IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


මම වැඩේ කරගත්තේ පිස්තෝලේ ඇදලා - රංගේ බණ්ඩාර

(ජුඩ් සමන්ත)

ආණමඩුව කාර්මික විද්‍යාලය ඉදි කිරීම සදහා රජයෙන් රුපියල් ලක්ෂ380 ක මුදලක් වෙන් කර ගත්තේ ඉනේ තිබුණු පිස්තෝලය එළියට ගැනීමෙන් පසුව බව වාරිමාර්ග, ජල කළමනාකරණ සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා පැවසීය.

දැදුරුඔය - සෙංගල්ඔය ව්‍යාපාරයේ වැඩ කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සවයකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ආණමඩුව - පල්ලම ප්‍රදේශයේ දැදුරුඔය දෑලේදී මෙම උත්සවය පැවැත්වුණි.

දැදුරුඔය හරස් කර අමුණක් බැද එකතුවන ජලය සෙංගල්ඔය ඔස්සේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ වැව් 08 ක් දක්වා ගෙන යාම මෙම ව්‍යාපාරය වේ.මේ සදහා රජය විසින් වෙන් කර ඇතිමුදල රුපියල් මිලියන 350 කි. මෙම ව්‍යාපාරය යටතේ කුඹුරු අක්කර 2000 කට වැඩි ප්‍රමාණයක් වගා කිරීමටත්, උස්සාන වාරි ව්‍යාපෘතියක් ආරම්භ කිරීම ඇතුළු වැඩ කටයුතු රැසක් සිදුවන බව මෙහිදී ප්‍රකාශ විය

වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා මෙසේද පැවසීය.

මට ඡන්දේ දීලා තියෙන්නේ නායකයින් නෙමෙයි. ජනතාව.ඒ නිසා ජනතාවට අවශ්‍ය දේවල් කරන්න කිසිදු අවස්ථාවක පසුබට වෙන්නේ නෑ. පුත්තලම දිස්ත්‍රික්කයට සාගර විශ්ව විද්‍යාලයක් ගේන්න සුදානම් වූ විට ඒ වන විට මම නියෝජනය කරපු අමාත්‍යාංශයේ ඇමතිවරයා එයට ඉඩ දුන්නේ නෑ. කාර්මික විද්‍යාලයක් ගෙන්න හදන කොට අවශ්‍ය ලියකියවිලි හැංගුවා. මට ඒ වෙලාවේ සිද්ධ වුනා ඉණේ  තිබුණු පිස්තෝලයට එළියට ඇදලා ගන්න.එහෙම නැතිව මේ වැඩ කර ගන්න බෑ.දැන් ඒ කාර්මික විද්‍යාලය හැදෙනවා.

මෙහිදී කතා කළ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා මෙසේද පැවසීය. වත්මන් රජය කරන දේවල් අද ප්‍රසිද්ධ වෙන්නේ නෑ. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හොද වැඩියි.ඒකයි හේතුව.එහෙම නම් අපේ රටට අවශ්‍ය කරන්නේ පිස්තෝලයක් එළියට අරගෙන හරි වැඩක් කරන්න පුළුවන් අය කියන එක කියන්න ඕනේ.

 



අදහස් (15)

මම වැඩේ කරගත්තේ පිස්තෝලේ ඇදලා - රංගේ බණ්ඩාර

සෙනෙවි Thursday, 10 May 2018 12:01 PM

ඔළුවට පිස්තෝල විතරක් නෙවෙයි පරාල ඇණත් ගහපු ඉතිහාසයක් තිබුණා අපිට මතකයි.

:       1       207

RaveendraSaturday, 12 May 2018 03:48 AM

දෙකකුල් බූරුවන් ඉන්නා රට මෙය පමණි... එබැවින් පළාතක් ඇත වෙන්කර පහසුවට... තව තව බූරුවන් ඉන්නා ලක් දෙරණේ... මම වෙමි බුරුවා ඉන්නා තනි කකුලට....

:       0       0

Lalith Thursday, 10 May 2018 12:23 PM

මේ වගේ බොළඳ කතා කියන දේශපාලකයින් තමයි අපට ඉන්නේ...

