(ජයන්ත සමරකෝන්)
වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවම නියමවී සිටින මත්කුඩු ජාවාරම්කරුවන් 07 දෙනාට මරණ දඬුවම ක්‍රියිත්මක කරන බවට ලද ආරංචියත් සමගම දැඩි ලෙස කම්පනයට පත්ව සිටින බව එම බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ සිර මැදිරියේ මරණ දඬුවම නියමවුවන් 271 සිටින අතර ඊට එරෙහිව අභියාචනා මත සිටින සංඛ්‍යාව 47ක් බව එහි ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
වැලිකඩ බන්ධනාගාරයේ අවසන් වරට මිනිසෙකු එල්ලා මරා ඇත්තේ 1976 ජුනි 23 දාය.
ලංකාව පුරා බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය චෝදනා මත මරණ දඩුවම නියමවුවන් 18 දෙනෙකු රඳවා සිටින බවද එම ප්‍රකාශකයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ළඟ එන බූරුවන්, හරකුන් තේරීමේ මහා තරගයට වේදිකාවල නිර්වස්ත්‍රව කෑ ගැසීමට හොඳ මාතෘකාවක්..
මරණ දඬුවම ක්‍රියාත්මක කිසිම රටක එම දඬුවම ලබාදෙන අපරාද වල අඩුවීමක් දකින්නට ලැබෙන බවක් පෙනෙන්නට නැති බවයි වැඩි දෙනාගේ අවබෝධය. මත් කුඩු ජාවාරමට සම්බන්ධ ප්‍රධානින් අල්ලනේ නැතුව "පාබළ හේවායන් " එල්ලා මැරීමෙන් වැඩක් වෙන්නේ නැහැ. අපේ රටේ මත්කුඩු අල්ලාගත් පසුව දේශපාලඥයින් එතනට සම්ප්‍රාප්තවී අහු වුන බලවතුන් සිප වැළඳ ගැනීමේ සම්ප්‍රදායක් තිබුන බව කවුරු කවුරුත් මතක තියාගත්තොත් වටිනවා. අද කොළ නැති ගහේ යවන්න නියම වෙන කුඩු රජාලා හෙට පත් වෙන පාලකයින්ගේ ඔඩොක්කු වලට වැටෙන්නත් බැරි නැහැ.
ඕක කරනවා නම් බොරුවට ප්‍රචාරය කරකර ඉන්නේ නැතුව එකවර කරලා දමන්න
නියම තීරණයක් ඔයගොල්ලෝ බය වෙන්න ඕන තමයි.
මට අවස්ථාවක් දෙනවා නම් එල්ලලා මරන්න මම ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙනවා, තරුණ පරපුර විනාශ කරන අය එල්ලලා මරන්න නොවේ ගල් ගහලා මරන්න වටින්නේ
මහරජාලා ඉන්නකන් ඔය නීති ක්‍රියාත්මක වෙන්නේ නෑ. බලමුකෝ අඩුගානේ මීයෙක්වත් එල්ලා මරන්නේ නෑ. මිනිස්සු කෙසේවෙතත්...
මරණ දඩුවම ක්‍රියාත්මක වෙන බව දැනගත් පසුව සමහරු කලබලයට පත්වෙලා තියන තරම දැක්කම පූදුම හිතනවා. දැන් බලන් ගියාම කුඩුකාරයන් හා පාතාල නායකයන්ගේ සහායට දේශපාලකයන් පමණක් නොවේ ඔවුන්ගේ අනුගාමිකයන්ද කොන්දේසි නැතිව පෙනී සිටින බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ.
මේක මගේ අදහසක්, සමහරු කියනවා මරණ දඬුවම ක්‍රියාත්මක කිසිම රටක අපරාද අඩුවන්නේ නැති වග. මම කියන්නේ සමහර විට අපිට විතරක් මේක හරියන්න පුළුවන් විදේශ රටවලට ඕන විදියට නටලා මේ වෙලා තියෙන දේ හොදටෝම ඇති. අපි ක්‍රියාත්මක කරලා බලමු මොකද වෙන්නේ කියලා දැනටමත් මරණ දඬුවම දුන් අය කලබල වෙලාලු.
එතකොට මත්කුඩු පොවන දරුවන්ගේ ජීවිත ටිකෙන් ටික දියවෙලා යන එකට ඔවුන් කලබල වෙන්නේ නැද්ද? අන් ජීවිත මත්කුඩු වලට හුරුකොට නැසෙන්න හැරලා තමන්ගේ ජීවිතය පමණක් සුඛිත මුදිත කරගන්න ඔය කලබලයට පත්වූවන්ට කිසිම සදාචාරාත්මක අයිතියක් නැත. හැබැයි මේ දඬුවම ප්‍රධාන මුදුන් මුල්වලට දේවිද කියන ප්‍රශ්නය පැනනගිනවා.
මරණ දඬුවම දෙනවට මම 100% ක් කැමතියි. ඒත් දූෂිත පොලිසියක් තියන සහ වියදම් කල කැකි මුදල් ප්‍රමාණය මත ලැබෙන යුක්තිය සහ සාධාරණය තීන්දු කෙරෙන රටක හැබෑ අපරාධකරුවාම අවසානයේදී එල්ලා මරයිද?
