(රංජන් කස්තුරි)
ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ වත්මන් සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ නිල කාලය ලබන ජුනි 30 වැනි දා අවසන් වේ. මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩු සමයේ දී හිටපු සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයට පත් කරන ලදි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයේ කාලය වසර පහක් වන අතර එම කාලය නිම වීමෙන් පසුව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් තවත් මාස හයක කාලයක් සඳහා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා වෛද්‍ය සභාවේ සභාපති තනතුර පිරිනමා තිබිණි. එම මාස හයක කාලයද ජුනි 30 වැනි දා අවසන් වේ.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජික සංඛ්‍යාව 25 කි. වෛද්‍ය සභාවට සභාපතිවරයා සහ තවත් සාමාජිකයන් සිව් දෙනෙකු පත් කිරිමේ නිල බලය සෞඛ්‍ය ඇමැතිවරයාට හිමිය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මහාචාර්ය කාලෝගේ නිල කාලය ජූනි 30 දා අවසන්
nishan Tuesday, 23 May 2017 11:24 AM
දැන් කාලේ හරි යන්න.
piyaruwan Tuesday, 23 May 2017 12:09 PM
කරුණාකරලා සය්ටම් පක්ෂ සභාපතිවරයෙක් පත්කරගෙන, පොදු ජනතාව වෙනුවෙන් යයි පෙනිසිටිමින් සංගමයේ දොස්තරල කරන කුහකකම් වලට නිසි පිළිතුරු දෙන්න.
upali Tuesday, 23 May 2017 12:39 PM
හරි...තව සතියකින් බඩු හරි...
බද්රානි Tuesday, 23 May 2017 01:04 PM
" සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් තවත් මාස හයක කාලයක් සඳහා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා වෛද්‍ය සභාවේ සභාපති තනතුර පිරිනමා තිබිණි" සිහි බුද්ධියෙන් මෙන්න මේ ටික කියෙව්වා නම් ලාංකික සමාජය තුල ක්‍රියාත්මක වෙමින් පවතින දේශපාලන හා ඔවුන් විසින් පත්කොට තිබෙන නිලධාරීන්ගේ කෙරුවාව හිතා නාන්න පුළුවන්. දේශපාලන, නිලධාරී, පුජක, මාධ්‍ය ඇතුළු ජනතාවකින් සමන්විත මාෆියා කල්ලියක් විසින් මෙහෙයවන රටක් මේක. පුළුවන් කමක් තිබෙන අය මේ මෙයාල සමගම මේ රට විනාශකිරීමට ඉඩදීලා මේ රටින් පිට වෙන්න. පිටරටක ජීවත් වෙන හර්ද සාක්ෂියට අනුව ජීවත් වෙන්න පුරුදුවී සිටින අය ඒ රටවලටම වෙලා ඉන්න. අනෙක් අයට පුළුවන් මේ රටට ඇවිත් මේ මුර්ගයින් සමග මේ නරාවලේම කිමිදිමින් මිය යන්න. මේ රටේ ඉන්න මාෆියා කාරයින්ට අවශ්‍යකරන්නේ,නැති ප්‍රශ්නයක් හෝ ඇතිකර ගෙන ඒ ප්‍රශ්නයෙන් බඩ වඩා ගැනීම පමණයි. ප්‍රශ්න විසඳනවා වෙනුවට ප්‍රශ්න අනුභව කරමින් නැවත එයම වමාරා කන අය ඉන්න රටක් තමයි මේක.
ධම්ම Tuesday, 23 May 2017 01:04 PM
ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ නව සභාපති ලෙස දොස්තර නෙවිල් ප්‍රනාන්දු මහතා නුසුදුසුයැයි මම යෝජනා කරමි.
Ranjith Silva Tuesday, 23 May 2017 01:07 PM
මේවගේ පරණ විදිහට හිතන අය වෙනුවට නව අදහස් දරන අය පත් කරන්න මේක හොඳම අවස්තාවක්. කාලය පැමිණ ඇත අදුරු තුමනි. ගෙදරවී විවේක ගන්න. තරුණ යට ඉදිරියට එන්න ඉඩ දෙන්න.
