බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම කොටසේ ඇති වී තිබෙන දැඩි අවපීඩන තත්ත්වය හේතුවෙන් නිර්මාණය වී තිබෙන ‘මෝරා’ සුළි කුණාටුවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකට, බංග්ලාදේශයට හා මියන්මාරයට දැඩි බලපෑම් එල්ල වනු ඇතැයි කාලගුණ විද්‍යා වාර්තා සඳහන් කරයි.
ඉදිරි පැය 24ක කාලයේදී බංග්ලාදේශයේ ඇතැම් ප්‍රදේශවලට නායයෑම් හා ගංවතුර තත්ත්ව ඇතිවිය හැකි යැයිද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
සුළි කුණාටුව නිසා බංග්ලාදේශයට හා මියන්මාරයට මිලිමීටර 500කට වැඩි වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි බී.බී.සී කාලගුණ වාර්තාව ද සඳහන් කර තිබිණි. ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුවට අනුව ඇසෑමය, මේගලය, ත්‍රිපුර, මිසෝරාම්, නාගලාන්ද්, අරුනාචල් ප්‍රදේශ සහ බටහිර බෙංගාලයට දැඩි වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළේය.
බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇති වී තිබෙන මෙම තත්ත්වය හේතුවෙන් සුළඟේ වේගය කිලෝමීටර 40ත් 50ත් අතර විය හැකි බව සඳහන් කළ කාලගුණ වාර්තා ඉදිරි පැය 48ක කාලයේදී අන්දමන් දූපත ඔබ්බෙන් හා ඒ ආශ්‍රිතව සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 ද ඉක්මවා යා හැකි බව සඳහන් කළේය.
අන්දමන් දූපත ආශ්‍රිත මුහුදත් බටහිර බෙංගාල ආසන්න මුහුදත් රළු වනු ඇතැයි ද ඉදිරි පැය 24 කාලයේදී මුහුදු යෑමෙන් වළකින්නැයි ද ධීවරයන්ට අනතුරු අඟවා තිබිණි.
අද (29) සහ හෙට (30) යන දිනවලදී කුණාටු තත්ත්වය තවදුරටත් උග්‍ර වනු ඇතැයි අනාවැකි පළ වී තිබූ අතර අනිද්දා (31) වනවිට දැඩි අවපීඩන තත්ත්වයක් නිර්මාණය වනු ඇතැයි කියැවේ.
දැන් පවතින කුණාටු තත්ත්වය දරුණු කුණාටු තත්ත්වයක් දක්වා නිර්මාණය වූ පසු සුළඟේ වේගය පැයට කිලෝමීටර 100ත් 130ත් වනු ඇතැයි ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
කුණාටු තත්ත්වය නිසා ඉන්දියාවට සාමාන්‍ය කාලයට පෙර මෝසම් තත්ත්වය වර්ධනය වනු ඇතැයි දැන් තිබෙන තත්ත්වය අනුව කේරළයට ඕනෑම අවස්ථාවකදී මෝසම් තත්ත්වය ඇතිවිය හැකි බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.
එන්.ඩී.ටීවි ඇසුරිනි -- 055

2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මෝරා‘ ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක් ගිලගැනීමට සැරසෙයි