(බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
මොරටුව රත්මලාන සොයිසා පුර ආපනශාලාවකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය කරන පුද්ගලයෙකු පානදුර එළුවිල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි .
පෙරේදා අලුයම සුබෝපබෝගී මෝටර් රථයකින් ගොස් එම ආපනශාලාව වෙත ටී 56 ගිනි අවියකින් වෙඩි පහරවල් 15 කට අධික ප්‍රමාණයක් එල්ල කර පලා ගොස් තිබිණි .
අත්අඩංගුවට ගත් මෙම සැකකරු 2018 වසරේදී දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී වරයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධව ප්‍රධාන සැකකරු වන අතර රක්ෂිතය බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ඇපමත මුදාහැර සිටින පුද්ගලයෙකි.
වයස අවුරුදු 34 වන මෙම පුද්ගලයා මොරටුව අගුලාන පදිංචි කරුවෙකි .සැකකරු ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
COMMENTS
ඕක අර පවුලට දැනගන්න තියන්න එපා. නිදහස් කරලා දායි.
මාධ්‍ය ප්‍රකාශක "එය වැරදීමකින් පත්තු වුණු මල්වෙඩි විශේෂයක් ", අපි සොයා බලනවා මේවා අපේ රටට අාවේ කෙසේදැයි කියා... අපි, ඔව් අප්පේ එ්ක එහෙමද? එහෙනම් හොඳයි නේද? අපේ ආරක්ෂාවටනේ....
තුවක්කු තියන තැන් පෙන්වන්න එක්ක යන්න...
කරුණාකර මේ මිනීමැරුම් නඩු මාස කිහිපයක් තුළ අහලා ඉවරයක් කරලා දමන්න.. මාස 3 සැකකරුවන්ට අැප දීලා එළියට දැම්ම අය තවතව මරනවා... අපරාධ කරනවා..
නරකද පරණ කතාන්දරය ආපහු කිව්වා නම්? අපි එයාව අතනට එක්ක ගියා... අරවා පෙන්නනවයි කිව්වා... බහිරවයා එක්ක ගියා ...
එක්කෙනෙක් පමණක් ඉදිරිපත් කළා.. ඉන්න තැන දන්වලා අල්ලගෙන යන්නෙන්න කියලා තමයි ආරංචිය.. නායකයා හොඳින් ඉන්නවා. දේශපාලන හස්තයක් ළඟ ඔන්න ඕකයි තත්වේ...