(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය අද දිනයේදී දකුණු මුහුදු ප්‍රදේශය හරහා බටහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයට ගමන් කරනු ඇති බවත් ඒ හේතුවෙන් අම්බලන්ගොඩ සිට මාතර දක්වා වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යා හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද ඇති බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.
එමෙන්ම ගිණිකොණ, දකුණු, නිරිත සහ බස්නාහිර මුහුදු ප්‍රදේශ එනම් පොතුවිල් සිට හම්බන්තොට, ගාල්ල සහ කොළඹ හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි සහ සුළං ඇතිවිය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු විය හැකි බව ඔහු කීවේය.
මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල යෙදීම අවදානම් වන අතර නාවුක ප්‍රජාවද අවධානයෙන් කටයුතු කළ යුතු බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනය පුරා ඉතා තද වැසි ඇතිවන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කහව ප්‍රදේශයට මුහුදු වතුර ගලපු ගමන් ඉක්මණටම කියපු එක හොඳයි. නැත්නම් අපි බලනවා.. ඇයි කාලගුණේ මෙතරම් ප්‍රමාද අනාවැකි කියන්නේ කියලා..