විනීතා එම් ගමගේ
සිරගෙදර තුළදී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන්නන්ට මරණ දඬුවම දීම පිළිබඳ අවසන් තීරණය ගැනීමට අවශ්‍යවන වාර්තා තුනෙන් මේ වනවිට ලැබී ඇත්තේ එක් වාර්තාවක් පමණක් යැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය.
ඒ පිළිබඳ අවසන් තීරණය ගැනීම සඳහා අවශ්‍ය වන අධිකරණ ඇමැතිනියගේ වාර්තාව නීතිපතිවරයාගේ වාර්තාව සහ අදාළ විනිසුරුවන්ගේ වාර්තාව යන වාර්තා තුනෙන් මේ වනවිට ලැබී ඇත්තේ විනිසුරුවන්ගේ වාර්තාව පමණක් යැයි ද ජනාධිපතිවරයා කීය.
මෙම වාර්තා ඉල්ලා දෙසතියක් ගත වී ඇති බව ද සිරිසේන මහතා කීය. අදාළ වාර්තා තුනම ලබාගත් පසු අවසන් තීරණයකට එළැඹෙන බවත් මේ පිළිබඳව ඊයේ ද සාකච්ඡාක් පැවැති බව ද හෙතෙම සඳහන් කළේය.
අපේ අසල්වැසි ඉන්දියාවේත් අවුරුද්දකට දෙතුන් දෙනෙකුට මරණීය දණ්ඩනය නියම වන්නේ යැයි කී සිරිසේන මහතා ඇමෙරිකාවේ තත්තවයත් එයම යැයි ද පුනරුදය ඇතිකරන්නට නම් මේ සියලූ දේ සිදුවිය යුතු යැයි ද සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ දී අද (9) පැවැති ඔසු පැළබෙදා දීමේ උත්සවයක දීය. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ පුනරුදය වැඩසටහන යටතේ යුද හමුදාව සමඟ එක්ව ඔසු පැළ ලක්ෂයක් වගා කිරීමේ වැඩ සටහනට එක්විමෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදාළ ඇමති මෙන්ම නීතිපතිද වාර්තාව කලට වෙලාවට රටේ මුල් පුරවැසියාට ලබාදීමට අපොහොසත් වී ඇත්තේ අවශ්‍ය පහසුකම් නැතිව ඇති .නිදහසට කරුණු ( මට අරව නැහැ මට මේවා නැහැ ) හොයනවත් ඇති වාර්තාව පමාවීම පිලිබදව....කෙසේවෙතත් ඕනෑම තැනක වැඩ නොකරන නිකමුන් නිදහසට හේතු කාරනා දහසක් කියනවා කියන්නේ නිකමටද ?? අවංකව වැඩකරන මිනිසාට නිදහසට කරුණු කීමට අවශ්‍ය නැත.
මෙම ප්‍රකාශයෙන් පෙනෙන්නේ අදාල පුද්ගලයන් ඔබගේ ඉල්ලීමට කිසිම සැලකිල්ලක් නැහැ වගේ. ඔබතුමාට තිබෙන විධායක බලතල පාවිච්චි කරලා අදාල පුද්ගලයන්ට අණ කරන්න සතියක් ඇතුලත ඔය වාර්තා දෙන්න කියලා,
නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත් පට්ටයකුයී තව ටිකක් ඔනලු මේකත් ඒවගේ වැඩක් ආසයි බයයි වගේ.
මේ පට්ට ගොනා කරන දෙයක් නැහැ..... බයිලා කියනවා
වැඩි කතා එපා ඉටු කර පෙන්වන්න මේකවත්
ජාත්‍යන්තරය මොනවා කිව්වත් කුඩු කාරයින්ට සහ ස්ත්‍රී දුෂකයින්ට මරණ දඬුවම දීමේ කිසිම වැරද්දක් මට පෙනෙන්නේ නැහැ. ජනාධිපති බලතල භාවිතා කර වහාම ක්‍රියා කරන්න.