IMG-LOGO

2025 ජනවාරි මස 19 වන ඉරිදා


මහාධිකරණ විනිසුරු සංගමයේ හදිසි රැස්වීමක්

(මනෝප්‍රිය ගුණසේකර)

මහාධිකරණ විනිසුරුවන් නොවන පිටස්තර පුද්ගලයින් කෙළින්ම අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්කිරීම සම්බන්ධයෙන් ගතයුත පියවර කුමක්දැයි සාකච්ඡා කිරීම සඳහා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ විශේෂ මහසභා රැස්වීමක් අද (28) උදේ 9.00ට ආරම්භ විය.

කොළඹ මහාධිකරණ සංකීර්ණයේ අංක 1 මහාධිකරණ ශාලාවේ මෙම විශේෂ මහ සභා රැස්වීම පැවැත්වේ.



අදහස් (20)

මහාධිකරණ විනිසුරු සංගමයේ හදිසි රැස්වීමක්

Sanath Saturday, 28 April 2018 05:22 AM

රටක ඒකාධිපති බලතල තියෙන පුද්ගලයෙකුට කරන්න බැරි ගෑනියක්, මිනිහෙක් කරන්නයි, එ්කේ අනික් පැත්තයි විතරයි කියලා... ඔය ක්‍රමය අපිට උරුමකරලා ගිය උතුමා කිව්වා මට අදවගේ මතකයි. සාකච්ඡා කරලා එතුමා දැනුවත් කරලා සදාචාරය පිලිබඳ ප්‍රශ්නයක් මතුවෙලා තියනවා කියලා කිව්ව නම් පැනනැගිලා තියෙන අවුල මගහැරගන්න ඇහැක්වෙයි.

:       2       96

රවින් Saturday, 28 April 2018 07:49 AM

ඔය ක්‍රියාව පටන්ගන්න කොට නිශ්ශබ්දව ඉඳලා වැඩේ බරපතල වෙනකොට මොකද කරන්න ඕනේ? තුවාලේ ඔඩුදුවන්න ඉස්සෙල්ලා හොඳ කරගත්ත නම් නේද හරි විදිය? ගෞරවාන්විත විනිසුරුතුමන්ලා දන්නවා රාජකාරි මටමින් කීදෙනෙකු, නිලයේ නිසි සුදුසුකම් නොමැතිව ඉන්නවද කියලා. තවත් උතුමන්ලා කීදෙනෙකු දැනටමත් නූගත් උදවියගේ උපකාර බලාපොරොත්තු වෙනවද කියලා. තව උතුමන්ලා කිහිපපොලක් නිලයේ ගෞරවාන්විත භාවයට නුසුදුසු ලෙස හැසිරෙනවද කියා...

:       11       78

නයන කාන්ත Saturday, 28 April 2018 08:01 AM

ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවන් තෝරා ගන්නා ක්‍රම 3කි. එනම් මහාධිකරණ විනිසුරුවන් අතරින්, නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරීන් අතරින් සහ පෞද්ගලිකව නීතීඥ වෘත්තියේ නිරත ජේෂ්ඨ නීතීඥයන් අතරින් (මෙහි 3 වන ක්‍රමයට කෙනෙක් තෝරා ගන්නේ ඉතා කලාතුරකින්). මෙය අතීතයේ සිට පැවති සම්ප්‍රදායයක් මිස අලුත් දෙයක් නොවේ. කුමන ක්‍රමයෙන් තෝරා ගත්තත් ජනාධිපතිතුමා යෝජනා කරන නම නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කොලොත් පමණයි පත් කිරීමක් කල හැක්කේ (19 වන ව්‍යවස්ථා සංශෝධය අනුව). මෙහිදී වී ඇත්තේ මහාධිකරණ විනිසුරුවරුන්ගේ මැසිවිල්ලක් තිබෙනවා නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරීන්ට අවස්ථාව දීම නිසා ඔවුන්ට ඇති උසස්වීම් අවස්ථා කප්පාදුවක් වෙනවා කියා. හැබැයි මෑත කාලයේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් පත්වීම් ලැබූ විනිසුරුවරුන් ඒ සඳහා උචිත විශිෂ්ඨ අය බවයි මගේ හැඟීම...

