(දයාරත්න ඇඹෝගම)
මිය ගිය මන්ත්‍රිවරයකුගේ අත්සන මන්ත්‍රිවරුන්ගේ පැමිණිමේ ලේඛනයේ හොරට යෙදිමේ සිද්ධියක් සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පැවැත්විමට තමන් පොලිසියට පැමිණිලි කළ බව අනුරාධපුර නැගෙනහිර නුවර ගම්පළාත් ප්‍රාදේශිය සභාවේ සභාපති කේ.කුමාරදාස මහතා අද (13)දින පැවසිය.
අනුරාධපුර නැගෙනහිර නුවර ගම්පළාත් ප්‍රාදේශිය සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රි ප්‍රදීප් නිලවිර මහතා පසුගිය 05 වැනි දින හදිසි හදෘයාබාධයකින් අභාවප්‍රාප්ත විය.
අනුරාධපුර නැගෙනහිර නුවර ගම්පළාත් ප්‍රාදේශියේ සභාවේ මාසික රැස්වීම මන්ත්‍රිවරයාගේ අභාවයෙන් පසුව පසුගිය 09 වැනි දින පැවැත්වුණි.
මෙම රැස්විම අවසානයේ එදින මන්ත්‍රිවරුන්ගේ පැමිණිමේ ලේඛණයේ මිය ගිය මන්ත්‍රිවරයාගේ අත්සනද කිසියම් මන්ත්‍රිවරයෙකු විසින් යොදා තිබුණ බව සභාපතිවරයා සඳහන් කළේය.
මියගිය මන්ත්‍රිවරයාගේ අත්සන මෙලෙස යොදා ඇත්තේ තමන් සහ සභාව නොමග යවා නිලධාරින් අතර ගැටුමක් ඇති කිරිමට බව මේ පිළිබදව ප්‍රකාශයක් සභාපති කුමාරදාස මහතා පැවසිය.
එම නිසා තමන් සිද්ධිය පිළිබඳව පොලිසියට සහ උතුරු මැද පළාත් පාලන කොමසාරිස්වරියටද දැනුම් දුන් බව හෙතෙම වැඩි දුරටත් සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd