(ඩේලිමිරර් ඇසුරෙනි-042)

තම පුත්‍රයා ඕස්ට්‍රේලියාවේ සිටිද්දී ශ්‍රී ලංකාවේ මවක ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කර ඇතැයි කෙයන්ස් පෝස්ට් වාර්තා කරයි.

ඇය ඉකුත් වසර අවසානයේදී ශ්‍රී ලංකාවට යැවූ බව නිලන්ති සේනාරත්න මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ප්‍රෑන්ක් ලන්සා මහතා පවසයි.

ඇගේ පුතාට හදාවඩාගත් මිත්තණිය සමග එරට රැඳී සිටිමට අවසර ලබා දී ඇති අතර ඔහු කෙයන්ස් හී ප්‍රාථමික පාසලක ඉගෙනුම ලබයි.

ආගමන ඒජන්සියේ කීමට සේනාරත්න මහත්මිය ව්‍යාජ ලෙස සරණාගතභාවය ඔප්පු කිරීමට ගොස් ඇතැයි ද වංචා චෝදනාවකට එම ආයතනයේ ලියාපදිංචිය අහෝසි කර ඇතැයි ද ලන්සා මහතා පවසයි.ඒ මීට වසර දහයකට පෙර දී බවද ඒ මහතා කියයි.

 “එම ආයතනය ව්‍යාජ අයදුම්පතක් සැකසීමට ඇයට බල කර තියෙනවා.ඒක සම්පූර්ණයෙන් වැරදියි.ඒ කාලයේදී ඇය අතින් වූ එම අත්වැරැදීම් ඇගේ වර්තමාන තත්ත්වය පිළිබිඹු නොකරන බව අපි ප්‍රකාශ කිරීමට උත්සහ කළා.නමුත් අමාත්‍යවරයා ඒවා සලකා බැලුවේ නැහැ.අවසානයේදී ඇය සරණාගතභාවය සම්බන්ධයෙන් බොරු කී බවට ඔහු තීරණය කළා.“යැයි ඔහු පවසයි.

ඇගේ පුත්‍රයාට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටිමට ඉඩ ලබාදෙමින් ආගමන විගමන අමාත්‍ය පීටර් ඩුටෝන් තම තීරණය ප්‍රකාශ කර ඇත.  

ඇගේ පුතාට තව වසර 10කින් පුරවැසිභාවය සඳහා අයදුම් කළ හැකි බවත් ඉන්පසුව ඇගේ මවට අනුග්‍රාහකත්වය ලබාදෙන ලෙසට ඉල්ලා සිටිය හැකියි.

 “ඇගේ අයදුම්පත ‘තමන්ට සිටින එකම ඥාතින් මත සකසන‘ වීසා අයදුම්පතක් විය යුතුව තිබුණා. දකින විදියට නම් එලෙස අයදුම් කළානම් එය අනුමතවීමට තිබුණා. ඇය අපි ගාවට පැමිණියේ ඇගේ සරණාගත අයදුම්පත ප්‍රතික්ෂේප වෙලා අමාත්‍යවරයාත් ඒක ප්‍රතික්ෂේප කළාට පස්සෙ“ලන්සා මහතා කියයි.

එය කනගාටුදායක සිද්ධියක් බවත් ඇගේ පුතාට හෝ ඕස්ට්‍රේලියාවේ සිටීමට ඉඩ ලබාදීම ගැන සතුටු වන බව ඒ මහතා පවසයි.

“ඇය මාංචු දමා රැගෙන යාම ප්‍රශ්නයක් නෙමේ.ඇයට ගුවන් ටිකට් පතක් ලබාගැනීමට සහයා ලැබුණා.ඇයව ගුවන් යානය වෙත ගෙන ගොස් දැමුවා.ඇයට මෙරට රැඳී සිටිමට අවසර ලැබුණානම් ඇය සතුටු වෙයි.නමුත් වීසා නොමැති නිසා ඇයට නොහැකි වුණා.මම දන්නා තරමින් ඔහුට මෙහේ ආරක්ෂිතව සිටිමට පුළුවන් වෙයි.ඔහුට ඔහුව හඩාවඩාගත් මිත්තණියගේ ආදරය රැකවරණයි තියෙනවා.ඒ වගේම කෙයන්ස්වල ඔහුට ඥාතියකු සිටිනවා“ලන්සා මහතා කියයි.