:       8       68

RaveendraSaturday, 28 April 2018 09:53 AM

නයන කාන්ත මයා වෙත, ඇත්තෙන්ම අප නොදන්නා කරුණු ටිකක් අනිත් අය සමග බෙදා හදා ගැනීමට උත්සාහ කිරීම පිළිබඳව අප ඔබට ස්තුතිවන්ත වන්නෙමු.

:       8       49

asoka Saturday, 28 April 2018 09:37 AM

සුගන්ධිකා ප්‍රනාන්දු ඔබට ජයවේවා !!! ඔබනිසා දැන් මේ ගොල්ලෝ ගල් කාපු දෙබරයින් වාගෙයි.

:       251       294

ඩී. ජයදේව Saturday, 28 April 2018 09:59 AM

පහුගිය කාලේ නිදන් හිටපු අය ඔක්කොම වගේ මේ වෙනකොට ඇහැරිලා වගේ ...

:       11       57

Sunil Saturday, 28 April 2018 11:23 AM

මෙවැනි හදිස්සි රැස්වීමක් කැඳවිය යුත්තේ සුගන්ධිකා ප්‍රනාන්දු මැතිනිය හෙළි කල වැඩ ගැන පරීක්ෂණයක් කරන්නයි.

:       11       36

sanju Saturday, 28 April 2018 12:39 PM

දන්නේ නැති නිසයි අහන්නේ... ලංකාවේ නීතියක් තියෙනවද? ඒ මොනවගේ නීතියක්ද? සල්ලි නැති... බලය නැති ලංකාවේ නීතියෙන් පිහිටක් තියනවද?

:       12       161

prasad Saturday, 28 April 2018 12:50 PM

හෙඩිම දැක්කම මම හිතුවේ රැස්වීම අවසානේ " අපි නඩු කල් නොදා ඉක්මනින් විසඳමු" වගේ තීරණයක් ගන්න වෙන්න ඇති රැස්වුනේ කියලා. මම රැවටුණා. තමන්ගේ උසස්වීම් ගැනයි මේ රැස්වීම. ඉඩම් නඩු අවුරුදු 20ක්, 25ක් තියෙනවා. දූෂණ නඩු වල තීන්දුව දෙනකොට ඒ කාන්තාවගේ දරුවොත් දීග දීලා ඉවරයි. අනේ අපි කවදාක සැනසෙමුද මේ රටේ?

:       11       67

සතයපාල Saturday, 28 April 2018 12:50 PM

මේක මම දන්න ඉතිහාසයට අනුව ජෙ.ආර්.ගේ කාලයේ ඉඳලාම සිදු වූ දෙයක්. ජේ.ආර්. අළුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදලා ඒ ව්‍යවස්ථාවට අනුව ඉහල උසාවිවල විනිසුරුවන්ගේ තනතුරු අහෝසි වෙන්න සලස්වලා තමන්ගේ යහළු මිත්‍රයින් හා පාක්ෂිකයන්ගෙන් අධිකරණ පද්ධතියේ පුරප්පාඩු පුරවන්න පටන් ගත්තා. ඒකට හොඳම උදාහරණය තමයි එවකට අගවිනිසුරු ලෙස පත්කල රාජ නීතිඥ නෙවිල් සමරකෝන් මහතා. ඔහු කිසිදා උසාවියක විනිසුරුවරයකු ලෙස සේවය කර නොමැති බවයි සඳහන් වෙන්නේ... නමුත් ඔහු ජේ.ආර්. සමග නීති විද්‍යාලයේ එකට අධ්‍යාපනය හදාරා ඇති අයෙකි. ඒ වගේම ඔහු ජේ.ආර්. ගේ බලාපොරොත්තු බිඳ දමමින් මෑත ඉතිහාසයේ සිටිය අාදීතම හා එඩිතරම අගවිනිසුරුවරයා ලෙස ගෞරවයට ලක්විය.