:       1       113

Mahee Thursday, 10 May 2018 01:03 PM

පිස්තෝලයක් එළියට අදින්න නම් බැරිය. ඒ වුනාට ඒක ලොක්කෙකුට එල්ල කරලා බය කරගන්න වෙනවනේ මුදල් වෙන්කරවා ගන්න. මට මහ කුතුහලයක් ඇතිවුණා. අනේ ඇත්තටම ඔබතුමා ඒක එල්ල කෙරුවද ඇමති කෙනෙකුට හරි වෙන ලොක්කෙකුට? උන්නැහේට කලන්තේ දාලා වැටුනද එහෙම කෙරුවහම? නැත්නම් වැඳ වැටිලා කිව්වද 'අනේ මාව මරන්න එපා සල්ලි වෙන්කරලා දෙන්නම්' කියලා... ටිකක් පැහැදිලි කරන්නකෝ හුදී ජනපහන් සංවේගය සඳහා....

:       1       125

lashanThursday, 10 May 2018 01:45 PM

ලංකන් සිංහල... මේවා තමයි නියම විහිළු ...

:       24       7

Bamunuarachchi Thursday, 10 May 2018 02:18 PM

අනේ අපෙත් වැඩකර ගන්න තිබෙනවා.. අපිටත් පිස්තෝල දෙන්නකෝ..

:       73       57

ඩී. ජයදේව Thursday, 10 May 2018 03:25 PM

පුත්තලමේ ඡන්ද අයිතිය තියෙන්නේ ජනතාවට විතරමද කියලා සැකයක් ඇතිවෙනවා.

:       0       322

Sincere Thursday, 10 May 2018 03:55 PM

මෙන්න අපේ දේශපාලකයෝ...

:       0       0

Chanak Los angeles Thursday, 10 May 2018 04:12 PM

පිස්තෝලය ඇදලා ගැනීමම නීතිවිරෝධීයි .. මොහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුයි ........

:       0       0

Raveendra Thursday, 10 May 2018 04:16 PM

අපටනම් යම්කිසි සැකයක් එනවා මේ උන්දැගෙ කියවීම.??? මේ ඉන්නේ මහජන නියෝගිතයන්ද නැත්නම් වෙනත් ලෝකෙක බොබිලාද??? ඊලග දින තව අයෙක් කියයි පිස්තොලේ අරගෙන මට දියවූ විල්පත්තුව නැත්නම් ඔලු කුඩු කරනවා.....කිව්වා කියලා ............... දැන් නම් වැඩේ බයිසිකලේ වගේ නැගලම යනවා වගේ....

:       0       28

ධනුෂ්ක Thursday, 10 May 2018 04:50 PM

එතකොට මම තර්කයක් ගේනවා. එහෙනම් ඔබ තුමා ඡන්ද දිනන්නෙත් එ්ක දික් කරලා කියලා. මොකද එ් බලවතා ඔබට බය වෙලා සල්ලි පාස් කලානම් අසරණ ජනතාව ඡන්දේ කොහොමත් දෙනවනේ කියන්න කලින් තියන බයට

:       0       11

lal Thursday, 10 May 2018 05:33 PM

ඔන්න අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම.

:       0       0

Raman Thursday, 10 May 2018 10:18 PM

පිස්තෝලයක් පෙන්වා තර්ජනයක් කිරීම අපරාධයක් නෙවෙයිද? රටේ නීතිය අදාළ නැද්ද.?

:       0       0

සේනක Friday, 11 May 2018 04:39 AM

ඒකනේ කියන්නේ පුත්තලම් දිස්ත්‍රික්කයට අයිති වෙන්නේ මේවගේ අය කියලා.මේ ගොල්ලන්ට පුරුද්ද අතහරින්න බැහැ කලිනුත් මෙහෙම තමයි.මේ පාර පිස්තොලය තිබ්බ විතරනේ කලින් පාර කරපු දේවල් ජනතාව දන්නවා.මේ වගේ අය තමයි අපි ජනතා නියෝජිතයෝ කියලා පත්කරලා යවන්නේ.මරු ජනතා නියෝජිතයෝ, යහපාලනයයේ ජනාධිපතිතුමයි අගමැතිතුමයි හොඳයිලූ. ඒකද දන්නෙනැ පිස්තෝලය පෙන්නලා මුදල් පාස් කරගත්තේ.

:       0       0

prakaash Friday, 11 May 2018 07:10 AM

මේ වගේ ඔලමොට්ටල දේශපාලුවන්ගෙන් රටට වන සෙත මොකක්ද?

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 653 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 838 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 359 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site