයි කට්ටිය නුවර අවට, පොලිතින් පුරෝගෙන! අනිත් කාරණේ, දැන් කොහොමත් ඕකට සෙනඟ නැති උනාම ඒක අරක්කු දුන්නේ නැති නිසයි කියල නිදහසට කාරණයක් තියනවනේ නේද? දැන්ම ඔහොම කියල තිබ්බම....
මොනවා!! එහෙමනම් මහබැංකු කොල්ලයේ සල්ලිවලින් කෙලින්ම විස්කි දෙන්නද යන්නේ?
70-77 සමයේ එක වසරක තමයි පොලිතින් බැනර භාවිතයට ආවේ .ඊට කලින් භාවිතා උනේ රෙදි . ඒ කාලේ මැයි රැලියට ලංගම බස් වලින් සෙනග අදිනකොට පළමුවරට පොලිතීන් වල ලියාපු බැනර වින්ඩ්ස්ක්රීන් එකට යටින් මුළු බසයේම පළලට රේඩියේටර් ග්‍රිල් එක සම්පුර්ණයෙන්ම ආවරණය වෙන ආකාරයට හැම බසයකටම එල්ලා තිබුනා . දුර සිට ආපු බස් සියල්ලම මගදී බොයිල් කරන්න ගත්තා . සැහෙන බස් ගානක් එන්ජිම සීස් උනා . මේක කඩාකප්පල්කාරී වැඩක් කියා සලකලා මහා විශාල පරීක්ෂනයකුත් පැවැත්වුවා . නමුත් අන්තිමට රේඩියෙටරයට හුලන් නොවදින ලෙස මෝඩ මිනිසුන් බැනර සවිකිරීම මේකට හේතු උනා කියලා සොයාගත්තා
මැයි දිනය අයිති කම්කරුවාට,... ඇයි මේ දේශපාලන පක්ෂ කම්කරු දිනය අයිතිකරගෙන පක්ෂයේ හයිය පෙන්වන්න යන්නේ? අපේ දේශපාලකයෝ ඔය දේ තේරුම් ගන්නකම් අපේ කම්කරුවා සැමදා හිඟන තත්වයේමයි.
එහෙනම් ඇමතිතුමෝ මැයි රැලියත් නෑම තමා.....
මල්ලී,.. අරක්කු නැතුව මොන මැයි රැලිද. නිකන් දුන්නොත් නුවර, එහෙම නැත්නම් අතේ සල්ලි වලින් බීලා අපි යනවා ගාලු මුවදොර එකට.....
මැයි රැළියට වඩා වැදගත් පළාත් පාලන චන්දය. එකෙන් පුළුවන් කවුද බලසම්පන්න.