IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මොරටු සරසවියේ හා අවට ඩෙංගු තවාන් දැමූ අටකට දඩ

(රේඛා තරංගනී ෆොන්සේකා 

මොරටු විශ්ව විද්‍යාල භූමියේ ඩෙංගු තවාන් පවත්වාගෙන ගිය තිදෙනෙකුට සහ විශ්ව විද්‍යාල භූමියෙන් පිටත බෝඩින් කාමර වල ඩෙංගු තවාන් පවත්වාගෙන ගිය පස්දෙනෙකු ඇතුළු 8කට තරයේ අවවාද කොට එක් අයකුට රුපියල් 5000 බැගින් රුපියල් 40000ක දඩයකට යටත් කරන ලෙස මොරටුව මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා අද (7) නියෝග කළේය.

එසේ විශ්ව විද්‍යාල භූමිය තුල ඩෙංගු තවාන් පවත්වාගෙන ගිය බව කියන සුනිල් ආටිගල,බෙංගමුවගේ පියසේන , බෙදුහැන්දිගේ පද්මලාල් යන තිදෙනා රසායනාගාර, කොන්ත්‍රාත් වැඩබිම, පිරිසිදු කිරීමේ අංශය බාරව කටයුතු කළ අය බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසීය. 

සැකකරුවන් නදීන් ජයතිලක මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඩෙංගු රෝගය වැලඳී සිසුවියක් මියගිය බවත් පිරිසක් ඩෙංගු රෝගයෙන් පීඩා විඳි බවත් අධිකරණය හමුවේ කරැණු දැක්වු අතර සියලු කරුණු සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. 

බෝඩිං කාමර පවත්වාගෙන ගිය බව කියන නිවැසියන් පස්දෙනාටද දඩ නියම කරනු ලැබීය.



අදහස් (0)

මොරටු සරසවියේ හා අවට ඩෙංගු තවාන් දැමූ අටකට දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site