අනිත් රටවල් වල වෙන දේවල් සාමාන්‍යයෙන් ලංකාවේ සිද්ද වෙන්නේ නැහැනේ.. සමහර විට වෙන රටවල මත් කුඩු අඩු නොවුනට ලංකාවේ අඩු වෙන්න පුළුවන්. එකක් දෙකක් කරලා බලමු...! ඊට පස්සේ තීරණය කරන්න පුළුවන්නේ හරි යනවද නැද්ද කියලා..!
එල්ලා මැරිය යුතුමයි. මේ අයට අනිත් අයගේ ජීවිත වල වටිනාකමක් නෑ
තීරණය කියන විදියටම ක්‍රියාත්මක වෙනවානම් හොඳයි දේශපාලව මැදිහත්වීම් නැතිව. අනුරාධපුර මනුෂ්‍ය ඝාතන සිද්ධියට පොලිසිය මැදිහත් වුනු හැටි අපි දැක්කනේ. ඒ වගේ නොවී ජාවාරම්කාරයෝ එල්ලලා මැරුවනම් තරමක් හෝ පාලනයක් වෙයි. මුදුන් මුල නම් කොහොමත් හොයාගන්න වෙන්නේ නෑ. අඩුම තරමේ කුඩු ගෙන්නන මිනිහට බෙදාහරින්න මිනිහෙක් හොයාගන්න බැරිතරම් තත්වයක් වත් එන්නේ නැතෑ.
මේ ආණ්ඩුව ගන්න තීන්දු තීරණ ක්‍රියාත්මක කරන විදිහ ගැන දන්නේ නැති කට්ටියට තමයි බය වෙලා කැළඹිලා ඇත්තේ
අපරාධ කරනකොට බය හිතුණෙ නැද්ද මේ අයට දඬුවම් විදින්න වෙයි කියලා?
"එල්ලුවත් එල්ලන්නේ හාල්මැස්සෝ කුනිස්ස්සෝ. තෝරු මෝරු කවදාවත් එල්ලන්නේ නෑ." මේ කූනිස්සෝ තමයි පහළම ලෙවල් එකේ ඉදලා කුඩු විකුණන එක කරන්නේ ඒ නිසා උන්ව එල්ලන එක කරන්නම ඕනේ. උන්තෝරු මෝරු වෙනුවෙන් බාර වෙලා හිර ගෙවල්වලටත් යන්නේ. එල්ලුම් ගහ ගෙනාපු ගමන් මේ ඔක්කොම ඉවරයි
අපරාද කාරයෝ මරලා දැම්මාම අපරාද නැතිවෙලා යනවා - මකුණෝ මරපුවාම මකුණෝ කන එක එබෙම නැති වෙනවා වගේ.
හැම දේකටම කකුලෙන් අදින අය තමා ඉන්නේ කවුරු කීවත් මරණ දඬුවම ක්‍රියාත්මක කිසිම රටක අපරාද අඩුවන්නේ නැති වග. මම කියන්නේ සමහර විට අපිට විතරක් මේක හරියන්න පුළුවන් විදේශ රටවලට ඕන විදියට නටලා මේ වෙලා තියෙන දේ හොදටෝම ඇති. බලමු මොකද වෙන්නේ කියලා දැනටමත් මරණ දඬුවම දුන් අය කලබල වෙලාලු.එතකොට මත්කුඩු පොවන දරුවන්ගේ ජීවිත ටිකෙන් ටික දියවෙලා යන එකට ඔවුන් කලබල වෙන්නේ නැද්ද? අන් ජීවිත මත්කුඩු වලට හුරුකොට නැසෙන්න හැරලා තමන්ගේ ජීවිතය පමණක් සුඛිත මුදිත කරගන්න ඔය කලබලයට පත්වූවන්ට කිසිම සදාචාරාත්මක අයිතියක් නැත. හැබැයි මේ දඬුවම ප්‍රධාන මුදුන් මුල්වලට දේවිද කියන ප්‍රශ්නය පැනනගිනවා.කොහොම උනත් දඩුවම ක්‍රියාත්මක උනෝත් ඹය කියන හාල්මැස්සන් මෙන්ම තෝරුමෝරුත් කොරවෙලා හිටි.....
සියල්ලටම පළමුවෙන් මේ රටේ ඡන්දදායකයන් එල්ලුම් ගස් යවන්න!
කවදද කියපු දෙයක් ක්‍රියාත්මක කරේ.? දැන් ඉන්න දේශපාලකයන්ට සහ නිලධරීන්ත පුළුවන් එළුවෝ වගේ බැහැ බැහැ කියා කියා ඉන්න පමණි , වැඩ නැත.
රුඳවියන් බන්ධනාගාරය තුළදීත් හෙරොයින් ජාවාරමේ නිරත වෙනවනම් ඒවා බන්ධනාගාරද? තමන්ගේ නිදහසේ ජාවාරමේ යෙදෙන්න ඉඩ හදලා දුන්නේ නිළධාරීන්ම තමයි. රුඳවියන් විතරක් නෙවේ බන්ධනාගාර නිලධාරීන්ද එල්ලිය යුතුයි.