( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ඇමැතිවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී උපයාගත නොහැකි රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා නිවසක් බොරැල්ල කිංසි පාරෙන් මිලදී ගැනීම සම්බන්ධයෙන් නීතිපති ගොනු කළ අධි චෝදනා නඩුව වෙනත් මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නොමැති මහාධිකරණයක් හමුවේ කඩිනමින් විභාගයට ගන්නා ලෙසට අභියාචනාධිකරණය අද (20) නියෝග කළේය.
තමාට එරෙහිව අධිචෝදනා නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාගයට නොගන්නැයි ඉල්ලා හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන මහින්දානන්ද අලුත්ගමගේ ගොනු කළ රිට් පෙත්සම පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කීරීමට අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
එම පෙත්සම පිළිබඳ පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශවයන් හි කරුණු දැක්වීම් අවසන් කරමින් තීන්දුව ලබාදෙන ලදී.
මෙම පෙත්සම එස්.එස්.තුරෙයිරාජා සහ කුමුදුනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අතර එහිදී එම තීන්දුව ලබා දෙන ලදී.
COMMENTS
රටත්, නායකයනුත් විනාශ කළ මේ අයගේ නඩු ඉක්මනින් අසන්න.
උපයාගත නොහැකි කෝටි 2 යි ලක්ෂ 70 ක් ලැබුනේ කොහොමද කියල මෙතුමා හොඳින්ම දන්නවනේ. ඉතින් ඒ ක්‍රමය අපිටත් කිව්වනම් පින් සිද්ධ වෙනවනේ.
බොරැල්ල කිංසි පාරේ නිවසක් රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයකට ගත හැකිද?