විජිත් Tuesday, 23 May 2017 01:33 PM
මම මෙතුමා ගැන කුඩා කල සිටම හොඳින්ම දන්නවා.මතබේදකාරී අදහස් දක්වමින්, දේව දෘෂ්ටියට අභියෝග කරමින්, උරු මස්කාල අරක්කු වීදුරුවක් බිලා ගිනිපාගපු හැටි මම බලාගෙන හිටියේ මහත්වූ අභිමානයෙන්. ඒ කාලේ මටත් සයන්ස් කියන " උන " තදින්ම තිබුන කාලයක්...කාලය ගෙවිගියා.අපිත් ඉගෙනගෙන විශ්ව විද්‍යාලවලට ගිහින් අන්තිමේදී ඉපදුනරටිනුත් බොහෝදුර තියෙන රටක ජීවිතය ගෙනියනවා.නමුත් මෙතුමා තවමත් මේ වාසනාවන්ත භුමියේ පැවැත්ම වෙනුවෙන් දිවි නොතකා අරගල කරමින් සිටිනවා.ගරු මහාචාර්යතුමනි තවමත් මම ඔබ තුමාව අගයකරනවා.අපේ ආයුෂත් අරගෙන තවත් බොහෝකාලයක් රට වෙනුවෙන් සේවයකරන්නට ඔබට වාසනාව ,දිරිය සහ නිරෝගී සුවය ලැබේවා කියා පතමි.
kalum Tuesday, 23 May 2017 01:34 PM
අයං විශ්‍රාම කාලෝ
nihal Tuesday, 23 May 2017 01:35 PM
ඔබතුමා රටට දැයට ණය නැති පුත්‍රයෙකි ඔබගේ සේවය උත්තරීතරය අනාගතය විවේකී සුවයෙන් ගතකරන්න ඔබගේ දැනුම අපට අවශ්‍යයි.
lalith Tuesday, 23 May 2017 03:29 PM
නිල කාලෙ අවසන් වුනත් නැතත් අයින් වෙන්න කාලෙ හරිනේ. වල පයයි ගොඩ පයයි කියල එතුමාම කියනවනේ. ඔය කාලේ වෙනකොට අපේ සියට එහෙම මේ කියන දේ මේ මතක නැහැ. සීයාගේ අදහසට පිටින් අලුතින් යමක් කරන්න ගියොත් එක කොච්චර හොඳ වුනත් නවීන වුනත් මාර ජුවල් යනවා.
සිරි Tuesday, 23 May 2017 04:21 PM
වෘත්තිකයන්ගේ ආචාර ධර්ම අනුව, කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට්ස් (ලැදියාවන්ගේ ගැටුම්) වලින් තොර විය යුතුයි. සයිටම් ප්‍රශ්නයේදී මේ මහත්මයා ඒ ආචාර ධර්මය අනුගමනය කලාද යන්න සැකයක්. වෛද්‍ය සභාවේ සභාපති ධූරය දරන ගමන් වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිතියේ සහ තමන් ලැදි වෛද්‍ය විද්‍යාල වල උවමනා එපාකම් වෙනුවෙන් පෙනී සිටීම සුදුසු ක්‍රියාවක් නොවේ.
Hafeel Tuesday, 23 May 2017 07:36 PM
මෙතන්ට චතුර සේනාරත්නව පත්කරමු.
ලුම්බිණි Wednesday, 24 May 2017 03:59 AM
නරකද දැන්වත් සින්දුවක් ලියාගෙන තමන්ගේ පාඩුවේ උන්න නම්.
Ravindra Kumara Wednesday, 24 May 2017 04:09 AM
අධ්‍යාපනය සෞඛ්‍ය ජනතා සුබසාදන සේවාවන් විකිණීමට එරෙහි වුන ඒ සොදුරු මිනිසා වෛද්‍ය සබාවෙන් නික්මයාම නිදහස් අධ්‍යාපනයට නිදහස් සෞඛයට දැඩි තර්ජනයකි මන්දයත් රාජිත කිරිඇල්ල වැනි ජනතා අයිතීන් විකුණන ජනතා ද්‍රෝහී මිනිසුන්ට මෙය කදිම අවස්ථාවකි
sugath Wednesday, 24 May 2017 04:29 AM
අනුන්ගේ අධහස් වලට ගරු නොකරන, තමන්ගේ මහන්තත්වය අනුන්ට පෙන්වන, මේවගේ දෙපිට කාට්ටු මිනිසුන් යන දේවාලයකට ගියා දෙන්. එදා සය්ටම් හොඳ වෙන්නත් අද සය්ටම් නරක වෙන්නත් මේ අයගේ අදහස් අපිට ගැලපෙන්නේ නැහැ. ඔහුගේ ආචාර්ය ධර්ම ඉතාමත් පහත් තත්වයක තියෙන්නේ.
