(දයාරත්න ඇඹෝගම)
මීට වසර කිහිපයකට පෙර බෝගම්බර සිර ගෙදරදි එල්ලා මරා දැමූ සිරිපාල නොහොත් මරු සිරාගේ 64 හැවිරිදි බාල සොයුරා සතුන් පලවා හැරිය හැකි තුවක්කු දෙකක් නිෂ්පාදනය කර ඇත.
අනුරාධපුර ,සාලියපුර,පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචි මොහු ඩි.ජේ පියරත්න නැමති සිව්දරු පියෙකි.
මොහු විසින් අහස් කූරු යොදා ගෙන සතුන් පලවා හැරිය හැකි තුවක්කුවක් හා ගල් උපයෝගි කර ගෙන සතුන් පලවා හැරිය හැකි තුවක්කුවක් නිශ්පාදනය කර තිබේ.
වන සතුන්ගෙන් බෝග වගාවන්ට සිදුවන හානි වළකාලමින් ඔවුන් පලවා හැරීම, වගාන්ට හානි කරන අලි, වදුරන්,රිලවුන්, වවුලන්,දඩු ලේනන් ආදි සතුන්ට හානි නොවන ලෙස බිය ගන්වමින් පලවා හැරිමට මනාව උපයෝගි කර ගත හැකි විම මෙහි ඇති විශේෂත්වයයි.
මෙයින් වන සතුන්ට මෙන්ම මෙය භාවිතා කරන පුද්ගලයන්ටද හානි සිදු නොවන ලෙස මෙම තුවක්කු දෙක නිර්මාණය කොට ඇත.
සිය නිශ්පානයන් පිළිබදව අදහස් දක්වමින් ඩී.ජේ පියරත්න(64) මහතා මෙසේ පැවසීය.
‘මට ස්ථිර රැකියාවක් නෑ. වඩුවැඩ තමයි කරන්නේ. මාගේ බිරිඳත් පාදය ආබාදයකින් පෙළෙනවා. මං මේ තුවක්කු හදන්න හිතුවේ ගෙවතු වගාවන්ට සතුන්ගෙන් විශාල ලෙස හානි සිදුවනවා එයට පිළියමක් ලෙසයි. මෙයට බලපත්‍ර අවශ්‍ය නෑ. ග්‍රාම නිළධාරිතුමන් දැනුම්වත් කරලා තමයි මේ නිශ්පාදන කරන්නේ. මීට මාස දෙකක පමන සිට තමයි මේවා හදන්නේ.
තුවක්කු හදන්න ලී හා යකඩ බට අවශ්‍යයි. එක තුවක්කුවක් හදන්න රුපියල් 2500ක් පමණ යනවා.රුපියල් තුන්දහසක පමණ මුදලකට තමයි අලෙවි කරන්නේ.
පොඩි කාලේ මායි අයියයි(මරැසිරා) සෙල්ලම් කරන්න සෙල්ලම් තුවක්කු හැදුවා. මීට අමතරව රෝද තුනේ පාපැදියක් වගේ නිශ්පාදන කිහිපයක් කළා. එල්ලා මැරුව අපේ අයියාගැන (මරු සිරා)ගැන කියවෙන මරුවා සමග වාසය චිත්‍රපටයටද මං සහය දී තිබෙනවා. ‘‘



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොලේ තියෙන මිනිස්සු ඉන්න රටක් වැඩක් නොගෙන අකාලේ විනාශ වෙන හැටි.
මෙතුමා ගැන මමත් දන්නවා හොඳ දක්ෂයෙක් අනුරාධපුරයෙන් ලීල් ගුණවර්ධන
අප විස්වාස කරනවා මේ මහත්මයාගෙන් රටට ඵලදායි වැඩක් කරගත හැකිවේවි යන්න.
මෙතුමාට පේටන්ට් බලපත්‍රයක් ලබා දීල මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන්න බාරගන්න කැමති ව්‍යාපාරිකයෙක් නැද්ද? අපේ සත්තු ටික බේරගන්න මොන තරම් හොඳ වැඩක්ද මේක? දේශපාලුවෝ පඳුරක් ගානේ ඉන්නවා, ප්‍රාදේශීය සැබෑ තියෙනවා, හැබැයි, ගමේ සම්පත් ගැන, ගමේ හැකියාවන් ගැන මොන කෙහෙල්මලක්වත් දන්නේ නෑ.
මටත් එකක් ගන්න ඕනේ වදුරෝ එලවන්න නොම්මරේ දෙන්න
මෙතුමා කොච්චර දක්ෂයෙක් වුනත් මෙතුමාගේ පෙර පවකට තමයි ලංකාවේ ඉපදිලා තියෙන්නේ. මෙතුමා ජපානය , කොරියාව , තායිවානය වගේ රටක ඉපදුනානම් තමන්ගේ රට වෙනුවෙන් මොනතරම් සේවයක් කරන්න පුළුවන්කමක් තියෙනවද
ජනාධිපතිතුමාට පත්තරේ මෙම කොටස බෙලෙත්ව දෙවියනි ....!!!!
ලොකු මහත්මයා මේක පත්තරෙන් දැක්ක ගමන් අනිවාර්යයෙන්ම මොහු හම්බවෙන්න ගිහින් එතන කතාවකුත් පවත්වලා කැබිනට් එක නිසා ඔහුට තුවක්කු කබලක් වත් හදාගන්න බැහැ කියලා කැබිනට් එකට බැනලා, මාධ්‍ය සංදර්ශනයක් එහෙම තියල එනවා.
මහී මහත්මය මේකට පේටන්ට් බලපත්‍රයක් ගන්න බැහැ , බටයක් ඇතුලට අහස්කුරක් දමල පත්තුකරලා වඳුරෝ / අලි දිහාවට අල්ලාගෙන ඉන්න කොට එක ගිහින් වඳුරෝ ආසන්නයේ පුපුරනවා එතකොට වදුරෝ/ අලි පැනලා දුවනවා, මේක තුවක්කුවක් හැඩයට ලස්සනට හදල තිබෙනවා.