හිරාන් ප්‍රියංකර ජයසිංහ
නවගත්තේගම මුල්ලේගම ගමමැද මාර්ගයේ නිවසක පදිංචි සිටි පාසල් සිසුවියක අද දහවල් නිවස ආසන්නයේ ගල් තලාවක දැඩි ලෙස පිලිස්සුම් තුවාල ලබා සිටියදී සොයා ගෙන පුත්තලම මුලික රෝහලට ඇතුලත් කිරිමේන් පසු මරණයට පත්ව ඇති බව නවගත්තේගම පොලිසිය පවසයි.
අදාල සිසුවියගේ මරණය අභිරහසක් බව ඥාතින් පවසන අතර මෙසේ මරණයට පත්ව ඇත්තේ නවගත්තේගම විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි නැමති 15 හැවිරිදි දැරියකි.
සිසුවියගේ මරණය සම්බන්ධව පොලිස් සොකෝ කණ්ඩායම් හා තවත් පොලිස් කණ්ඩායම් කිපයක් විමර්ශන ආරම්භ කර තිබේ.
සිසුවිගේ මව මැද පෙරදිග රැකියාවට ගොස් ඇති අතර මරණයට පත්ව ඇති සිසුවිය සහ ඇගේ 12 හැවිරිදි නැගණිය සිය පියාගේ රැකවරණය යටතේ සිටිති.
අද පියා ගම්මානයේ මරණාධාර සමිතියේ තහඩු මඩුවේ කටයුත්තකට ගොස් ඇති අතර එහිදී මවට කථා කිරිමට ජංගම දුරකථනය දියණියට ලබා දී පිටව ගොස් ඇති බවත්, සිසුවියට පැමිණි දුරකථන ඇමතුමකින් පසුව ඇය කලබලයකට පත්ව සිටි බවත් එම දුරකථන ඇමතුමත් සමග සිය අක්කා නිවසින් එකවර සොයා ගත නොහැකි වූ බවත් සිසුවියගේ බාල සොහොයුරිය පොලිසියට ප්‍රකාශ ලබා දි තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් අසහන කාරයෙක්ගේ වැඩක් වගේ, දුරකතන ඇමතුමෙන් හොයා ගන්න පුළුවන්නේ
මරණ දඩුවම ගෙන්න. නැත්තන් දැන්නම් ලංකාව ඉන්න මිනිස්සු හදන්න බෑ. වැරදි කරන අයට හැමෝටම පෙන්න දඩුවම් දුන්නානම් ඕව තව වෙන්නේ නැහැ.
මේගැන මෛත්‍රී ජනපති තුමාට දැන්නුවහම වහාම පියවර ගනීවි............. සියලුම දේවල් එක පැයෙන් විසඳනවා එතුමා........... 19 වැනි සංසෝධනය තමා ප්‍රශ්නේ