(විශේෂ මහේෂ් කිර්තිරත්න)
රත්තොට කන්දේනුවර ප්‍රදේශයේ දි පුද්ගලයකුට පහර දි ඝාතනය කිරිමේ චෝදනාව ඇතුලු චෝදනා තුනකට වරදකරුවන් වු එම ප්‍රදේශයේම පදිංචි එකම පවුලේ දෙදෙනෙකුට සහ තවත් පුද්ගලයින් තිදෙනෙකු ඇතුලු පුද්ගලයින් පස්දෙනෙකුට මාතලේ මධ්‍යම පළාත් බද මහාධිකරණ විනිසුරු එස්.යු .බි කරල්ලියද්ද මහතා විසින් (18)දා මරණ දඩුවම් නියම කළේය.
එලෙස මරණ දඩුවම නියමවුයේ රත්තොට කන්දේනුවර වැවළග ලැයිම පදිංචි දොරේසාමි චමිල්සෙල්වම් (37) සෙල්ලයියා බාලක්‍රිෂ්ණන් (46) ඉරුලන් ආඩි ගනේෂන් (41) දොරේසාමි මනෝහරන්(43) සෙල්වරාජ් ශිවසාන්තන් (36) පස්දෙනාට වන අතර 4 වන විත්තිකරුවන් දොරේසාමි චන්ද්‍රන් නඩුව විභාග වන කාලයේදි මියගොස් ඇත,
පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් මාතලේ පිහිටවු පළමු පළාත්බද මහාධිකරණයක ලබාදුන් පළමු මරණ දඩුවම ලෙස මෙම නඩු තින්දුව ඉතිහාසයට එක්වෙයි.
වසර 2004 ජුනි මස 20 දින රත්තොට පොලිස් වසමේ කන්දේනුවර ප්‍රදේශයේ ත්‍රිවිල් රථ රියදුරෙකු වන කරුණාකරන් සුරේෂ්කුමාර (24) අවිවාහක තරුණයකුට තුවාල සිදු කිරිම හා නිති විරෝධී රැස්විමක සමාජිකයින් ලෙස කටයුතු කිරිම, මරණයක් සිදු කිරිම , පහරදි තුවාල සිදු කිරිම, ඇතුලු චෝදනා පහක් යටතේ නිතිපතිවරයාගේ උපදෙස් මත විත්තිකරුවන් හට දණ්ඩ නිති සංග්‍රහය යටතේ අධි චෝදනා ගොනු කර තිබුණී.
මෙම විත්තිකරුවන් පස් දෙනාට එරෙහිව නගා ඇති පළමු චෝදනාවට එක් අයෙකුට මාස හයක බරපතල වැඩ සහිතව සිර දඩුවම් නියම කළ අතර ඊට අමතරව රුපියල් දසදහසක දඩමුදලක් නියම කළ අතර දඩ මුදල ගෙවිම පැහැර හැරයොත් මාස දෙක බැගින් සිරදඩුවමක් ද නියම කළේය.
පුද්ගල ඝාතනය චෝදනාවට මරණ දඩුවමද නියම කළ විනිසුරුවරයා තුන්වන චෝදනාවට වසරක සිර දඩුවම් ද නියම කෙරුණු අතර ඊට අමතරව රුපියල් දසදහසක දඩමුදලක්ද ගෙවිමට නියම කළේය.
එය ගෙවිම පැහැර හැරියොත් මාස දෙකක සිර දඩුවමක්ද නියම කෙරුණි.
හතර පහ චෝදනාවලින් විත්තිකරුන් නිදහස් කර තිබු අතර මරණකරුගේ සහෝදරයා වන කරුණාකරන් අශෝකන් යන අයට රුපියල් දස දහස බැගින් වන්දි මුදලක් ගෙවිමට නියෝග කළ විනිසුරුවරයා එම ගෙවිම පැහැර හැරියොත් මාස හය බැගින් සිර දඩුවම්ද නියම කළේය.
මෙම නඩුවේ මුලික සාක්ෂි විභාගය මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති අතර වැඩිදුර විභාගය මහනුවර පළාත් බද මහාධිකරණය විසින් සිදු කළ අතර එම අධිකරණයෙන් නඩුව විභාග කර මාතලේ පිහිටැවු නව මහාධීකරණයේදි 18දා මෙම නියෝගය සිදු කළේය.
ෙපැමිණිල්ල රජයේ නිතිඥ යසිදු සෙනවිරත්න මහතා මෙහෙය වු අතර පළමු සහ දෙවන විත්තිකරුවන් වෙනුවෙන් නිතිඥ ජිවනි අතුකෝරළ මහත්මියද තුන්වන පස්වන හා හයවන විත්තිකරුවන් වෙනුවෙන් නිතිඥ ශ්‍රි ලාල් පේමවර්ධන මහතා ද පෙනි සිටියහ.
2025 දෙසැම්බර් මස 16
100
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
902
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මිනී මැරීමක් කළ 5 දෙනකුට මරණ දඬුවම්
wedage Thursday, 19 December 2019 11:15 AM
සර්පයාට මේ මොකුත් නැහැනේ..