Ravindra KumaraWednesday, 24 May 2017 04:54 AM
උතුරු කොලඔ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ජනසතු කරන සටනෙත් හිටපු පුද්ගලයෙක් කාලෝ පොන්සේකා අද කම්කරුවාගේ දරුවත් ධනවතාගේ දරුවොත් දහස් ගණනින් ඉගනගන්නවා ඒ මිනිස්සුන්ට පින් සිද්ද වෙන්න රජයේ රෝහල් වල ගෙවන වාට්ටු දාන්න යෝජනා දැන් පාර්ලිමේන්තුවට ඇවිත් ඒවාට ගෙවන්න වෙනකොට රජයේ රෝහල් වල පාමසි වලටම ගෙවන්න වෙනකොට රජයේ පාසල් වලම බිල් කඩනකොට තමන්ගේ දරුවට උගන්වන්න බෙහෙත් ටික හැමදේම සල්ලි මතම පදනම් වෙනකොට හැමෝටම තේරෙයි. කාලෝල වෛද්‍යවරු විශ්වවිද්‍යාල ලමයි පාරට බැහැල කදුළු ගෑස් කැවේ හිරේ ගියේ මේ රටේ ජනතාවගේ දරුවන්ගේ අනාගතේ වෙනුවෙන් බව තමන්ග අම්ම තාත්තලගෙ හීන උකස් කරලා මතු පර පුර වෙනුවෙන් ඒ වගේ කැපවීම් හැමෝටම කරන්න බෑ. ඒ කැපවීම් වලට කඩේ යනවා කියල කියන්නේ අදබාලයෝ අපි සටන් කරන්න ඕනි පාලකයෝ වෙනස් කරන්න නෙමෙයි ජනතාව වෙනස් කරන්න මන්ද යත් අසාධාරණය යුක්තිය දැක දැක බිම බලන් ඉන්න අමන ජනතාවක් කවදාවත් අරගල නොකරන නිසා
maheeWednesday, 24 May 2017 04:57 AM
සුගත්, ඔබ පළකර ඇති අදහස 100% ක් හරි. නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍යය රකින මුවාවෙන් වෛද්‍ය මාෆියාවට පන්දම් ඇල්ලු මෙවැන්නන් නික්ම යාම සැබෑ නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍යය හරියට තේරුම් නොගත් අයට නම් දුකක් ගෙන දෙනවා ඇති.
Ravindra KumaraWednesday, 24 May 2017 06:30 AM
ඔබ නිදහස් අධ්‍යාපනය යනුවෙන් අදහස් කරන්නේ අතේ ඇති මුදලට ප්‍රමාණවත් අධ්‍යාපනයක් නම් මට තර්ක කිරීමට අවශ්‍ය නැත. වසරකට 150000ක් උසස් පෙළ සමත් 25000ක් වැනි පොඩි පිරිසක් කැම්පස් වලට ගන්නවා එකට විසදුම සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාල නම් කී දෙනාටද ඒවගේ ඉගෙනගන්න වත්කමක් තියෙන්නේ ඒවගේ ඉගෙනගන්න ලමයින්ටත් නොමිලේ ඉගෙන ගන්න අවස්ථාව දිය යුතුය. මන්ද යත් ඔවුන්ද නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් බදු ගෙවන නිසාය. තමන්ගේ අයිතිය වෙනුවන් හඩ නැගිය යුතුය. නෙවිල් ප්‍රනාන්දුලට ලාබ උපයන්න වෛද්‍ය අධ්‍යාපනය යොදා ගැනීමට ඉඩ දිය නොහැක. අධ්‍යාපනය මිල වන විට එම අයිතිය නැති වන විට මිනිසා ශිෂ්ට බැවින් ඈතට .ගමන් කරයි. එවිට කොන්ඩයා වෙලේ සුදා වැනි අය බිහි වීම වැලක්විය නොහැක. වඩා යහපත් සමාජයක් උදෙසා වෛද්‍ය විද්‍යාව පමණක් නොව සියලු අධ්‍යාපනයන් ධනවතාටද දුප්පතාටද එක ලෙස ලැබිය යුතුය. ඒ වෙනුවෙන් සටන් කරන ඔබේ භාෂාවෙන් ඒ කුහකයන් ඒ වඩා යහපත් සමාජය ගොඩ නැගීමට ඉදිරියටත් ඔබ පවසන ලෙස කුහකත්වයෙන්ම කටයුතු කරාවි