:       0       53

සතයපාල Saturday, 28 April 2018 01:09 PM

ඊළගට බලයට පැමිණි ප්‍රේමදාස සහා චන්ද්‍රිකා යුගවලදී විනිසුරුවරුන් පත්කිරීමේදී බරපතල දේශපාලන මැදිහත්වීම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවීම් වාර්තා නොවූ අතර මහින්දගේ යුගයේ ජේ.ආර්. ටත් එහාගිය හා අශෝභන සිදුවීම් දක්නට ලැබෙන්නට විය. මේ මොන දේ සිදු වුනත් අධිකරණ විනිසුරුවන්ගේ කිසිම විරෝධයක් හෝ උද්ඝෝෂණයක් වාර්තා නොවුනු අතර මුල්වරට හෝ මෙවැනි ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වීම ප්‍රශංසනීයයි.

:       51       56

dasunSunday, 29 April 2018 05:03 AM

සරත් සිල්වාව චන්ද්‍රිකා උඩට ගන්නකොටත් ප්‍රශ්න ආවා. ශිරාණි බණ්ඩාරනායක උඩට ආවෙත් චන්ද්‍රිකාගේ කාලේ. එයාව අග විනිසුරු කරේ මහින්දයි. එතැනදී යූඑන්පී සහ අනික් අය ඒ ගැන බොහොම කෑගැහුවා. අැයගේ සැමියාට උඩ තනතුරු දීම ගැනත් මහින්දට චෝදනා ආවා. නමුත් ඒ යූඑන්පී එකම ශිරානිගේ තැන නැතිවෙන කොටත් අනේ අහිංසකාවි කිව්වා. කන්න ඕන වුනාම කොයි කබරයත් තලගොයා තමයි..

:       0       50

නොකවුට් Saturday, 28 April 2018 01:14 PM

යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා අගවිනිසුරු කළ යුතුයි.

:       12       212

Bandaara Saturday, 28 April 2018 02:04 PM

රන්ජන් මැතිතුමා අගමැතිකර, සුගන්ධිකා ප්‍රනාන්දු මැතිනිය අගවිනිසුරුතුමිය කරවමු..

:       102       75

sanathSaturday, 28 April 2018 06:30 PM

රන්ජන් රාමනායක මැතිතුමාට පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වන්න ඇහැකිනම් ජනාධිපතිතුමා එතුමා අනිවාර්යයෙන්ම අගමැති තනතුරට පත්කරයි. සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය අධිකරණ අමාත්‍යාංශයේ විවිධ අංශවල සේවය කිරීමෙන් ලැබෙන ජ්‍යෙෂ්ඨත්වය මත තව අවුරුදු 15-20 කින් පමණ අගවිනිසුරු හෝ නීතිපති හෝ සොලිසිටර් ජනරාල් වියහැකිය.

:       0       0

කරතොට ධම්මසිරි හිමි Saturday, 28 April 2018 03:03 PM

යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා අධිකරණයේ ඉහලම තැනට ගෙන ඒම කාලෝචිතයි.

:       15       532

dasunSunday, 29 April 2018 05:07 AM

ඇත්ත, ඉලංචේලියන් මහතා දැනට නම් ඉතාමත් හොඳයි. මම මේ දැනට කතාව කිව්වේ තරහින් නෙවෙයි. නමුත් විග්නේශ්වරන් මහතාත් මේ වගේ ගෞරවනීය රජයේ තනතුරු දරලා දේශපාලනයට යනකොට අපිත් හිතුවා හොඳයි කියලා. එහෙත් ඔහුගේ දැන් හැසිරීම ඉතා ජාතිවාදියි. එ්කයි මේ දෙපැත්ත වැනෙන්නේ. නමුත් සුදුසුකම් ඇත්නම් සුදුස්සාට තැන දෙන්න. ඒ වගේම සුදුස්සා තැන ලැබුණු පසුත් කලින් විදිහටම අපක්ෂපාතිව කටයුතු කරන්න.

