(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙල්ගොඩ කකුළු ගොවිපොළක් අසළදී සිය වයෝවෘද්ධ මවට ගලකින් පහරදී ඝාතනය කළ පුතෙකු අද (27) අත්අඩංගුවට ගත් බව පොලීසය පවසියි.
සැකකාර පුතාට අවුරුදු 48 ක් වන අතර මවට අවුරුදු 71 කි.
ඔවුන් දෙදනා අතර ඇති වු බහින් බස් වීමක් දුරදිග ගොස් මෙලෙස පුතා මවට අසළ තිබු බ්ලොග් ගල් වලින් පහරදීමෙන් අනතුරුව මව මිය ගොස් ඇතැයි තොරතුරු අනාවරණය වු බව පොලීසිය සඳහන් කළේය.
COMMENTS
කාලයක් යද්දී දරුවන්ගේ ලෝකය දෙමාපියන්ම නොවුනත්, කාලය කෙතරම් ගෙවී ගියද දෙමාපියන්ගේ එකම ලෝකය තම දරුවන් විතරයි - උපුටා ගැනීමක්. කෙතරම් සත්‍යක්ද?
අම්ම ගැන නොවෙයි පුතේ මට දුක උඹ ගැන. මොකද අම්ම මැරුනට අම්ම අපායෙ වැටෙන එකක් නෑ. ඒත් උඹ මැරුණුගමන් අසංඛෙය්‍ය කල්ප ගානක් යනකං අපායේ අනන්ත දුක් විඳින්න උරුමකමක් හදාගත්තනේ.
ආදරයේ උල්පත වූ අම්මා /// මා ඔබගේ පුතු වූ/// ඔබ මතු බුදුවන දවසේ/// මෙම අරුත්බර ගීතය මෙම පුතුට ශ්‍රවණය වීමට ලැබේවා..!!!
ආනන්තරිය පාපකර්මයක් කරගත්තට පස්සෙ තමයි මැරුණට පස්සේ යන තැන හරියටම කියන්න පුළුවන් වෙන්නේ. අපායවල් 135න් අන්තිම දරුණුතම එක වන අවීචි මහා නරකාදියේ ඉපදිලා ගිනිදැල් වලින් පිච්චි පිච්චි කල්ප ලක්ෂයක් අනන්ත දුක් විඳින්න වෙනවා. කල්පයකට අවුරුදු කෝටි 10යේ 157 වැනි බලය.
ගම්වල කසිප්පු, මත්ද්‍රව්‍ය උතුරලා ගිහින්... පන්සල් වැහිලා, දහම් පාසල් වැහිලා. අම්මලා, තාත්තලා බිසී. ළමයි ඔවුන්ගේ ගමන යනවා. බලන්න එකෙක් නෑ. හාමුදුරුවරු දේශපාලනේ කරනවා. බිස්නස් කරනවා. මිනිස්සුන්ගෙ හිත් දූෂ්‍ය වෙලා. අම්ම කෙනෙක් මරන්න මොන දරුණු හිතක් තියෙනවා ඇද්ද? තමන්ගේ අම්ම මොන වැරැද්ද කරත් සමාව දෙන්න බැරිද? මම තාම දුක් වෙනවා මගේ අම්ම නැති වුණු එකට.. අම්ම කෙනෙක් මොන ශක්තියක්ද දරුවෙක්ට..?
ගැහැණු දරුවන් 5ක් සිටියත්, දෙමව්පියන් සිතන්නේ පිරිමි දරුවෙක් සිටියා නම් හොඳයි කියලා. ඒ පිරිමි දරුවා දෙමව්පියන් රැකබලා ගන්නා නිසා.
අම්ම මරන්න තරම් නරුමයෙක් වුනේ කොහොමද? හිතා ගන්නවත් බැහැ.
මේ අහිංසකයා මහ අපරාධයක් කරගෙන තියෙන්නේ නුූගත්කම දරිද්‍රතාවය සමාජයේ අනිසි ඇසුර, මත්ද්‍රව්‍ය යන සියලුදේම සමස්ත ප්‍රතිඵලය තමයි මේ මේවට ඒ තරුණයා විතරක් නෙවෙයි... සමාජයක් හැටියට, රටක් හැටියට මහා ආගමික, සංස්කෘතික පසුබිමක හැම දෙනාවම වග කියන්න ඕනේ... ඒ තරුණයා ආනන්තරිය පාපයක් කරගන්නකම් නිහඬව බලන් හිටපු අයටත් ඒ පාපයෙන් ගැලවෙන්න පුළුවන්ද? මින් ඉදිරියට මෙවැනි දේ වළක්වන්න දැඩි ලෙස ආගමික නායකයන් සමාජ ක්‍රියාකාරීන් ක්‍රියා කළ යුතුයි. වැඩකට නැතිදේවල්වලට කාලය නාස්ති නොකර....