(ෂෙහාන් චාමික සිල්වා)
මාර්තු 08 වැනි දා හෝ ඊට පෙර සීඅයිඩිය හමුවේ පෙනී සිට කටඋත්තරයතක් ලබාදෙන ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (16) නියෝග කළාය.
මෙම නියෝගය අධිවේගී තැපෑල සහ ඩීඑච්එල් කුරියර් සේවය හරහා මහේන්ද්‍රන් මහතාගේ සිංගප්පූරුවේ නිවසට යවන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
පෙබරවාරි 15 වැනිදාට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට නිකුත් කළ නියෝගය සම්බන්ධයෙන් තම පියාණන් දැනුම්වත් වී සිටි බව අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ දියණිය අංජලී මහේන්ද්‍රන් සීඅයිඩියට ප්‍රකාශ කර ඇතැයි සීඅයිඩිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝඳාගොඩ මහතා අද (16) අධිකරණයට දන්වා සිටියේය. ඒ මහතා මේ බව දන්වා සිටියේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වූ අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදීය.
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට පෙබරවාරි 15වැනිදාට පෙර සීඅයිඩිය හමුවේ පෙනී සිටින ලෙසට ලබාදුන් නියෝගය අන්තර්ජාතික පොලිසියේ සිංගප්පුරු ශාඛාව වෙත ලබාදීමට නොහැකි වී ඇතැයි සීඅයිඩිය මෙහිදි අධිකරණයට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටරට පුරවැසි තමන්ගේ ඉස්කෝලේ යාළුවෝ රටේ මර්මස්ථානවලට පත් කිරීම බොහොම වැරදි වැඩක් !!
එයාව රටට ගෙන්නලා තනතුර දීපූ මෑන් දැන් නිහඬයි. පොඩ්ඩන්ට නීතිය ලොක්කන්ට අවනීතිය.
අධිකරණයට පොඩ්ඩක් ඉවසලා බලා ඉන්න වෙයිවගේ ඇලෝසියස්ගේ වැඩේ තවම ඉවර නැහැ.
අපෝ ඒවි! එනකම් බලා ඉන්න. ගුවන් තොටුපලේදී මගුල්බෙර ගහලා, කිරිබත් කවලා පිළිගන්න සූදානමින් ඉන්න. අනේ මගෙ කට !!!
ලංකාවේ නීතිය ක්‍රියාකරවන විදිය ගැන නම් ලැජ්ජයි.
මින් මතුවටවත් රජයේ හෝ අනුබද්ධිත සංස්ථාවල "රාජකීය" ප්‍රමාණයේ වැටුප් ලබාගන්නා ඉහල නිළධාරීන් පත්කිරීමේදී රජය මීට වඩා පරෙස්සම් විය යුතුය. ශ්‍රි ලංකාවේ එක පයක් තබාගෙන අනිත් පය පිටරටක ඔබාගෙන සිටින විදේශිකයන්ට මෙවැනි උසස් තනතුරු දුන්නාම වෙනදේ දැන් පැහැදිලිවම පේනවා නේද ? එහෙම කරන අයම තමා, තමන්ට කන්න දීපු රටෙන් ගහන්න පුළුවන් ලොකුම ගැහිලි ගහල පැනගොස් "සියරටේ" සැඟවී සිටින්නේ! ආයෙත් මෙවැනි අය ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නවා කියන්නේ බොරු!