තිළිණි ද සිල්වා
රට පාලනය කිරීමට හිටපු ජනාධිපතිවරයා ගේ උදව් අනවශ්‍ය බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ට්ව්ටර් සමාජ ජාලය ඔස්සේ පණිවිඩයක් තබමින් කියා සිටී.
අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ ඉකුත් 26 වැනිදා හිටපු ජනාධිපතිවරයා ට්විටර් සමාජ ජාල සේවාව ඔස්සේ සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී ‘රට වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෝ වෙනත් අයෙකු සමඟ ඕවෑම වේලාවක සාකච්ඡා කිරීම තමන් සූදානම් ‘ බවට කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් ට්විටර් පණිඩයක් නිකුත් කරමිනි.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයට වැඩිදුරටත් පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යවරයා සිය ට්විටර් පණිවිඩයෙන් මෙසේද කියා සිටී.
‘ ඇත්ත වශයෙන්ම රට පාලනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබේ උපදෙස් අපට අවශ්‍ය නොවේ. ඔබගේ සිටි කාලය තුළ මේ රට සම්පූර්ණයෙන්ම අවුල් ජාලයකට පත් කළා.අපි පිරිසිදු කරමින් සිටින්නේ ඒ සියලූ දේයි .ඒ නිසා ඊට ඔබගේ උදව් අනවශ්‍ය යැයි‘ සඳහන් කර තිබිණි.
COMMENTS
කුමන චෝදනා එල්ල කළත් මහින්ද ජනපතිතුමා මේ රටට කල සේවය අති මහත්. අවුරුදු තුනකට ආසන්න කාලයක් ගෙවී ඇතත් තාමත් මේ කයිවරු කාරයින් රටට කරපු දෙයක් නැහැ.. බැහැ කියලා පිළිගන්න කැමතිත් නැහැ...
තමන්ගේ සහ පවුලේ අයගේ සුබ සෙත වෙනුවට, රටේ ජනතාව වෙනුවෙන් අවංකව කාර්යක්ෂම ලෙස, රට විදෙස් ණය අගාධයට ඇද නොදමා නියම නායකයෙකු මෙන් රට පාලනය කරා නම්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දනින් වැටී උපදෙස් දීමට ඉදිරිපත්වීමට අවශ්‍ය වෙන්නේ නැහැ නේද ? මහජන චන්දයෙන් ඉවත දැමූ කෙනෙක් කොහොමද මෙවැනි යෝජනාවක් ලැජ්ජා නැතුව පවසන්නේ ?
මෙයාලා මේ ස්ටයිල් එක ට්‍රම්ප් ගෙන් ඉගෙනගෙන වගෙයි.
මංගල සර්, ඕකට කියන්නේ උදව් නොවේ. රටේ යහපත තකා යෝජනා හා අදහස්.
කාටහරි හොරකම් අහු නොවෙන්න කරන්න ඕනෑනුම් උපදෙස් ගත්තට වරදක් නැත.
අමරුවනේ මහින්ද හදපු රට කනවා. රට කනවා .
මහින්දට තියෙන බල කාමය නිසා තාමත් බලන්නේ මොන වංගුවක් හරි දාල බලය ගන්න. මහින්ද නැවත ගන්න තරම් මෛත්‍රී මෝඩ නැති බව තාම මහින්දට තේරෙන්නේ නැත. පුලුවන්නම් නැවත චන්දයකින් බලයට එන්න වංගු දාන්නේ නැතුව
මෙන්න ඒ ගමන තවත් අලුත් ජනාධිපති කෙනෙක්. මෙයනේ දැන් රටේ තීරණ ගන්නේ, මේ ඔක්කොටොම මුල දැන් ඉන්න ලොක්කට තමන්ගේ තනතුරේ තත්ත්වය රැක ගන්න බැරිකමයි. ඉතින් වලේ ලුලෙක් නැතිකොට කනයෝ රෑන පණ්ඩිතකම් දොඩනවා.
මොන්ගලේ, නිකන් උඩ පන්නිනේ ඉන්නවද! මහින්ද පණිවුඩේ යැව්වේ මෛත්‍රීට තුමුන්ට නෙවෙයිනේ!
මරු එක්කෙනෙක් පිළිතුර දීල තියෙන්නේ. මෙයාල තව අවුරුදු 3ක් රට පාලනය කලොත් මේ රට සිංහලයට අහිමි රටක් වෙනවා නසැකයි.
අවුල් කරලා ගිය නිසා වෙන්න ඇති හදපුවා විකුණන් කන්න හදන්නේ. බොරුවෙන් රට පාලනය කරගන්න මොනවා හරි වල්පල් දොඩවන එක තමා මේ අයගේ කෙරුවාව. රටේ මිනිස්සු අසරණ තත්වයට පත් වෙලා හමාරයි.
අශ්වයට ලාඩම් ගහනකොට කකුලේ ඉන්න මැස්ස අන්ද ඉස්සුවලු....
මහින්ද මහත්තයට මෙයාල මෙතරම් බය ඇයි.
ජනමාධ්‍ය අමාත්‍ය හෝ වෙනත් ඕනෑම කෙනෙකුට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා කියලයි මම හිතා ගෙන ඉන්නේ. මහින්ද රාජපක්ෂ මහතා කිව්වුවේ 'රට වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෝ වෙනත් අයෙකු සමඟ ඕනම වේලාවක සාකච්ඡා කිරීම තමන් සූදානම්' බවකුයි.
මෙයා කවුද? බල්ලගේ වැඩේ බූරුවෙක් කරන්න හදනවා වගේ.
"" ලුලා නැති වලට කනයා පණ්ඩිතයා " මේ වැකිය අනුන්ගේ තොප්පි දාගෙන , අනුන්ටම කඩේයන පරගැති දේශපාලුවන්ට වඩාත් උචිතයි.
බටහිර අභාෂය පෙන්වන අපහාසාත්මක ප්‍රකාශයක්. ආසියානුවන්ගේ සංවේදීතාවය ටයි පටියේ නැත.
මහින්ද මහතා හිතුවේ සදාකාලිකව රජ වෙන්නයි. පරම්පරාව ගොඩ දාන්නයි. දැන් සදාකාලික අනාථයෙක් වෙලා. ජාති භේදය වපුරන්න එපා.
නන්දලාල් සිල්වා වගේ අය පිටරට ඉඳන් බයිලා කියනවා. වෙන රටක ඉඳගෙන, මෙහෙ වෙන දේවල් නොදැන නිකන් අදහස් දාන්න එපා.
මහින්දගෙන් උපදෙස් අරගෙන රට වනසනවා.. වගේ.. අහුවෙන්නේ නෑ අායිත් නම්. ඒත් අපිත් මහින්දටම තමයි.
මහින්ද මහත්තයා රටට වැඩක් කරපු කෙනෙක්. ගුණමකුවන්ට ඒවා අමතකවෙලා.
තමන්ට පිරිසිදු කරන්න රටක් දිනවලා දුන්නේ මහින්ද කියන එක මේ මංගල නොදන්නා වාගේ හැසිරෙනවා. පුදුමයක් නැහැ.
මහින්ද මහතා යනු ඕනෑම දෙයක් උඩු යටිකුරු කරන්න පුළුවන් වැඩ කාරයෙක් බව අමතක නොකරන්න. 2020 වසර ඔහුටයි.
2020 මහින්දගේ..!! එතුමාට හොරා කියකිය මේ යහපාලනය කරපු හොරකම් අපි නොදන්නවැයි.
අම්මෝ ගිය උඩක්...