IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වුවත් ලංකාවට සහාය ලබාදෙනවා - ඇමෙරිකා තානාපති

හර්ෂණ තුෂාර සිල්වා

සංහිඳියා ක්‍රියාවලියේදී මෙන්ම දීර්ඝකාලීන සාමයක් උදා කරදීමේ ක්‍රියාවලියේදී ඇමෙරිකා එක්සත් ජනපදය ජාත්‍යන්තරයේදී ශ්‍රී ලංකාවට පූර්ණ සහයෝගය ලබාදෙන බව  ඇමෙරිකා එක්සත් ජනපද තානාපති අතුල් කෙෂාප් මහතා මෙරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවෙමින් ප්‍රකාශ කර තිබේ. 

ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වන බව ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ඊයේ (19) නිවේදනය කිරීමෙන් අනතුරුව තානාපතිවරයා අද (20) මෙලෙස ශ්‍රී ලංකා නිලධාරීන් හමු වී තිබේ. 

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන කොළඹ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ජාත්‍යන්තරයේදී ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට උපරිම සහයෝගය ලබාදෙන බව ද සඳහන් කර තිබේ.  

ශ්‍රී ලංකාව ඇමෙරිකා එක්සත් ජනපදයේ සමඅනුග්‍රහය ඇතිව 2015 වසරේදී 30/1 සහ 2017 වසරේදී 34/1 යනුවෙන් යෝජනා දෙකක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලදි. අදාළ යෝජනාවල ඇති කරුණු සපුරා ගැනීමේදී ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පූර්ණ සහයෝගය ලබාදෙන බව ද අදාළ නිවේදනයේ සඳහන් වේ. 

අදාළ යෝජනාවල ඇති කරුණු සපුරා ගැනීමේදී ශ්‍රී ලංකාව ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති අතර ඉදිරියේදීත් ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ද්විපාර්ශීය සබඳතා ශක්තිමත් කරගන්නා බව ද එහි සඳහන්ව කර ඇත. ලොව පුරා මිතුරන් සහ පාර්ශවකරුවන් ඇති කරගැනීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව තවදුරටත් තහවුරු කරගැනීමට ද ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සහයෝගය දෙන බව ද එහි සඳහන්ව ඇත. 

 

 



අදහස් (5)

මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වුවත් ලංකාවට සහාය ලබාදෙනවා - ඇමෙරිකා තානාපති

lalith Wednesday, 20 June 2018 08:17 PM

මොන සහයක් ඉල්ලන්නවද? අපිත් ඕකෙන් අයින් උනානම් ඉවරනේ?

:       0       12

රවින් Thursday, 21 June 2018 02:29 AM

ලොකුම සහය තමා ලොව සිටින සියලු අන්තවාදී කොටස් වලට සහය නොදැක්වීම.

:       0       23

don juan Thursday, 21 June 2018 03:40 AM

උපරිම සහයෝගය නම් කරදර නොකර සිටීමෛ.

:       0       0

Jayantha Thursday, 21 June 2018 05:22 AM

බොහොම හොද දෙයක්

:       4       0

rasika Thursday, 21 June 2018 02:34 PM

දැන් ඇමරිකාවම නේද කියන්නේ මානව හිමිකම් කවුන්සිලය පක්ෂපාති කියලා සාධාරණ නැ කියලා. ඉතින් ඒගොල්ලන්ගේ අසාධාරණ ඒවා අපි මොකටද ක්‍රියාත්මක කරන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 653 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1107 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site