IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මුහුදු යන ධීවර යාත්‍රා රක්ෂණය කිරීම අනිවාර්යයි

(නිමල කොඩිතුවක්කු)
          
ධීවර රැකියාව සඳහා මුහුදු යන ධීවර යාත‍්‍රා සියල්ල නිසි ලෙස රක්ෂණ ආවරණය කර තිබීම අනිවාර්ය කරන බව  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.

එවැනි රක්ෂණ ආවරණ නොමැති කිසිදු යාත‍්‍රාවකට ධීවර කටයුතු සඳහා නිරතවීමට කිසිදු ආකාරයක බලපත‍්‍රයක් ලබා නොදෙන ලෙසත් රාජ්‍ය අමාත්‍යවරයා ධීවර දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේය.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ  ප‍්‍රධානත්වයෙන් ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී  ඔහු මෙම උපදෙස් ලබා දුන්නේය.

මෙම සාකච්ජාවට ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක නිහාල් පාලිත, ධීවර වරාය නීතිගත සංස්ථාවේ මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්, ධීවර වරාය නැංගුරම් ජල ව්‍යාපෘතියේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ධීවර සමිති නිලධාරීහු සහ ධීවර කාර්මිකයෝ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී ධීවර කාර්මිකයින් පෙන්වා දුන්නේ අනතුරට පත් ධීවර යාත‍්‍රා සදහා රක්ෂණ වන්දි ලබාගැනීමේ බරපතල ගැටළු මතු වී ඇති බවයි. 

මේ හේතුවෙන් ධීවර කාර්මිකයින්, යාත‍්‍රා හිමිකරුවන් මෙන්ම ධීවර පවුල් පත්වන අසීරුතාව පිළිබඳව මෙම සාකච්ජාවට එක්ව සිටි ධීවර කාර්මියෝ පැවසූහ.

ගොඩබිමදී සිදුවන අනතුරු සඳහා මෙන්ම මුහුදේ සිදුවන අනතුරුවලදී අර්ධ හානිවන බෝට්ටු සඳහා කිසිදු රක්ෂණ වන්දියක් නොලැබෙන බවට ධීවරයෝ පෙන්වා දුන්හ.

ඒ අනුව පුර්ණ හානි සඳහා පමණක් දැනට රක්ෂණ ආවරණය ලබාදීමෙන් ධීවර ප‍්‍රජාව පත්ව සිටින අසරණ තත්වය සළකා  පුර්ණ හානිවලට අමතරව අර්ධ හානි සඳහා ද රක්ෂණ ආවරණය ලබාදීමට අවශ්‍ය කටයුතු කඩිනමින් ඉටුකරන ලෙසත් මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා  ධීවර දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේය.



අදහස් (1)

මුහුදු යන ධීවර යාත්‍රා රක්ෂණය කිරීම අනිවාර්යයි

sisira Monday, 01 July 2019 12:26 AM

එතකොට ඔය ඔරු වල ගිහින් මාළු අල්ලන දුප්පත් ධීවරයන්ට ඔය කියන රක්ෂණ වාරික ගෙවන්න මහා මුහුදටම වෙලා මාළු අල්ල අල්ල ඉන්න වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site