IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මිලියන දෙකක ව්‍යාජ නෝට්ටු දෙන්න හැදුවාට අත්හිටවූ සිර දඬුවම් සහ දඩ

(මනෝප‍්‍රිය ගුණසේකර)

රුපියල් මිලියන දෙකක් වටිනා රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු දුලාංජලී පේ‍්‍රමදාස මහත්මියට ලබාදීම සහ ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීමේ උපකරණ ළඟ තබාගැනීමේ චෝදනාවන්ට වරද පිළිගත් මහරගම ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අත්හිටවු සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා රුපියල් ලක්‍ෂ පහක දඩයක්ද අද (22) නියම කළේය.

මෙම දඬුවම් වලට අමතරව රුපියල් මිලියන දෙකක වන්දියක් දුලාංජලී පේ‍්‍රමදාස මහත්මියට ගෙවන ලෙසද විනිසුරුවරයා විත්තිකරුට නියම කළේය.චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ මහරගම ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන රොලිත් පෙරේරා නමැත්තෙකුටය.

2014 මාර්තු 25 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ පාර්ක් වීදීයේදී කූඨ ලෙස මුද්‍රණය කරන ලද රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නොට්ටු 503ක් දුලාංජලී පේ‍්‍රමදාස මහත්මියට වංක ලෙස ලබාදීම සහ ව්‍යාජ මුදල් නොට්ටු මුද්‍රණය කිරීමේ උපකරණ ලඟ තබාගැනීම යන චෝදනා මත නීතීපතිවරයා විසින් විත්තිකරුට  එරෙහිව  චෝදනා  දෙකක් යටතේ නඩු පවරා තිබිණි.

අත්අඩංගුවට ගන්නා ලද විත්තිකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළි වු තොරතුරු වලට අනුව සිදුකළ විමර්ශණ වලදී මෙම විත්තිකරුට අයත් ඇතුල් කෝට්ටේ ප‍්‍රදේශයේ පිහිටි ඔහුට අයත් ස්ථානයකදී ව්‍යාජ මුදල් නොට්ටු මුද්‍රණය කිරීමට යොදාගන්නා උපකරණ හා පරිගණකද සොයා ගෙන තිබිණි.

මෙම නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේදී දුලාංජලී පේ‍්‍රමදාස මහත්මිය, රහස් පොලිසියේ ව්‍යාජ මුදල් අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් නලින්ද පරීක්‍ෂක ප‍්‍රියදර්ශණ මහතා ඇතුළු සාක්කිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

ඒ අවස්ථාවේදී විත්තිකරු අධිකරණය අමතමින් මෙම චෝදනාවට තමන් වරද පිළිගන්නා බව දැනුම් දුන්හ. ඉදිරිපත් වු සියළු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරුට මෙලෙස අත්හිටවු සිරදඬුවම්, දඩ සහ වන්දි නියම කළේය.



අදහස් (7)

මිලියන දෙකක ව්‍යාජ නෝට්ටු දෙන්න හැදුවාට අත්හිටවූ සිර දඬුවම් සහ දඩ

kumar (galf) Monday, 22 May 2017 11:28 AM

දැන් වැඩේ වෙන කෙනෙක්ගේ පිටින් යනවා වාගෙය් පෙනෙන්නේ !!!

:       5       73

kumar (galf) Monday, 22 May 2017 11:30 AM

කොහෙවත් එකෙක් පරිප්පු කැවා වගෙයි අන්තිමට.

:       2       29

halaldeen Monday, 22 May 2017 11:56 AM

රුපියල් 1000 හොර නෝට්ටු 3ක් තියාගත්තා කියලා රු 10,000ක් දඩය සහ අවරුදු 3 1/2 සිර දඬුවම්... ඊට වැඩි වැරැද්දක් කරලත් පොඩි දඬුවමක් විතරයිනේ...

:       3       31

sugath Monday, 22 May 2017 12:52 PM

ලොකු මිනිසුන්ට පොඩි දඬුවම්... පොඩි මිනිසුන්ට ලොකු දඬුවම්....

:       1       5

PA-RA Monday, 22 May 2017 01:18 PM

ඒ අයට එක විදියටත්, අනෙක් කට්ටියට තව විදියක්... මේ හේතුව දකින්න කියලා කියන්නේ කාටද?

:       0       6

maheeTuesday, 23 May 2017 05:01 AM

අහෝ යුක්තියේ කන්‍යාවිය, ඔබේ දෑස බැඳ ඇති බව දනිමි. එහෙත් ඔය රෙදිකඩට යටින්වත් මේ දිහා බලනු මැනවි. නැතහොත් අතේ තියෙන කඩුවෙන් කොස් කොටන්න වත් බැරිවේවි...!!!

:       0       0

rs Tuesday, 23 May 2017 03:50 AM

3000 ක හොර සල්ලි තබාගත්තාට 10,000 ක දඩ සමග සිර දඬුවම්.. එහෙම හරි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site