IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


‘මාස් කන්නය වගා කරන්න අවශ්‍ය ධාන්‍ය නොමිලේ දෙන්න පියවර ගත යුතුයි’


 
(දයාරත්න ඇඹෝගම)
 

නියඟය හේතුවෙන් කන්න හයක් ගොවිතැන් කටයුතු නතර වී තිබුණ රජරට ගොවීන් හට මාස් කන්නයේ වගා කිරිම සඳහා අවශ්‍ය බිත්තර වී, බඩඉරිගු ඇතුළු අනෙකුත් ධාන්‍ය වර්ග නොමිලේ ලබා දීමට රජය වහා පියවර ගතයුතු යැයි උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා පවසයි.


අද (7) පෙරවරුවේ ඒ මහතාගේ අනුරාධපුර පිහිටි නිවසේ පැවති මාධ්‍ය හමුවක දී හෙතෙම මේ බව පැවසීය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු උතුරු මැද හිටපු ප්‍රධාන අමාත්‍ය රංජිත් සමරකෝන් මහතා මෙසේ ද පැවසීය.


රජරට පැවති වියළි කාලගුණික තත්වය අවසන් වී අද වන විට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබෙමින් පවතිනවා. මේ වන විට මාස් කන්නයේ කෘෂිකාර්මික කටයුතු ආරම්භ වී තිබෙනවා. වසර දෙක හමාරක කාලයක් කිසිදු ආදායමක් ගොවීනට ලැබුණේ නෑ. ඔවුන් එදා වේල හොයාගන්න බැරි තත්වයකයි ජීවත් වෙන්නේ. මේ කරුණු සැළකිල්ලට ගෙන සී සෑමට, පොහොර සහ ගොවි බිමට අවශ්‍ය බීජ නොමිලයේ ලබාදීම මේ මොහොතේ රජය වගකීමෙන් යුතුව සිදුකළ යුතුයි.


එමෙන්ම ගොවිබිම්වල අස්වනු නෙලා ගන්නා තුරු සියලුම ගොවි පවුල්වලට වියළි සලාක මල්ලක් ලබාදීම ද රජයෙන් ඉටුවිය යුතු ප්‍රධාන කාරණයක්. නමුත් වත්මන් රජයට ගොවියා නගා සිටුවීම පිළිබඳ සැලැස්මක් නෑ. අද දඹුල්ලට ගෙන එන එළවළු ටොන් ගණන් විකුණා ගන්න බැරිව අලින්ට කන්න දානවා. එළවළු පළතුරු අපනයනයක් ගැන ආණ්ඩුව තුළ ඇත්තේ වචන හරඹයක් පමණයි.


රුපියලේ අගය අඩු වැඩි වීම පිළිබඳව කතා කරන ආණ්ඩුව ගොවියා පත්ව සිටින ඉරණම ගැන ඇහැක් ඇරල බලන්නේ නෑ. කන්න හයක් පාලු වුණ ගොවීන්ට සැළකිය යුතු ආකාරය අපි මතක් කර දිය යුතු නෑ. මේ ආණ්ඩුවේ ඉන්නවයි කියන ආර්ථික විශේෂඥයින් ට අසරණ ගොවියා අමතක වීම පුදුමයක්.



අදහස් (5)

‘මාස් කන්නය වගා කරන්න අවශ්‍ය ධාන්‍ය නොමිලේ දෙන්න පියවර ගත යුතුයි’

Sumith Sunday, 07 October 2018 12:25 PM

කියලා වැඩක් නැහැ ගොයියෝ සුන්...

:       0       11

සතයපාල Sunday, 07 October 2018 01:19 PM

පළාත් සභාව තියෙන්නේ ඒකට තමයි නැතිව රටේ මහජන මුදලෙන් රට සවාරි ගහන්නයි, හොරකම් කරන්නයි විතරක් නොවේ. මුලින්ම තමන්ගේ අතින් ඉටුවෙන්න තියෙන වගකීම් හා යුතුකම් ඉටු කරලා හිටියා නම් හරි...

:       0       14

Sumith Sunday, 07 October 2018 03:31 PM

දැන් බලන්න එළවළු මිල... තක්කලි කිලෝ 1 රුපියල් 5යි. දැන් බණ්ඩාරවෙල එළවළු ගොවීන් වගාවෙන් ඉවත් වෙලා සිමෙන්ති අනනවා. වෙනස කොහොමද?

:       2       0

athuraMonday, 08 October 2018 04:16 AM

වෙනස ගැනම කතාකර පලක් නැහැ මහත්මයා ඇයි ගිය ආණ්ඩුව කාලෙ මෙහෙම වුනේ නැද්ද? නැති නම් ඔබතුමාට අමතකද?

:       0       0

Honey Monday, 08 October 2018 01:20 AM

එලවලු මිල වැඩි කරණු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 174 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 241 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1115 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site