IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘මර්සි‘ නෞකාවේදී රොබෝ ආධාරිත ශල්‍ය කර්මයක්


ඇමෙරිකා එක්සත් ජනපද සහ ශ්‍රී  ලංකා ශල්‍ය වෛද්‍යවරුන් යු.එස්.එන්.එස් මර්සි නෞකාවේ දී පළමු රොබෝ ආධාරිත ශල්‍ය කර්මය සිදුකළ කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කරයි. 


ඇමෙරිකා එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ට ඇතුළුව තවත් රටවල් කිහිපයක වෛද්‍ය වෘත්තිකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙම රොබෝ ආධාරිත ශල්‍ය කර්මය සිදු කර තිබේ. 
මේ අනුව ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් යු.එස්.එන්.එස් මර්සි නෞකාවේ ඩාවින්සි XI රොබෝ ශල්‍ය පද්ධතියේ සහාය ඇතිව ශ්‍රී ලාංකික පුරවැසියකුගේ පිත්තාශය ඉවත් කිරීමේ ශල්‍ය කර්මයක් මේ අයුරින් සාර්ථකව සිදු කර තිබේ. 
ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් ජංගම රෝහල් නෞකා දෙකෙන් එකක් වන යු.එස්.එන්.එස් මර්සි නෞකාව ‘ශාන්තිකර සහයෝගීතාව 2018’ වැඩසටහන යටතේ අප්‍රේල් 25 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි අතර මැයි 9 වැනිදා දක්වා මෙරට රැඳි සිටියේය.
එම කාලය තුළදී එම නෞකාවේ සිටින ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ සහ අනෙකුත් රටවල වෛද්‍යවරුන්, වෛද්‍ය වෘත්තිකයන් ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් හා එක්වෙමින් නෞකාව තුළ ශල්‍යකර්ම කිහිපයක් ම සිදු කළ අතර රොබෝවකුගේ සහාය ඇතිව කරන ලද පළමු ශල්‍යකර්මය මෙය වේ. 
මැයි 4 වැනිදා මෙම ශල්‍යකර්මය කර තිබෙන අතර රෝගියා මේ වනවිට මූතූර් රෝහලේ ශල්‍ය වෛද්‍ය වයිරමුත්තු වරනීතිරන් යටතේ ශල්‍යකර්මයෙන් පසු සාමාන්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කළේය.

(055)



අදහස් (0)

‘මර්සි‘ නෞකාවේදී රොබෝ ආධාරිත ශල්‍ය කර්මයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 219 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site