IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මුහුදට තෙල් දැම්මාට තෙල් ගබඩා සංකීර්ණයෙන් වන්දි ඉල්ලා නඩු

විනීතා එම් ගමගේ
 
මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයට  තෙල් ගෙන යන නලයක් පුපුරා යාමෙන් සිදු වු තෙල් කාන්දුව පිළිබඳව ඛණිජ තෙල් තොග ගබඩා සංකීර්ණයෙන් වන්දි ඉල්ලා නඩු  පැවරීමට සමුද්‍රිය දුෂණ වැළක්වීමේ අධිකාරිය පියවර ගෙන ඇත. 


එසේ නඩු පැවරීම සඳහා අද (10) වෙරළ තීරයේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන්  කර ගත් බවත් අද මුහුදේ තෙල් කාන්දුව සිදුවූ නැවෙන් හා වෙනත් දුටු සාක්ෂි ලබා ගැනීමට  නියමිත බවත් සමුද්‍රීය දුෂණ වැළැක්වීමේ අධිකාරියේ සාමාන්‍යධිකාරි ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර මහතා  පැවසීය. 


දික් ඕවිට සිට උස්වැටකෙයියාව වෙරළ තීරයේ විසිරී ඇති තෙල් ඉවත් කිරීමේ පාරිසරික මෙහෙයුම සමුද්‍රීය දුෂණ වැළැක්වීමේ අධිකාරියේ විශේෂඥ උපදෙස් මත මේ වනවිටත් ආරම්භ කර ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබේ.


පෙරේදා රාත‍්‍රියේ දී  නෞකාවකින් කලූ තෙල් ගොඩ බාමින් සිටියදී මුතුරාජවෙල බෝයේ නලයක මෙම කාන්දුවීම හටගෙන  තිබු අතර කාන්දු වු තෙල් මුහුදට එක් වෙමින් පැවතිණි. 


ඈත මුහුදේ තිබු තෙල් වියෝජනය වීම සඳහා රසායනික ඉසීම පෙරේදා සිදුකළ බවත් මේ වනවිට වෙරළ තීරයට ගොඩ ගසන තෙල් තට්ටු හා වෙරළාසන්නයේ තෙල් තට්ටු ඉවත් කරමින් සිටින බවත් කී ප‍්‍රදීප් කුමාර මහතා මෙම තෙල් ඉතා ඝණකමින් වැඩි බවත් විෂ සහිත බැවින් සීරුවෙන් ඉවත් කළ යුතු බවත් ප‍්‍රකාශ කළේය. 


කෙසේ වෙතත් පරිසරයට හානිකර වන මෙම තෙල් තට්ටු ඉක්මනින් ඉවත් කර පරිසරයට වන හානිය වැළැක්වීමට කටයුතු කරන බව ද හෙතෙම තවදුරටත් දියා සිටියේය.    
 



අදහස් (0)

මුහුදට තෙල් දැම්මාට තෙල් ගබඩා සංකීර්ණයෙන් වන්දි ඉල්ලා නඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 638 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site