IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මර්සලින් ජයකොඩි පියතුමන්ලා දහසක් අද ඕනෑවෙලා තියෙනවා - ජනපති

“ගීතයක්, නවකතාවක්, නාට්‍යයක්, චිත‍්‍රපටයක්, විවිධ ප‍්‍රසංගයක් මේ සියල්ල ගත් විට ආගමක්, භාෂාවක්, ජාතියක් වර්ණයක් නොමැතිව සමස්ත මානව සමාජයම ඒ තුළට එක්වෙනවා.  ඒ හඬට ආකර්ෂණීය වෙනවා“


“ගරු මර්සලින් ජයකොඩි පියතුමාගේ හඬට සෑම කෙනෙක්ම ආදරය කළේ, ගරු කළේ සමාජය එතුමාව ප‍්‍රබුද්ධ ලෙස පිළිගත්තේ මුළු මහත් සමාජය වෙනුවෙන් උතුම් පණිවුඩයක් ඒ හඬ තුළ තිබුණ නිසායි. ගරු  මර්සලින් ජයකොඩි පියතුමන්ලා එක් කෙනෙක් නොව දහසක් අද අපිටඅවශ්‍යතා වී තියෙනවා“ යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දංකොටුවේදී පැවසීය. 


දංකොටුවේ දී පැවැති ”එරබදු වසන්තම් ̃ සිංහල, දෙමළ, මුස්ලිම් සංහිඳියාව පිළබඳ ජාතික සංස්කෘතික උළෙල සහ ගරු මර්සලින් ජයකොඩි පියතුමන් හට උපහාර දැක්වීමේ උත්සවයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  මෙසේද පැවසීය.


“සිංහල හින්දු අලූත් අවුරුදු උදාවට ආසන්නව තිබෙන අවස්ථාවක මේ සුන්දර සැන්දෑවේ අපේ රටේ සමස්ත ජනතාව තුළ සියලූ ආගමික පුජකවරුන් තුළ, දේශපාලන පක්ෂ භේදයකින් තොරව සියලූ දේශපාලකයින් තුළ, මේ රටේ උගත් බුද්ධිමත්, බහුශ‍්‍රැති පරිණත සෑම කෙනෙකුගේ සිත් දිනා සිටි ගෞරවනීය කීර්තිමත් නාමයක් දිනා සිටි මර්සලින් ජයකොඩි පියතුමා සමරමින් ඒවගේම ජාතික සමගිය සහසංහිඳියාව ශක්තිමත් කරමින් පැවැත්වෙන මේ සංස්කෘතික මංගල්‍යයට එක්වීමට ලැබීම පිළිබඳව සතුටු වෙනවා“


“අපිට අපේ රට මුළු ඉතිහාසය පුරාම ගොඩනැගී ඇත්තේ මේ රටේ ජීවත්වන ජන කොටස්වල සාමය සමගිය පදනම් කරගෙනයි. ඒ පසුබිම තුළම තමයි මේ රටට ඉදිරියට ගෙන ගියේ“


“අද සංහිඳියා කියන වචනය බොහෝ දෙනෙකුගේ සාකච්ජාවට ලක් වෙන වචනයක්. සංහිඳියාව අර්ථයත් එහි විග‍්‍රහයත් සංහිඳියාව පිළිබද කතා කරන විට එහි නිර්වචනයත් මෙහි තිබෙන්නා වූ අරුත් බර බව ගුණාත්මක බව මුළු මහත් පොදු ජන සමාජයට එයින් අත්වන්නා වු යහපත, අපේ මානව සමාජය ශක්තිමත් ප‍්‍රබුද්ධ ජනපවුරක්, ජන පෙරමුණක් විදියට ඉදිරියට ගෙන යෑමට එයින් ලැබෙන්නා වූ ශක්තිය ආශිර්වාදය සහ මඟ පෙන්වීම වැදගත් වෙනවා“



අදහස් (3)

මර්සලින් ජයකොඩි පියතුමන්ලා දහසක් අද ඕනෑවෙලා තියෙනවා - ජනපති

saman Monday, 10 April 2017 11:36 AM

එක නිසා වෙන්න ඇති සමහරක් පැතිවල පන්සල් කඩා දමල, බෝධීන් වහන්සේලා කපල, හාමුදුරුවන්ට අඩත්තේට්ටම් කරන්නේ.

:       4       66

Bandara Monday, 10 April 2017 11:54 AM

ඒ අය ලක්ෂයක් හිටියත් වැඩක් නෑ. දූෂිත දේශපාලකයෝ ගෙදර යවන්නේ නැතිව...

:       0       42

නුවන් Tuesday, 11 April 2017 06:11 AM

සමන් ..පන්සල් පල්ලි බෝධීන් වහන්සේලා මොක තිබ්බත් වැඩක් නැහැ හිත හදාගත්ත මිනිස්සු නැත්නම් තමන්ගේ ආගම සංස්කෘති ජාති අරක මේක හැම රාමුවකම කොටුවෙලා විවෘතව හිතන්න බැරි මිනිස්සු ඉන්නකම් ජාති ආගම විදියටම අනාථ වෙලා අගාදෙට යනවා මිස ගොඩ යාමක් නැහැ. .හැම පන්සලක්ම පල්ලියකම කෝවිලකම හිතන්න උගන්නනවද

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 129 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 754 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site