රංජන් කස්තුරි

දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට (04) සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

යාපනය නගර සභාවට අනුයුක්තව සේවය කරන පළාත් පාලන දෙපාර්තමේන්තුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පස් දෙදෙනකු ස්ථාන මාරු කිරීම, පූර්ව දැනුම්දීමකින් තොරව විනයානුකූල කටයුතු කිරීම ආදී කරුණු කිහිපයක් මුල් කර ගනිමින් එම වර්ජනය සිදු කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කීවේය.

ඒ අනුව දිවයින පුරා සේවය කරන සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට උදෑසන 7.30 සිට පස්වරු 4.30 දක්වා වර්ජනය කරති.