මනෝප්‍රිය ගුණසේකර
වෘත්තීය සමිතියකට අයත් රුපියල් ලකෂ 39 ක මුදලක් සාවධ්‍ය පරිහරණය කළ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව නීතීපතිවරයා පවරා ඇති නඩුව ලබන නොවැම්බර් 29 හා දෙසැම්බර් 11 වැනි දිනවල විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (15) තීරණය කළේය.
මෙම සිදුවීම සිදුවී ඇත්තේ වෙනත් අධිකරණ බලප්‍රදේශයක වන හෙයින් මෙම අධිකරණයට මෙම නඩුව විභාග කිරීමට බලයක් නොමැති බවට මහින්දානන්ද අළුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප්‍රතික්ෂේප කළ විනසුරුවරයා මෙම නඩුව අදාළ දිනවල විභාග කිරීමට තීරණය කළේය.
COMMENTS
මෙයා කෝප් කමිටුවේත් ඉන්නවා නේද?
අනේ අදත් අපි මෙයාගේ පියාට ගරුකරනවා.. මෙතුමා ඉතාමත් නිහතමානී, අවංක මහත්මා දේශපාලකයෙක්... අපට කණගාටු එයාගේ පුතා අද දේශපාලන මඩ ගොඩක ඉන්න එකයි...
ඊට කලින් ආණ්ඩුව මාරු වුණානම් ගොඩ තමයි...
ලැහැස්ති වෙමු. හාමුදුරුගොල්ලන් කීප නමකගේ පිණඩපාතයෙන් දඩයක් නියම කලොත් ගොඩයන්න.
අයථා කෝටි ගණන් මුදල් වංචා හෙළිකළේ මෙයාගේම බිරිඳ නේද?. ඉතින් මේ ගසාකපු මහජන මුදල් රාජසන්තක කිරීම යහපාලනයේ වගකිමයි.
දඩයක් නියම කලොත් මහින්දානන්ද අළුත්ගමගේටත් මේ විදිහට සල්ලි පිණ්ඩපාතේ යයිද?
ඉක්මණින් මේ තියෙන ආණ්ඩුව පෙරළුවොත් මේ ගොල්ලෝ ගොඩ තමයි.
බයවෙන්න දෙයක් නැහැ. දේශපාලනයේ ඉන්න හාමුදුරුවරු ගෙවයි දඩේ.
අපිටත් මේකම කරන්නයි දැන් තියෙන්නේ... හාමුදුරුවරු අපි ගැන බලාවි...
ගරු හාමුදුරුවරුනි, ඔබවහන්සේලාව යොදවාගෙන පිණ්ඩපාතේ යවමින් දේශපාලකයින් සිදුකරන මේ අධම ක්‍රියාව කිසිසේත්ම සුදුසු නොවේ. ඒ අය එහෙම වුවත් ඔබ වහන්සේලාට ලක්ෂ වාරයක් පිණ්ඩපාතයේ වැඩීමට වාසනාව ලැබේවා.
මේක මොකක්ද? සොහොන් කොත් නවීකරණය කිරීම සඳහා රජයේ මුදල් රුපියල් කෝටි නවයක මුදලක් යොදා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් කරනවයි කියලා තියෙන්නේ.