(නොච්චියාගම උපුල් තම්මිට)
හිටපු අමාත්‍යවරයෙකු වූ මර්වින් සිල්වා මහතා එළඹෙන මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය යටතේ අනුරාධපුරයෙන් තරග වැදීමට නියමිත අතර අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායක නීතිඥ කස්තුරි අනුරාධනායක මහතා සමඟ නාමයෝජනා භාර දීම සදහා අද (19) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියේය.
එහිදී ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ පැරණිතම හා ප්‍රධානතම දේශපාලන පක්ෂය හා එක්වීම තුළින් ඉදිරියෙදී අනුරාධපුර දිස්ත්‍රික්කය අංග සම්පූර්ණ සංවර්ධනයකට ලක්කරන බවයි.
මේ අතර නාම යෝජනා භාරදීම නිමිත්තෙන් අනුරාධපුර නගරය හා ඒ අවට ඇතුලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පුරාවට පොලිස් ආරක්ෂාව යොදවා තිබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ මැරයින් ගෙදර යවන්න අනුරාධපුර ජනතාවට නුවණ පහළවේවා..!!!
අඩු පාඩුවකට තිබ්බේ එපමණයි.. ඒකත් සම්පූර්ණයි..
කොරෝනා වලින් පීඩාවට පත්වුණු සිත්වලට සිනහවෙන් සහනයක් ගෙනදීමට විහිළු සැපයීමට ඉදිරිපත් වීම ගැන අපගේ ස්තූතිය...!!!
ලැජ්ජාවක් නෑ... දිව්‍යලෝකේ යනවා කිව්වොත් අලි නැට්ටේ හරි එල්ලෙයි.
මේ චන්ද්‍රිකා දේශපාලනයට හඳුන්වා දුන්නු පිළිකාවක්. ගෝඨාභය නිසා අවුරුදු 5ක් එළියට විසිවෙලා හිටියා. මෙයා එජාපය එකේ ඉතුරු ටිකත් කාලා ඉවරම කරාවි. මොහුට ඡන්දය නොදෙන්න අනුරපුර ජනතාව වගබලාගත්තොත් රටටම හොඳක්...
මෙයාගේ ප්‍රතිපල මම අදම කියන්නම්? මෙයා පරාදයි අප රාජ සන්තකයි.
මොන අපරාධකාරයා ඉල්ලුවත් කතිරෙ ගහලා යවයි.
දේශපාලන වේදිකාවක "පිස්තෝලයක් එළියට ඇදගෙන අහසට වෙඩිතිබ්බයි " කියලා මිනිහෙක් දේශපාලනයට සුදුසුකම් ලබන්නේ නැහැ.. දුටුගැමුණු කෙනෙක් වෙන්නත් බැහැ. අපි ඕවට බයත් නැහැ ..!
අනුරාධපුර ජනතාව ගම්පහ තරම් මෝඩ නැහැ... නියම තීන්දුව දෙනවා
දුටුගැමුණු රජු වැඩ අවසන් කලේ මැරුණම. මෙයාත් මැරිලා වැඩපටන් ගත්තොත් හමයි හරි. එතකොට ඔන්න දුටුගැමුණු රජු වැඩ නවත්තපු තැනින් වැඩ පටන් ගත්තා කියන්න පුළුවන්