:       0       0

de silva berlin Saturday, 28 April 2018 05:33 PM

අපේ රටේ ඉඩම් නඩුවක් විසඳන්න අවුරුදු10 -25ක් පමණ කාලයක් ගතවෙනවා. අපරාධ නඩුවක් අවුරුදු 5-15 අතර කාලයක් ගතවෙනවා. ලෝකයේ දියුණු රටවල අපරාධ නඩු බොහෝවිට මාස 2-3 ඇතුළත විසඳනවා. අසල්වැසි ඉන්දියාවේත් කලාපයේ වෙනත් රටවලත් ගතවන්නේ අපට ගතවන කාලයට වැඩිය විශාල අඩු කාලයක්... ලංකාවේ බොහෝවිට දිනපතා එක අධිකරණයක 200- 500 අතර පිරිසක් රස්තියාදු වෙනවා. කැඳවන නඩුවලින් 70% විතර කල් යන බව පෙනෙනවා. උසාවි වල රස්තියාදු වන ශ්‍රම බලකාය නිසා නඩු විසඳීමට විශාල කාලයක් ගන්න නිසා රටේ ආර්ථිකයට වන පාඩුව, යුද්ධ කාලයේ වූ පාඩුවට වැඩි මිසක් අඩු නැත. මෙම කල්යන නඩු අධිකරණයේ ගොඩ ගැසෙන නිසාත්, ඉදිරියේ රටේ වැඩිවන ජනගහනය නිසාත් මෙම ප්‍රශ්නය අනාගතයේදී බරපතල වන බව පෙනේ. කරුණාකර ඔබතුමාලට බැරිද, ලෝකයේ දියුණු රටවල ක්‍රියාත්මක වන ක්‍රියාධර්මය අධ්‍යයනය කරලා අපේ ක්‍රමයත් වැඩි දියුණු කරන්න.

:       0       1

maheshika Saturday, 28 April 2018 10:41 PM

මෙයාලව ඇහැරවන්න සුගන්ධිකාටම එන්න වුනා.

:       0       0

rocky Sunday, 29 April 2018 01:52 AM

බැරි වෙලාවත් අපේ නඩුකාර හාමුදුරුවෝ ඉස්ට්‍රයික් කෙරුවොත් මල කෙලියයි.. පිට රටින් නඩුකාර උන්නාන්සේලාව වැඩම කරන්න සිද්දවේවි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

මහ පුවරුව

බස් -බස් ගැටී 57ක් රෝහලේ
2025 ජනවාරි මස 19 363 0

පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් ගන්දර, තලල්ල ප්‍රදේශයේ අද(19) සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් 57 දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.


අටවෙනි පුදුමය අවට වනාන්තර කැලෑ පළුවෝ අල්ලති
2025 ජනවාරි මස 18 2898 9

ලෝකයේ අටවෙනි පුදුමය ලෙස හඳුන්වනු ලබන සීගිරියේ ගල සහ පිදුරංගල ගල පෙනෙන මානයේ සීගිරිය අභයභූමියට මෙන්ම වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ රජය සතු මහා වනාන්තර


විදුලි බිල සියයට 20කින් පහත දමයි
2025 ජනවාරි මස 17 4103 13

විදුලි ගාස්තුව සමස්ත වශයෙන් සියයට 20 කින් අඩු කිරීමට තීරණය කළ බවත් ඇතැම් පාරිභෝගික කණ්ඩවලට සියයට 30 කට වැඩි විදුලි ගාස්තු අඩු වීමක් වන බවත් ශ්‍රී ලංකා මහජ


විදේශිකයන් ගමන් ගත් බසයක් අධිවේගයේදී අනතුරක
2025 ජනවාරි මස 17 5141 12

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 138 කිලෝමීටර් කණුව ආසන්නයේදී අද (17) අලුයම 5 ට පමණ විදේශීය සංචාරකයන් පිරිසක් රැගත් බස් රථයක් සිමෙන්ති ප්‍රවාහනය කරන ලොරියක ගැටී එක්


ප්‍රශ්න පත්‍ර බලන්න ගවුම් ඇඳන් ආ ගුරුවරියන් පාසලෙන් එළියට
2025 ජනවාරි මස 16 7122 31

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පිහිටුවා ඇති උසස් පෙළ විභාගයේ පිළිතුරුපත් ඇගැයීමේ මධ්‍යස්ථානයේ පිළිතුරු පත් පරීක්ෂා කිරීමට ගවුම් ඇද ආ ගුරුවරියන් පි


අලුත් තෙල් පිරිපහදුවකට සයිනොපෙක් සමග ගිවිසුමක්
2025 ජනවාරි මස 16 3798 14

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහද


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 359 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 594 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 324 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site