IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


මාලිගාවත්තේ වෙඩි තැබීමෙන් පාතාල සාමාජිකයකුගේ මස්සිනා මරුට

ඉන්දිකා රාමනායක සහ සුජිත් හේවාජුලිගේ
 
මාලිගාවත්ත අලාමා ඉක්බාල් මාවතේ දී සිදුවූ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ සාවුල් හමීඩ් මොහොමඩ් මිස්රාල් නම් 25 හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි.

 
ඔහු අද රාත්‍රී තවත් පුද්ගලයකු සමඟ ත්‍රීරෝද රියෙන් යද්දී මෙම වෙඩි තැබීම සිදු වී ඇත. 
 
මෙම තරුණයාගේ හිසට වෙඩි වැදී ඇති අතර ඔහු එම ස්ථානයේම මියගොස් ඇතැයි ද, මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන තුරු සිරුර ආරක්ෂා සහිතව එම ස්ථානයේම තබන බව ද පොලිසිය කියයි.
 
ත්‍රීරෝද රියේ ගමන් කළ අනිත් පුද්ගලයාගේ පාදයට වෙඩි වැදීමෙන් තුවාල සිදුවී තිබේ.
 
මිය ගිය තරුණයා මීට වසර පහකට පෙර නුවරඑළිය ප්‍රදේශයේදී සුදු වෑන් රියකින් පැහැර ගැණුනු බව කියන පාතාල සාමාජික මංජන් අක්‍රම්ගේ මස්සිනා බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි. 
 
නිප්පු නමින් හඳුන්වන  සාවුල් හමීඩ් මොහොමඩ් මිස්රාල් ගෙන්වාගෙන මෙම වෙඩි තැබීම සිදු කළාදැයි සැක කරන බව පොලිස් ආරංචි පවසයි.



අදහස් (3)

මාලිගාවත්තේ වෙඩි තැබීමෙන් පාතාල සාමාජිකයකුගේ මස්සිනා මරුට

Menna Wednesday, 28 March 2018 04:21 AM

ලංකාවේ කොච්චර පාතාල සාමාජිකයින් ඉන්නවද, ඉවරයක් නැහැ. මිලියන 20 ම පාතාලයේද දන්නේ නැහැ.

:       1       25

jana Wednesday, 28 March 2018 05:40 AM

රටට සුදු වැන් ඕන වේ...

:       48       154

padmini Wednesday, 28 March 2018 05:52 AM

අවි ගත්තෝ අවියෙන්ම නැසෙති බුදු බණේ පවා කියල තියෙනවා.

:       1       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1153 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1159 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site