IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මව වෙනත් රැස්වීමකට ගියැයි ඡන්ද අපේක්ෂක පුතුගෙන් මරණ තර්ජන

(ශාන්ත කුලරත්න)

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා කඩුවෙල මහ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දැඩිගමුව කොට්ඨසයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයා සිය මවට හා මාමාට මරණ තර්ජනය කර ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇතැයි නවගමුව පොලිසිය පවසයි.

මෙම මරණ තර්ජනය සිදුකරන අවස්ථාවේදී අදාළ අපේක්ෂකයා සතුව පිස්තෝලයක්ද තිබී ඇති බවට පැමිණිල්ලේ සඳහන් වේ.

දැඩිගමුව කොට්ඨාසයට තරග කරන හිටපු නාගරික මන්ත්‍රීවරයකු සංවිධානය කළ රැස්වීමකට තමා සහභාගීවූ බවට ඊට විරෝධය පළකරමින් තම පුත්‍රයා මෙසේ තර්ජනය කර ඇති බවටත් ඔහුගේ මව කළ පැමිණිල්ලේ සඳහන් වේ.

 



අදහස් (12)

මව වෙනත් රැස්වීමකට ගියැයි ඡන්ද අපේක්ෂක පුතුගෙන් මරණ තර්ජන

sahan Thursday, 28 December 2017 07:02 AM

පේනවා නේද ඔය පොහොට්ටු පක්ෂේ අය ඔහොම තමා,

:       2141       1810

sanjayThursday, 28 December 2017 08:35 AM

රට හදන්න අම්මට හරි වෙඩි තියයි.

:       0       0

විමලාFriday, 29 December 2017 02:05 AM

සහන් ඔයා කැපුවත් යූ.එන්.පී. කියලා අසල්වැසි අපි දන්නවා.

:       0       34

channa Thursday, 28 December 2017 09:23 AM

පත් වෙන්නකළින් අම්මට ඔහොම සද්ද දානවා.....පත් උණාට පස්සේ විරුද්ධවාදීන්ට කොහොම සළකයිද?

:       1       402

රවින් Thursday, 28 December 2017 09:57 AM

බොහොම හොඳ ඡන්දය දීමට වටිනාම පුද්ගලයෙක්. ලොකුම සුදුසුකම තමා වැදූ මවට මරණ තර්ජන එල්ල කිරීම. මෙයාට ඡන්දය දෙන උදවියට නිර්වාණය,හා දෙවියන් වහන්සේට ඉක්මනින්ම ළඟාවීමේ වරම ලඟා වේවා.

:       51       437

Lal Thursday, 28 December 2017 10:10 AM

නියමයි එහෙම තමයි ඉන්න ඕනා.අම්මගේ තාත්තගේ නැන්දගේ මාමගේ බෙල්ල කරකවල දාන්න විරුද්ධ පක්ෂවල රැස්වීම්වලට ගියොත්.

:       0       0

daham Thursday, 28 December 2017 11:06 AM

ලජ්ජා නැති අම්ම කෙනෙක්. තම පුතාට වඩා වෙන එකෙක් ලොකු උනේ කොහොමද. මවු පදවියට නිගාවක්. උන්හපුලුවටත් වඩා අන්ත ගැහැනියක්.

:       1679       246

RaveendraThursday, 28 December 2017 04:00 PM

දහම් මයා වෙත, ඔබගේ අදහස් වලට ගරු කරන අතර ඒ සමග එකග වීමට නොහැක. උනහපුලුවට තම පැටවා මැණිකක් බව ඇත්ත. අම්මෙකුටත් තම දරුවද එලෙසම වටිනවා එහි කිසිදු වෙනසක් නොමැත නමුත් මෙහි ඇත්තේ බල අරගලයක් මිස දරු සෙනෙහසක් නොවන බව අප සැමටම පැහැදිලිය. කිසිදු අම්මෙක් තම දරුවෙකුව භෞතිකව අත්හැරියත් මනසින් එසේ අත්හරින්නේද යන්න කිසිවිට සිතිය නොහැක. කෙසේවෙතත් වැඩිහිටි අම්මෙකු හට " ගැහැනියක්" කියා ආමන්ත්‍රණය කිරීම ඔබ අප නැවතත් සිතිය යුතුය. ඔබ කැමතිද "ඔබගේ ආදරණිය මවට" පිටස්තරයකු විසින් ගැහැනියක් යන වචනය භාවිතා කරනවට ??? මෙහිදී වික්ටර් රත්නායක මහත්මයාගේ මව් ගුණ ඉහලින්ම අගයන එම ගීතයේ පද කීපයක් ඔබගේ සිත සන්සුන් කිරීමට මෙසේ ලියමි."ආදරයේ උල්පත වූ අම්මා... මා ඔබගේ පුතු වූ ......ඔබ මතු බුදුවන දවසේ ......

:       15       904

sahanFriday, 29 December 2017 02:30 AM

දහම්, ඒකනම් ඇත්ත.

:       175       0

chin Thursday, 28 December 2017 05:20 PM

මේ පැමිණිල්ලත් අම්මගේ සහාය ලබන විරුද්ධවාදියකුගේ ගැටයක්ද දන්නේ නෑ. රැස්වීමට ගියා කියා පුතෙක් බැන්නට අම්මා කෙනෙක් පොලිසි යයිද පෙළඹවීමක් නැතුව ?

:       298       72

rocky Friday, 29 December 2017 12:54 AM

ඔය එළිවෙන්නේ පොහොට්ටුවන්ගේ තරම!

:       89       4

අචලා Friday, 29 December 2017 03:32 AM

ඇමරිකාවේත් ඔහොම තමයි. ට්‍රම්ට්ට ජන්දය දුන්නා කියලා හිලරිගේ මිනිස්සු ගොඩක් මිනිස්සුන්ට ගහලත් තිබ්බා. තව එක අම්මා කෙනෙක් ළමයව එළියට දාලා තිබ්බා ඉස්කෝලේ තියෙන සෙල්ලම් ජන්දයේදි ට්‍රම්ට්ට ජන්දය දුන්නා කියලා. ඇමරිකාවේ ජන්ද මීට වඩා හපන්. ජොබ් නැති වෙන්න හිටන් පුලුවන්.

:       0       128

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 674 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site